ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන


    0%2C%2C18079101_303%2C00.jpg

    copyright : ramachandrageadaviya-ramachandra blogspot

    < re-post : cant load the original post>
    <first paragraph is removed for simplicity >

    මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප‍්‍රිය දේශපාලන වේදිකාව ධ‍්‍රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ බලවේග එකිනෙකාට එරෙහිව කදවුරු ගැසෙමින් සිටී. ‍මේවා එක්තරා ආකාරයක මල් වෙඩි සංදර්ශනයන්ය. අදහස් තලය තුළ මොවුන් ඉදිරිපත් කරන විවිධ ප‍්‍රකාශන පවතී. ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ‍්‍රමයයි. මෙය උසස් සදාචාරාත්මක සංකල්පනාවක් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. රටට ආදරය කිරීම හොද දෙයකි. ඒ නිසා ඔබ සන්ධානයට ඡන්දය දෙන්න. අනිත් අතට විපක්ෂ කණ්ඩායම් කදවුරු ගැසී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති අදහස ඉදිරියට දමමිනි. යහපාලනය සහ ඒකාධිපතිවාදයට තිත තැබිය යුතු නම් ඔබ විපක්ෂයට ඡන්දය දෙන්න. මෙම අදහස් දෙකෙන් සදාචාරාත්මක වශයෙන් උසස් අදහස කවරේද යනුවෙන් මහජන මනස තුල තහවුරු වන අදහස ජය ලබනු ඇත.


    ප‍්‍රශ්නය මෙයයි. මේ ප‍්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප‍්‍රකාශිතය’ සහ ‘ප‍්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. උදාහරනයක් ලෙස ‘රටට ආදරය කිරීම’ නමැති අලංකාරිකය ගනිමු. මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප‍්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍රව්‍යමය වරප‍්‍රසාද සම්භාරයක් ඒකරාශී කරගෙන සිටී. රාජපක්ෂ ගජමිතුරන් ව්‍යාපාර ලෝකයේ අත්පත් කරගෙන තිබෙන බලයේ සිට විමල් වීරවංශගේ ලයිට් බිල දක්වා මෙකී වරප‍්‍රසාද පරාසය විහිදේ. මේ වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමටත්, ඒවා වඩ වඩාත් තහවුරු කර ගැනීමටත් ඔවුන්ට උවමනාය. ස්වකීය එකී වරප‍්‍රසාද තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට ඡන්දය දෙන මෙන් ඔවුන්ට සමාජයෙන් ඉල්ලා සිටිය නොහැක. ඒ සදහා වඩා දිලිසෙන අලංකාරිකයක් අවශ්‍ය වන අතර දේශපේ‍්‍රමය ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ එයයි.

    විපක්ෂයේ පෙල ගැසීම ද එබදුය. ආර්ථික ක්ෂේත‍්‍රය තුල පසුගිය වසර කිහිපයක කාලය තුල සිදුවූ රාජපක්ෂකරනය හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික ධනපති හා ඉහළ මධ්‍යම පංතික කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග යම් විරසකයක් ඇති කරගෙන සිටී. ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩයට කැමති එහෙත් මහින්දට අකමැති කොලඹ කේන්ද්‍රීය ඉහල මැද පංතිය මේ මොහොතේ ප‍්‍රබල ආන්ඩු විරෝධී භූමිකාවක් රගදක්වයි. මහින්ද රාජපක්ෂ ඉංග‍්‍රීසි කථා කරන ආකාරය හාස්‍යයට ලක්කරන පුස්වෙඩිල්ල වැනි ප‍්‍රභූවාදී නාට්‍ය වලින් ප‍්‍රකාශයට පත්වන්නේ එකී මානසිකත්වයයි. රනිල් වික‍්‍රමසිංහ - චන්ද්‍රිකා කුමාරතුංග - සරත් ෆොන්සේකා යනාදීන්ගේ ක‍්‍රියාකාරීත්වය සදහා ඉන්ධන සපයන ගාමක බලවේගය වන්නේ මෙම සමාජ තීරුවේ අභිලාෂයන්ය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට රටට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කල චන්ද්‍රිකා කුමාරතුංග දැන් නැවත විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැස තිබෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ පසුගිය කාලයේ යෝජනා කල විධායක අගමැතිධූරය අතර තිබෙන සංකල්පීය වෙනස කුමක්ද? මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සැබෑ ප්‍රශ්නය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටලුවද? රාජපක්ෂ පවුල තමාට නොදී තනිවම කෑම පිලිබද ප්‍රශ්නයද? ප‍්‍රකාශිතය සහ ප‍්‍රකාශකයා අතර පරතරය එබදුය.

    මෙලෙස ආධිපත්‍යයධාරී ප‍්‍රභූ සමාජ කන්ඩායම් සදාචාරමය සටන් පාඨ ඉදිරියට දමන්නේ ඒ වටා නිර්ප‍්‍රභූ සමාජ කොටස් පෙල ගස්වා ගැනීම සදහාය. මේ කිසිවෙක් ප‍්‍රකාශ කරන දෙය සම්බන්ධයෙන් අවංක නොවෙති. ප‍්‍රකාශිත තලයේ වර නැගෙන අදහස් වල සැබෑව හදුනා ගැනීමට නම් ඒවා ප‍්‍රකාශ වන භෞතික පසුතලය හදුනාගත යුතුය. විවිධ සදාචාරාත්මක වැකි හා ප‍්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප‍්‍රකාශයේ හරය අදටත් අදාලය.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    copyright : mathalan blogspot

    ටක් ගාලා වරෙන් පුතා අගුළු නෑ සැලුන් දොරේ...
    කාපන් ඕන දෙයක් අඩු නෑ බඩු කාමරේ....
    ආවම සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
    දෙන දේ කකා හිටින් සද්ද එපා බර බරේ....

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ...
    මේක රටටම පුල් ආතල් දෙන කාමරේ....
    මෙ මේක ආසියාවේ වන්ඩ බාර් කාමරේ...
    මේක දන්සැල වගෙ පෝලිමෙ කන කාමරේ...

    කුඩු කන්ටේනර්ලා, එත නෝල් පප්පලා...
    මාල කඩාලා, එයි මෙහෙ සොමිය සොයාලා...
    කඳ ඉඳිමි, බඩ වැඩිවී, බෙලි නැති වීලා...
    යන්න යන්නේ කෝටී ගනන් හොඳට ගරාලා...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    රවින්ද්‍රලා, මාලනීලා, පිස්සු ජැකාලා....
    අලි වංසෙන් වැඩ පෙන්වන, සෝමරතනලා....
    ෂී ජී පිං, අබේ අයියා, ජේම්ස් පැකර්ලා....
    ෆොරින් ප්‍රොජෙක්ට්, කැසිනෝ බැසිනෝ, යයි විසි කරලා...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    ජීනීවා වලින්, බැරිනම්, හේග් සිටි එකෙන්....
    ඇලිගේසොන් ආවත් මට ළොව හතර වටින්...
    ෆේස් ටූ ෆේස් එනවා නම්, දෙමි පුකට පයින්...
    ඇපි බය නෑ, අපි බෙන්තර ගඟටත් පහළින්....

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    මුල අමතක, ගුණමකු, පනිනා උන් මගෙ පුත...
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...
    සුමනදාස ගාව තියේ.... මගේ නැකත් පත...
    මම තාමත් පෙරලනවා, මගෙ චින්තන පොත...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....
     
    • Like
    Reactions: sumbaraya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    හඳපාන නැතත් තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු
    copyright w3lanka by Ajith Parakum



    පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය.

    මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග්‍ර රනිල් විරෝධියෝ ද වූ හ.

    සාමාන්‍යයෙන් මොවුන්ගේ අදහස් ප්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි.

    හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ.


    ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයින්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි.

    මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලු ආදියයි.

    ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි,සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළේ රනිල්ට කෙළවීම ම අරමුණ කරගෙන ය.

    ඔවුන් මෛත්‍රීපාලට අකැමැති යයි කියන්නේ මෛත්‍රීපාල පසුගිය කාලයේ සිටියේ මහින්දගේ ආණ්ඩුවේ නිසා ය. ඔහු සමග එළියට එමින් සිටින්නේ ද සොරුන් පිරිසක් නිසා ය. හැබැයි, ඔවුහු මෛත්‍රීපාල දූෂිතයකු බව තවම නො කියති.අපි නම් ඔහුගේ පිරිසිදුභාවය මනින්නේ සාපේක්ෂව පමණි. ඔවුන් මෛත්‍රීපාල සම්බන්ධයෙන් කියන්නේ ද ඔහුට මහින්ද පරදවන්නට බැරි බව ය. පණ මදි බව ය. කැඩී ආ කට්ටිය මදි බව ය. ගැම්මක් නැති බව ය.

    ප්‍රගතිශීලීන්ගේ වේෂයෙන් පෙනී සිටිමින්, මෙම සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙන සුවිශේෂ බලවේගයක් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ අය අතරින් ප්‍රධාන ම බලවේගය වන්නේ ජවිපෙ හා එයින් කැඩී වෙන් වූ කණ්ඩායම් සමග සිටින පහළ මධ්‍යම පංතික කොටස් ය. ඔවුන් සමග කතා කර බැලූ කල දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැතිකමයි. එය ඉතා සංකීර්ණ තත්වයකි. මෙම බලවේගය කැඩී විසිරී, සීසීකඩ ගොස්, අතිශය පෞද්ගලික උන්නතිකාමී, පාරිභෝජනවාදී ජීවිතවලට නතු වී තිබෙන මුත්, ඔවුන් වැඩි දෙනෙක් තවමත් ඉතා ව්‍යාජ ලෙස පක්ෂ හැදීම, විප්ලව කිරීම සඳහා පංති කිරීම ගැන කතා කරති. නමුත් ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ගෙවල් හැදීම හා ළමයින් දොස්තරලා කරන්නට පංති යැවීම වැනි දේ ය. මේ සමාජ බලවේගය වනාහි නියම හොරට බුදියන්නෝ පිරිසකි. සැබැවින් නිදා ගත් එවුන් අවදි කළ හැකි මුත් හොරට බුදිය ගත් එවුන් අවදි කරන්නට බැරි ය.

    මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය.
    මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.

    මෙහිදී කිසියම් ඉදිරිගාමී බවක් පෙන්වන අතුරලියේ රතන හිමි හැර ජාතික හෙළ උරුමය ද සිටින්නේ මේ හොරට බුදියන මධ්‍යම පංතිකයන්ගේ පිලේ ය. ඔවුන් ද සොයමින් සිටින්නේ පොදු අපේක්ෂකයා මගහැර කට්ටි පනින්නට මාර්ගයකි.

    සත්‍ය වශයෙන් ම වර්තමානයේ පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ කාට ද යන්න ද ඇත්තෙන් ම ප්‍රශ්නයකි. පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ මා දුටු වීඩියෝවක් මට සිහිපත් වෙයි. මෛත්‍රීපාලගේ කරණම ආසන්න දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයකුට ආසන සංවිධායකකමක් දීම වෙනුවෙන් පැවැත්වුණු එම රථ පෙළපාලිය අතිශය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එහි ඉදිරියෙන් ගමන් කළ මෝටර් සයිකල් රෙඩ් බුල් පන්නයේ ධාවනයක යෙදීමට උත්සාහ කළේ ය. පෙළපාලිකරුවන්ගේ රථ ගමන් කළේ තනිකර ම නීති විරෝධී අන්දමට ය. ආණ්ඩු වෙනසක් අවශ්‍ය ව සිටින ප්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙවැනි පිරිසක් වෙති. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ වත්මන් දූෂණ යාන්ත්‍රණයේ ධූරාවලිය තුළ තමන් ස්ථාපිත වී ක්‍රමය මේ අන්දමින් ම ගෙන යන්නට ය.

    මේ වැඩි දෙනෙක් තමන් සතු කිසිවක් අතහැර සමාජය වෙනස් කිරීමට සූදානම් නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණයට පිංපඩියකින් හෝ ගැට ගැසී සිටින ලංකාවේ දූෂිත ඡන්දදායක ප්‍රජාව තුළ ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. රාජපක්ෂ පාලනයේ ඍජු හා වක්‍ර පාලනයට නතු ජනමාධ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය මුග්ධත්වය සමාජය තුළ ඇති කරනු ලැබේ.

    මෙතැන තිබෙන්නේ බලය මාරු කිරීම පිළිබඳ උවමනාවක් පමණි. සරළව කීවොත්, මහින්දලා කෑවා ඇති, අරලියගහමන්දිරයේ සිට ගොවි සංවිධානය දක්වා එයාගේ කට්ටිය නැටුවා ඇති යන කාරණයයි.

    ඒ අතින් බැලුවා ම මෛත්‍රීපාල සත්‍ය වශයෙන් ම වෙනසක් කිරීමේ උවමනාවක් ඇති නායකයෙක් ලෙස සැලකිය හැකි ය. ඔහුට මේ රටේ නායකයා වන්නට ආසාවක් තිබීම ගැටලුවක් නො වේ. නිමල් සිරිපාල මෙන් තමන්ගේ තරගකරුවන් විපක්ෂයට පන්නා ඒ ඉඩට ආදේශ වීමට උත්සාහ කිරීම වෙනුවට, තමන් සතු සුවපහසු තත්වය අතහැර වෙනසක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට ඔහුට ඇති ආත්ම ශක්තිය ගරු කළ යුත්තකි.

    එහි සුවිශේෂත්වය තිබෙන්නේ ඔහු ඉදිරියට එන්නේ සරත් ෆොන්සේකාගේ අභාවාචක අත්දැකීමෙන් ද පසුව වීමයි.

    අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්‍රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි.

    මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවකාශය ප්‍රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප්‍රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත්‍රී පාර්ශ්වය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත් ය.

    මෙහිදී මෛත්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද?

    ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.

    මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.

    අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද?

    එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?

    හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි.

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි.
     
    • Like
    Reactions: EUMA175

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය.
    මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.


    මේ ගැන කතා කරලා ඇති එළකිරියේ ඕනි තරම්

    අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්‍රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි.

    මේක හරියට හරි.


    ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.


    වැඩි හරියක් ඉන්නේ වහල්ලු නේ. ඕව කතා කරලා වැඩක් නැහැ


    අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද?

    එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?


    මහින්ද රට විනසම කරනවා.
    පොල් ගෙඩියට මිනීමරන මිනිස්සු හැදේවි
    තව තවත් අපචාර වැඩිවෙයි
    බුද්දාගම කියන දේ නැත්තට නැතිවෙලා, අලුත් පරම පරව චිවරේට කෙල ගහන තත්වයක් එයි.
    මුස්ලිම් ප්‍රශ්නේ තව ඔඩු දුවයි... අන්තිමට එකට වෙන්නෙත් තවත් සිවිල් යුද්දයක්

    හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි.

    එකට විකල්පය මහින්ද රනිල් දෙන්නම් නෙමයි

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි

    හද පයනකම් තරු පයනකම් බලන්න ඉන්නේ නැතුව මිනිස්සු තමන්ගේම කියලා පන්දමක් පත්තු කරගත්ත දවසට රටට හරියාවි. ඉර හද රජවරුබ්ගෙන් විමුක්තිය හොයන මිනිස්සු සදා වහල්ලු තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපොයි දිග වැඩියි බන් කියවන්ඩ ගියාම එපා වෙනව් බම්ප්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපොයි දිග වැඩියි බන් කියවන්ඩ ගියාම එපා වෙනව් බම්ප්

    දිග තමයි. එත් ලිපියේ හරවත් දේවල් තියෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    බුද්දාගම කියන දේ නැත්තට නැතිවෙලා, අලුත් පරම පරව චිවරේට කෙල ගහන තත්වයක් එයි.
    මුස්ලිම් ප්‍රශ්නේ තව ඔඩු දුවයි... අන්තිමට එකට වෙන්නෙත් තවත් සිවිල් යුද්දයක්

    මුස්ලිම් ප්‍රශ්නය සහ සමහර සිංහල සංවිදාන වල ක්‍රියාකාරිත්වය වගේ දේවල් හරියට කළමනාකරණය නොකරොත් අනාගතේ ලොකු ප්‍රසන වලට මුණ දෙනවා. තමුන්ගේ දේශපාලනය ගමනට මේවා ආදාරක කරගන්න එක තමයි ප්‍රදාන පක්ෂ දෙකම කරන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දාගම කියන දේ නැත්තට නැතිවෙලා, අලුත් පරම පරව චිවරේට කෙල ගහන තත්වයක් එයි.
    මුස්ලිම් ප්‍රශ්නේ තව ඔඩු දුවයි... අන්තිමට එකට වෙන්නෙත් තවත් සිවිල් යුද්දයක්

    මුස්ලිම් ප්‍රශ්නය සහ සමහර සිංහල සංවිදාන වල ක්‍රියාකාරිත්වය වගේ දේවල් හරියට කළමනාකරණය නොකරොත් අනාගතේ ලොකු ප්‍රසන වලට මුණ දෙනවා. තමුන්ගේ දේශපාලනය ගමනට මේවා ආදාරක කරගන්න එක තමයි ප්‍රදාන පක්ෂ දෙකම කරන්නේ.

    kelinma liyanna bbs thayai නියපොත්තෙන් කඩන්න තියන ඩේ පොරවෙන කපන තැනට වැඩ සිද්ද කරන්නේ
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    copyright : mathalan blogspot

    ටක් ගාලා වරෙන් පුතා අගුළු නෑ සැලුන් දොරේ...
    කාපන් ඕන දෙයක් අඩු නෑ බඩු කාමරේ....
    ආවම සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
    දෙන දේ කකා හිටින් සද්ද එපා බර බරේ....

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ...
    මේක රටටම පුල් ආතල් දෙන කාමරේ....
    මෙ මේක ආසියාවේ වන්ඩ බාර් කාමරේ...
    මේක දන්සැල වගෙ පෝලිමෙ කන කාමරේ...

    කුඩු කන්ටේනර්ලා, එත නෝල් පප්පලා...
    මාල කඩාලා, එයි මෙහෙ සොමිය සොයාලා...
    කඳ ඉඳිමි, බඩ වැඩිවී, බෙලි නැති වීලා...
    යන්න යන්නේ කෝටී ගනන් හොඳට ගරාලා...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    රවින්ද්‍රලා, මාලනීලා, පිස්සු ජැකාලා....
    අලි වංසෙන් වැඩ පෙන්වන, සෝමරතනලා....
    ෂී ජී පිං, අබේ අයියා, ජේම්ස් පැකර්ලා....
    ෆොරින් ප්‍රොජෙක්ට්, කැසිනෝ බැසිනෝ, යයි විසි කරලා...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    ජීනීවා වලින්, බැරිනම්, හේග් සිටි එකෙන්....
    ඇලිගේසොන් ආවත් මට ළොව හතර වටින්...
    ෆේස් ටූ ෆේස් එනවා නම්, දෙමි පුකට පයින්...
    ඇපි බය නෑ, අපි බෙන්තර ගඟටත් පහළින්....

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    මුල අමතක, ගුණමකු, පනිනා උන් මගෙ පුත...
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...
    සුමනදාස ගාව තියේ.... මගේ නැකත් පත...
    මම තාමත් පෙරලනවා, මගෙ චින්තන පොත...

    මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

    Patta machan...
    rep +
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි දිග වැඩියි බන් කියවන්ඩ ගියාම එපා වෙනව් බම්ප්
    දේශපාලන ලිපි දිගයි තමා...
    හේතුව චීන්න වගේ චාන් චූන් ගාල වචන දෙකෙන් තුනෙන් දේශපාලනේ විග්‍රහ කරන්නට බැරි වීම.
    ඒව කියවන්නවත් පිරියක් නැති උඹ මෙතන දේශපාලනේ කතා කිරීම තමා මචං විහිළුව.........
     

    waligamaya

    Well-known member
  • හද පයනකම් තරු පයනකම් බලන්න ඉන්නේ නැතුව මිනිස්සු තමන්ගේම කියලා පන්දමක් පත්තු කරගත්ත දවසට රටට හරියාවි. ඉර හද රජවරුබ්ගෙන් විමුක්තිය හොයන මිනිස්සු සදා වහල්ලු තමයි

    :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Patta machan...
    rep +

    අපි මේවට හිනාවෙලා රේප් දිලා හරියන්නේ නැහැ බන්. එකෙක්ට හරි ත්රුම් කරලා දීලා මොලේ පාදනවා මිසක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනේ කතා කරන්නයි දේශපාලන ලිපි කියවන්න ඕනි.
    ප්‍රශස්ති ගායන කරන්න දේශපාලන දැනුම ඕනිද????