එහෙම ආව මෙහෙ චන්දෙ දුන්න බහුතරයක් චන්දෙ දුන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ, උපතින් හාඩ් කොර් අය සහ රැල්ලට ඔහේ ගිය උන් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොටම තිබ්බේ මේ රට හොද තත්වෙකට එයි කියලා හරියට අර යහපාලනයේ දින 100 ගැන වගේ මිනිස්සු හිතුවේ ඔක්කොම හරි යයි කියලා මේ පාර නම්.
කවුද හිතුවේ ජිවිතේට ආය මෛත්රී මහින්ද ලගට යයි කියලා. ගොටාභය රටේ නායකයා වෙයි කියලත් ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැනේ 2020 මිනිස්සු ගොඩක් හිතුවා රාජපක්ෂලා ගිය පාර පැරදීමෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා ඔය වගේ ගොඩක් කරුණු හේතු උනා විශේෂයෙන් යහපාලනය කරපු වැරදි වැඩ
මිනිස්සු කරේ සාපේක්ෂව දිනන්න හැකියාව තිබ්බ 2න්නාගෙන් වඩා හොද කෙනාව තෝරපු එක, එකෙන් කියවෙන්නේ නැහැ එයා තමයි හොදම කෙනා කියන ඒකත් නමුත් මහපොළවේ යථාර්ථයේ හැටියට එන්න පුළුවන් කම තිබ්බේ 2න්නාටයි.
මම ගොඩක් උත්සාහ කරා නාගානන්දගේ වැඩේ කරගන්න හා විකල්ප බලවේග සියල්ල එකතුව ඉදිරිපත් කරගන්න කොටින්ම පුද්ගලිකව නාගානන්දට jvp එකට ලිව්වා නාගානන්දගේ වැඩේ උනොත් විතරයි ඔය සිස්ටම් එක බිදලම කෙනෙක්ට එතනට යන්න පුළුවන් වෙන්නේ ඒක හරියට කැරැල්ලකින් කෙරෙන දෙයක් වගේ. විකල්ප එකතු වීමට වඩා jvp එක උනත් බැලුවේ තමන්ගේ පක්ෂේ රැකගන්න රට පස්සට කරලා.
රට වෙනුවෙන් කිව්වට කවුරුත් එහෙම නැහැ වගේ පෙන්නේ මම හිතන්නේ සිස්ටම් එකක් ගෙන්න ඕනේ නාගානන්ද ගෙනාවා වගේ ජනවරමෙන් ඒක බලාත්මක වෙලා රටේ නායකයා පත් උනාම නායකයට කවුරු පත් උනත් එකනෙ. මම දුක් වෙනවා මගේ උගත් මිත්රයෝ කිහිප දෙනෙක් නිසා අන්තිම මොහොතේ මම ගෝඨාභය මහතාට චන්දෙ දීම ගැන, ඒ වගේම දුක් වෙනවා එදා විකල්ප බලවේග සියල්ල එකතු නොවුන එක ගැන එදා එහෙම වෙලා තිබුනා නම් එදා දින්නේ නැති උනත් අද ලොකු අවස්තාවක් නිර්මාණය වෙලා ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්රහණය කරන්න.
ඔබ එදා තේරුවේ කවුද ?