ජනාධිපතිවරණය ජය ගැනීමේ ගණිතය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජනාධිපතිවරණය ජය ගැනීමේ ගණිතය

මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමේ ගණිතය චම්පික හදා ‌පෙන්වයි..!

Champika-Maths-for-presidential-Election-2020.jpg



පොහොට්ටුවේ අය මායාවක් ‌පෙන්වන නමුත් අපේක්ෂකයා කවුරු වුවද, මෙවර ජනාධිපතිවරණය ජයග‍්‍රහණයට නම් ඡන්ද ලක්ෂ 65 ත් 70 ත් අතර ලබාගත යුතුම යැයිද, ‌පොහොට්ටුවට තිබෙන ලක්ෂ 49 කියන්නේ ලක්ෂ 65 නොවන්නේ යයිද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල සහ කර්මාන්ත ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2014 සැප්තැම්බර් මාසේ තමයි ඌව පළාත් මැතිවරණය තිබ්බේ. එහි ප‍්‍රතිපළ නිකුත් කෙරෙන කොට උදේ පාන්දර 5.00යි. ඒ වෙලාවේ දුරකතන ඇමතුමකින් එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපව කැඳෙව්වා. එහිදී බැසිල් රාජපක්ෂ මහත්මයා අපට ප‍්‍රසන්ටේෂන් එකක් පෙන්නුවා. එහි තිබුණේ පළාත් නමයෙම ඡන්ද ප‍්‍රථිපල නිකුත් කෙරිලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්ෂ 50 ක් ඡන්ද අරන් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 24 යි, ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ තුනහමාරයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුන් ලක්‍ෂ හැත්තෑපන් දහසයි. දෙමළ සන්ධානය ලක්‍ෂ පහයි. අපි ලක්ෂ පනහයි. මුලූ ඒකාබද්ධ විපක්ෂයම එකතු කළහම ලක්‍ෂ 36 යි කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා නැගිටලා කිව්වා මම ඉක්මනින් ජනාධිපතිවරණය තියන්න යනවා ලැහැස්ති වෙන්න කියලා. ලක්ෂ පනහක් එක්සත් ජනතා සන්ධානයේ, විපක්ෂයේ සියලූම දේ එකතු කළත් ලක්ෂ 36 නිසා ඉතාම පහසු ජයක් තියෙනවා වගේ හැමෝම බොහොම සතුටින් විසිරිලා ගියා.

මම වචනයක්වත් කිව්වේ නැහැ. මම එළියට යනකොට මහින්ද මහත්මයා කතා කරලා ඇහුවා ඇයි ඇමතිතුමා මොකුත්ම කතා කළේ නැත්තේ ඔයත් ගණන් කාරයෙක්නේ මොකද කියන්නේ බැසිල්ගේ ගණන් ගැන කියලා. මම කිව්වා ඔබතුමා පරාදයි කියලා. කොහොමද එහෙම වෙන්නේ ලක්ෂ 50 ද, ලක්ෂ 36 ද ලොකු කියලා මගෙන් ඇහුවා. බැලූ බැල්මට එය තමයි ඇත්ත. මම එතුමාට කිව්වා ඔබතුමා බලගතු ප‍්‍රතිසංස්කරණයක් නොකළොත් ඔබතුමා පරාදයි. හේතුව මේ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දී තිබෙන්නේ 65% යි. නමුත් ජනාධිපතිවරණයේදී 85% ක් ඡන්දය දෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ජය ගන්න ඔබතුමාට ලක්ෂ 60ක් ඕනේ. 60 පන්නන කෙනා තමයි දිනන්නේ. පනහෙන් හැට හැදෙන්නේ නැහැ. ඉතුරු ලක්ෂ 10 ගන්න එක අතිශය දුෂ්කරයි, ඔබතුමා ගැන, ඔබතුමාගේ පවුලේ අය ගැන මේ රටේ ඇතිවී තිබෙන තත්වය අනුව, මේ රටේ ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණයක් කරන්න කියලා මම යෝජනා කළා. එතුමා ඒක මට යෝජනා කරලා ලිඛිතව එවන්න කිව්වා. මම ඔක්තොම්බර් 24 වෙනිදා එතුමාට ලියවිල්ලක් දුන්නා කළ යුතු ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිසංස්කරණයයි, විධායක ජනාධිපතිධූරයයි, පවුලේ කටයුතුයි සේරමත් එක්ක.

මම කිව්වා මේ පාරනං හැබැයි දෙන්නං කාසිවලට බැහැ. මේ පාර නම් උත්තරයක් ඕනේ කියලා. එතුමා මට නොවැම්බර් මාසේ 15 වෙනිදා ලිපියක් එවලා කිව්වා ඒ කිසිවක් ඉටු කරන්න බැහැ කියලා. ඊ ළඟ ජනාධිපතිවරණයෙන් පසුව බලමු කියලා ඒ කියන්නේ 2020 දී. මම එතුමාට ගෙදරටම ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා 18 වෙනිදා පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා මෙයාව අයින් කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඡන්දෙට ගියා. අපි දන්නවා අපේ පක්ෂවලත් හිටපු හුඟක් අයට විශ්වාසයක් තිබුණේ නැහැ. එම ඡන්දයෙන් මහින්ද මහත්මයාව පරද්දන්න පුලූවන් වෙයි කියලා. නමුත් අපි ඒ ඡන්දය දිනුවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා ලක්ෂ 62 යි. මහින්ද මහත්මයා ලක්ෂ 58 යි. දැනුත් මේ මායාව පොහොට්ටුවේ කට්ටිය කරගෙන යනවා පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලයෙන්. ඒ ගොල්ලො ගෙවල්වලට බෙදාගෙන යන අර ගම සමග පිළිසඳරක් මගින් පෙන්වන්නේ මොකද්ද, ඒ අය ලක්ෂ 49 යි. යූඇන්පීය 36 යි යනුවෙන් අර 2014 කෑල්ලම තමයි කියාගෙන යන්නේ.

අපි එක් දෙයක් මතක තබා ගත යුතුයි. මෙවර ලක්ෂ 158 ක් ඡන්දය දෙනවා. එයින් වලංගු ඡන්ද අනිවාර්යයෙන්ම ලක්ෂ 135 - 140 ත් අතර එනවා. ජයග‍්‍රාහකයා කවුරු උනත් ලක්ෂ 65 - 70 ත් අතර ගන්නම ඕනේ. ලක්ෂ 49 කියන්නේ ලක්ෂ 65 නෙමෙයි" යැයි පැවසීය.
 

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔය කතාව බොරු. නිදහස් පක්ෂෙන් කැඩිලා ගිය සිරිසේනගේ ජන්ද ලක්ශ 15 ක් විතර ඒ ලක්ශ 62 තිබ්බා..මොනවා නැතත් ජෙවිපි එකටත් ලක්ශ 5 ක් විතර තිබ්බා ඒකාලේ. හෙල උරුමයටත් ලක්ෂ 2 ක් විතර තිබ්බා.එතකොට ඒ ලක්ශ 22 අඩු උනාම UNP එකට එන්න තිබ්බේ ලක්ෂ 40 ක් වගේ. බැසිල් අනුමාන කරපු ගාන හරි.එහෙනම් ඔය ගාන හදද්දි පාටලී දැනගෙන ඉදලා තියෙනවා සිරිසේන,JVP, හෙල උරුමය පනිනවා කියලා. හැබැයි එහෙම වෙලා නෑ සිරිසෙන පනිනවා කියලා සිරිසේනත් තීරනය කලේ අවසාන මොහොතේ.එහෙනම් කාගේ ගනන්ද හරි.. එතකොට එහෙමනම් මේ ඌව පළාත් සභාව තිබ්බ කාලේ පාටලි කාලයන්ත්‍රයක් හරහා අනාගතේට ගිහිල්ල වෙන්න ඇති ගනන් හදන්න ඇත්තේ. සිරිසේන පැන්නේ නැත්තන් බැසිල් හදපු ගණන් හරියටම හරි.කරුමෙට සිරිසේන පැන්නේ නැත්තන් අද පාටලීට කියන්න වෙන්නේ පාටලීගෙ ගනන් වැරදුන හැටි ගැන.ඔය කතා දැන් කියන්නේ මිනිස්සුන්ගේ හිත් වල දෙගිඩියාවක් ඇති කරලා අඩුම තරමේ ජන්ද දෙක තුනක්වත් කඩා ගන්න පුලුවන්ද බලන්න
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු මලත් මොකෝ ජනදිපතිවරණේ දිනලා නේ ? අනේ උඹ වගේ හුකාබරීස් යකෙක්
     

    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    ජනාධිපතිවරනය දිනන්න කලින් අපේක්ෂකයෙක් හොයා ගන්න ඕන පොහොට්‍ටුව.අඩුම ගානේ ලංකාවේ සිටිසන් කෙනෙක් නැති පෙන්දො ටිකක් මහ ලොකු ලක්ෂ 70ක් ගන්න කතා:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපතිවරනය දිනන්න කලින් අපේක්ෂකයෙක් හොයා ගන්න ඕන පොහොට්‍ටුව.අඩුම ගානේ ලංකාවේ සිටිසන් කෙනෙක් නැති පෙන්දො ටිකක් මහ ලොකු ලක්ෂ 70ක් ගන්න කතා:lol:

    යකෝ මේ යන විදිහට පොල් පිත්තක් දැම්මත් address නැහැ...දැන් ආයේ හීන ලෝකේ අතරමන් වෙයන්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    machan ubata weda nedda boru danne

    Champika thiya den oya anduwe moka kiuwath minissu ahanne ne
    2020 unp hedigewilama yanawa

    A chandayak thibbothne :baffled::baffled::baffled:

    Ara naluwek nemeyi eluwek dial ekawa pannaganna lesi wenne na.:no::no::no::no::no:

    Paksha nayaka kamen pannagannath beri una eke dan kohe pannannada :oo::oo::oo:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    ඉල්ලා අස් වියයුතු ජනාධිපති සහ අගමැති ඊළඟ ජනාධිපතිවරණය ට තරඟ කරන්නේ මිනිස්සු මැරුණා ට sorry මට vote කරන්ඩ කියල ද?
    ජාතික ආරක්ෂාව වත් සපයන්න බැරි fail උන උන්ට මොකටද අපි ඡන්දෙ දෙන්නේ? සංගක්කාර වගේ එකෙක් දාන හින්දා ද?

    මැරුණු රනිල්ට සේලයින් බෝතලේ ගහලා අගමැති කරවන්න හදන උඹ දැක්කම අපිට මොනවා හිතෙනව ඇතිද කියලද උබට හිතෙන්නේ?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ජනාධිපතිවරනය දිනන්න කලින් අපේක්ෂකයෙක් හොයා ගන්න ඕන පොහොට්‍ටුව.අඩුම ගානේ ලංකාවේ සිටිසන් කෙනෙක් නැති පෙන්දො ටිකක් මහ ලොකු ලක්ෂ 70ක් ගන්න කතා:lol:
    GOTA


    https://uk.reuters.com/article/uk-s...-president-tackle-radical-islam-idUKKCN1S21UD


    duwapan dan :lol:
     
    • Like
    Reactions: nicjosh83

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට පේන හීන තමා අය මිනිස්සු ලනු කන් නැ
    බලපන්කො චන්දයක් තියනකම් ඒ වෙනකම් උබ උබේ ඔය හීන ලෝකේ අතරමන් වෙලා හිටපන් කො
    ඊට පස්සේ අපි මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්
    චම්පික නෙවෙයි දැන් අයිස්ටයින් ඇවිල්ල ගණන් හදලා කිව්වත් වැඩක් නැ