ජනාධිපතිව හේග් නුවරට ගෙනි යන තැතක්

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
ජනාධිපතිව හේග් නුවරට ගෙනි යන තැතක්



''ජනපතිව හේග්වලට කුදලන් යන්න හදනවා''- විමල්

2012 පෙබරවාරි 21 වෙනි අඟහරුවාදා, 09:10 Sri Lanka Mirror Editor



Wimal_11-11-27.gif

Srilankamirror - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින්, හේග් නුවර යුධ අධිකරණයට කුදලාගෙන යාමට ජාත්‍යන්තර බලවේග උත්සාහ කරමින් සිටින බවත්, එම තත්වය වලක්වා ගැනීමට රටට දැයට ආදරය කරන සියලුදෙනා ඒකරාශී විය යුතු බවත් ඉදිකිරීම් නිවාස සහ ‍පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි.

'ලක්බිම' පුවත්පත සමග සම්මුඛ සාකාච්ජාවක් පවත්වමින් ඇමතිවරයා එසේ ප්‍රකාශ කර ඇත.

ලබන මාසයේදී රැස්වීමට නියමිත එ.ජා.ප. සංවිධානයේ මානව හිමිකම් සමුළුවේදී , ඇමෙරිකාව අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එනු ඇති බවත්, එම යෝජනාව දිනා ගැනීමට ඔවුන්ට හැකියාව ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

යම් විදියකින් එවැනි තත්වයක් මතුවුවහොත් කුමක් සිදුවන්නේදැයි ඇමතිවරයාගෙන් කල විමසීමේදී ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.
'' එහෙම වුණොත් යුද්ධයේ අවසන් කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් කරන්න තීන්දු කරාවි. ඊළඟට අන්තර් ජාතික පරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ඇවිත් අවුරුද්දකට විතර පස්සේ ඒ ගැන තහවුරු කරමින් වාර්තාවක් දේවි. අන්තර් ජාතික අධිකරණයේ නඩු පැවරිය යුතුය කියලා. ඊළඟට වරෙන්තු පවා නිකුත් කරාවි. ඒත් ඔවුන්ට අපේ ජනාධිපතිතුමා කුදලා ගෙන යන්න ලැබෙන්නෙ නෑ. ඔවුන් බලා‍පොරොත්තු වෙන්නේ එවැනි දෙයක් වුණත් ඒ උත්සාහය පරාජය කරවීමයි අපේ වෑයම වී තිබෙන්නේ. අපි ඒ තත්ත්වයට පත්වීම කෙසේ හෝ වැළැක්විය යුතුමයි.ankacnews.