ජනාධිපතිවරණයට මෙහෙම නොවේවා...!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජනාධිපතිවරණයට මෙහෙම නොවේවා...!

    මෙහෙම නොවේවා...!
    ------------------------
    නුදුරු අනාගතයේ යම් දිනකි. ජනාධිපතිවරණයට ඇත්තේ තව සතියක පමණ කාලයකි.
    තරඟය උණුසුම් ය. ප්‍රධාන පිල් තුනක් වටා පිරිස් රොක් වී ඇත. එක් පිලක් රාජපක්ෂ-පාක්ෂිකයින් ය. විවිධ හේතූන් මත ඔවුහු මහින්ද රාජපක්ෂ තුන්වන වරට ද පත් කිරීමට බලාපොරොත්තු වෙති. තව පිලක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වටා රොක් වූ එ.ජා.ප., ජ.වී.පෙ., සුළු ජාතීන්ගේ බහුතරය ආදී පිරිසයි. තෙවැනි පිලේ සිටින්නේ, හෙළ උරුමය මහින්දට විරුද්ධව කථා කළ නිසා, බොදුබලසේනාවේ අපේක්ෂකයාට ඡන්දය දීමට බලා සිටින පිරිසයි.
    මේ පිල් තුනම සිය ඡන්ද ව්‍යාපාරයේ අවසන් අදියර කරා පැමිණ සිටිති. තව කීප දිනකින් තරඟය නිමා වේ....
    ...නමුත් අවසන් සතිය උදාවත්ම කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවේ.
    ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවක් කැඳවන මෛත්‍රිපාල සිරිසේන මහතා, තමා ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවද, පොදු විපක්ෂ සන්ධානය විජාතික සහ දෙමල-මුස්ලිම් කුමන්ත්‍රණකාරී පුස්සක් බව පවසා තරඟයෙන් හදිසියේ ඉවත් වෙයි.
    පොදු විපක්ෂය මෙන්ම ඔවුන්ගේ ඡන්දදායකයින්ද වික්ෂිප්තව ඒ මේ අත දුවමින් කුලල් කා ගනිති. අවසන, හදිසියේ නව පොදු අපේක්ෂයෙක් නම් කරති. ඔහුට ලැබෙන්නේ ඡන්ද අතලොස්සක් පමණි.
    ඒ සතියෙම මාධ්‍ය හමුවක් කැඳවන බොදුබලසේනාව කියා සිටින්නේ තමා හමුවේ සිංහල බෞද්ධකම රැකීමට මහින්ද රාජපක්ස ප්‍රතිඥාවක් දී තිබෙන නිසා, ඔවුන්ද තීරණය වෙනස් කර ඇති බවයි. ඒ නිසා රටට සුදුසුම නායකයා මහින්ද රාජපක්ෂ බව ගලබොඩ අත්තේ හිමි තැන රටට දැනුම් දෙති.
    බලසේනා/හෙළ උරුම පාක්ෂිකයින් සමහරක් මේ හදිසි වෙනස් වීමෙන් කලකිරුණද, විපක්ෂයේ ද සුදුසු අපේක්ෂකයෙන් නොමැති නිසා ඡන්දය දීමෙන් වැළකෙති. අනෙක් අය මහින්දටම කතිරය ගසති.
    අවසන, සතියකට පළමුව ඉතා උණුසුම්ව තිබූ ජනපතිවරණ සටන ඉතා පහසුවෙන් ජයගෙන, තෙවැනි වරටත් විධායක ජනාධිපති ලෙස මහින්දම පත් වෙයි...

    - මීට, hoping against hope වී සිටින වැද්දා


    :baffled::baffled::baffled::dull::no:

    https://www.facebook.com/lankadivasi?fref=nf
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව්.මුන්ව හරියටම ෂුවර්ද කියලා ෂුවර්නම් දාන්න.නැත්නම් රනිල්ට ලේසියෙන් දිනන්න පුලුවන්. හැබයි එහෙම කරොත් මහින්දට තියෙන චන්ද ටිකත් නැතිවෙයි.කොහොම වුනත් ස්ටෑන්ඩ් බයි එකෙක් දාන එක හොඳයි. මට නම් ෂුවර් චන්ද්‍රිකා විතරයි.රනිල් ෂුවර්.ෆොන්සේකා ෂුවර්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමත් නොමිනේෂන් දෙන්න ඉන්නේ.මෛත්‍රි අයින් වුනොත් මම ජනාධිපති වෙනවා.හැබයි මම ප්‍රෙසිඩන්ට් වුන ගමන් මම ඕක අහෝසි කරන්නේ නෑ.ආමි එකත් එක්ක එකතුවෙල ‍රැඩිකල් ගවන්මන්ට් එකක් ගෙනියනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෛත්‍රිපාල ප්‍රමුඛ විපක්ෂ කන්ඩායම මහින්දගේ දැඩි විවේචනයක් ගෙනියන්න ඕන.නැත්නම් මුන්ව ට්‍රස්ට් කරන එකක් නෑ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට නම් ෂුවර් චන්ද්‍රිකා විතරයි.රනිල් ෂුවර්.ෆොන්සේකා ෂුවර්.

    මටනම් උන් තුන් දෙනා ඉල්ලුවොත් පරදිනව කියලනම් ශුවර්

    මෛත්‍රි අයින් වුනොත් මම ජනාධිපති වෙනවා

    අප්පටසිරි
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මමත් නොමිනේෂන් දෙන්න ඉන්නේ.මෛත්‍රි අයින් වුනොත් මම ජනාධිපති වෙනවා.හැබයි මම ප්‍රෙසිඩන්ට් වුන ගමන් මම ඕක අහෝසි කරන්නේ නෑ.ආමි එකත් එක්ක එකතුවෙල ‍රැඩිකල් ගවන්මන්ට් එකක් ගෙනියනවා


    what about KEVIN ? :lol::lol::lol: