ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

kudalla

Member
Oct 31, 2006
810
23
0
හද පයනකම් තරු පයනකම් බලන්න ඉන්නේ නැතුව මිනිස්සු තමන්ගේම කියලා පන්දමක් පත්තු කරගත්ත දවසට රටට හරියාවි. ඉර හද රජවරුබ්ගෙන් විමුක්තිය හොයන මිනිස්සු සදා වහල්ලු තමයි

:yes:

Sampurna aththa machan. Eth mona hethuwakda manda, lankawe thamath inne ira handa diha balagena hulla hulla inna minissu.
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    උබ කවද ජෝජන කරන්නේ මචං.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම
    copyright: w3lanka ajith parakum



    විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

    මෙය කළ නො හැකි ය.

    අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

    පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

    අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

    ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

    විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

    ජනාධිපති මුක්තිය ඉවත් කරන්න
    ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න.
    17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න
    18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න
    මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය.
    සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න.

    විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලුවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිතා කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නො වේ.

    එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප්‍රමාණවත් ය.

    අනෙක් පැත්තෙන්, යහපාලනය, දූෂණයට වැට බැඳීම, නීතියේ පාලනය ඇති කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් මතු කර ගැනීමට ජනාධිපතිවරණය ඉතා හොඳ අවස්ථාවකි.

    පොදු අපේක්ෂකයා දිනුවත්, නැතත්, කවර හෝ ආණ්ඩුවකට මෙම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා බල කරන මහජන බලවේගයක් මේ සමග නිර්මානය කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. ඒ සඳහා මෙම මහජන බලවේගය අපරාජිතව, ශක්තිමත්ව පැවතීම අවශ්‍ය ය.

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් අතර සංවාදය ඉදිරියට යා යුුතු ය. විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව කුමක් වුවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර සම්මුතියක් නිර්මානය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය.

    එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.

    ජනාධිපතිවරණ සටන මඩ දේශපාලනයෙන් තොරව, බුද්ධිමය සංවාදයක තලයට ගෙන යාමට විපක්ෂය හැකි තරම් උත්සාහ කළ යුතු ය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය පළමු කොට තමන්ගේ කථිකයන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වැඩමුළුවක් පවත්වා කතා කළ යුතු හා නො යුතු දේ ගැන උපදෙස් දිය යුතු ය. ප්‍රධාන කථිකයන් දැඩි ලෙස විනයගත නො වුවහොත්, ආණ්ඩුව ඒවායින් වාසි ගනු ඇත.

    මේ අවිධිමත් සටහනින් අප කිය්නට අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කුමන ගැටලු තිබුණත්, ලංකාවේ සමාජය අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය උපරිමයෙන් පාවිච්චි කිරීම අපගේ වගකීමක් බවයි.