premakeerthige wife kiyanawa hadda maruwe kiyala. uba dan mokadda meken kiyanna adahas karanne ?niyama mineemaruwa thama eliye.
Tarawatthe Ajith kiyana underworld leader ta kiyala thamai marawala thiyenne..
http://lankanstuff.blogspot.com/2011/08/who-killed-premakeerthi-de-alwis.html
සමහර උන්ට ප්රෙමකිර්තිගේ ගෑනිට වැඩිය පුදුම කැක්කුමක් තියෙන්නේ , මේක ජෙප්පොන්ගේ කියලා , කරපු උන්ව රකින්න





math oya post eka share kala machoo.. uba kalin dala thiyenawa dakke ne ban.. ela ela..![]()
math oya post eka share kala machoo.. uba kalin dala thiyenawa dakke ne ban.. ela ela..![]()


machan e link eka deepanko share karanna..





උඩටජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ
ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ
පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ජනාධිපතිතුමාගේ මුහුණටම කියලා...
![]()
[FONT="]විශිෂ්ට කලාකරුවෙක් වූ පේ‍්‍රමකීර්ති අල්විස් මහතා ඝාතනය කර ජූලි 31වන දිනට වසර 25ක් සම්පූර්ණ වේ. එම මහතාගේ ගුණ සමරු උත්සවයක් එදින ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි. වික්ටර් රත්නායක ප්රමුඛ කලාරුවන් රැසක් ඒ සඳහා දායකත්වය සැපයීය. ජනාධිපතිවරයා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා විය. උත්සවයට ආරාධනා ලැබ පැමිණි සිටි පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ‘‘ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය’’ යනුවෙන් ජනාධිපති වරයාගේ මූහුණටම පවසා තිබේ. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.[/FONT]
[FONT="]මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ අල්විස් මහත්මිය මෙසේද පවසා සිටී. [/FONT]
[FONT="]‘‘පේ‍්‍රමකීර්ති වෙනුවෙන් විවිධ උපහාර කරනවා. පිංකම් කරනවා. නමුත් පේ‍්‍රමකීර්තිගේ ඝාතනය ගැන කතා කරන්න හිටියේ බොහෝම ස්වල්පයයි. මම අවුරුදු විසි පහක් තිස්සේ මේ ගැන හොයලා අවසානයේ සිද්ධ වෙච්ච දේ ගැන නිගමනයකට ඇවිල්ලා හිටියේ. මම ජනාධිපති තුමාට යම් යම් පණිවිඩ මඟින්, ඒ වගේම වෙනත් අයටත් කිව්වා පේ‍්‍රමකීර්තිව මැතිවරණ හමුවේ විකුණාගෙන කන්න එපා. මේක කළේ ජේ.වී.පී.එකෙන් නෙමෙයි කියලා. මේක ගැන නඩුවක් ගියා. ඒත් අල්ලපු සැකකාරයෝ පිළිබඳව පෙරඩ් එකක්වත් නැතුව එය හරිම විහිළු ආකාරයට අවසන් වුනා. [/FONT]
[FONT="] [/FONT]
[FONT="]අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම් කරන්නේ කියලා. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති මැරුවා කියලා කියන්න හදනවා කියලා. මම උත්සවයට ගියා. ජනාධිපතිතුමා උත්සව සභාවේ ඉඳගන්නත් කලින් අර ප්‍රදර්ශනය බලන්න ගියා. මට කල්පනා වුනා මේක වෙන්නේ ඉතාමත් උපක්රමශීලීව කියලා. මම අවරුදු විසිපහක් ලෙඩ රෝග සහ දුක් කන්දරාවලට ගොදුරු වෙවී මේක කළේ පුද්ගලික පළිගැනීමකට, ජේ.වී.පී. එකෙන් නෙමෙයි කියලා කියපු ඒවා වතුරේ යනවා කියලා දැන ගත්තා. මම හොඳ වෙලාවට ඔය කාරණාව ගැන ලියපු ‘පේ‍්‍රමකීර්තිනී’ පොත අරගෙන තමයි ආවේ. මට වේදනාව දරා ගන්න බැරුව පොතේ වාක්‍ය දෙකක් ලිව්වා. ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය කියලා ලිව්වා. ජනාධිපතිතුමා මාව පසු කරලා යන්න යනකොටම මම ජනාධිපති තුමනි කියලා කතා කරාම එතුමා නැවතුණා. මම පොත දෙමින් ගමන කිව්වා ජනාධිපති තුමනි, මං මේ ලෝකේ කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ, පේ‍්‍රමකීර්ති වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකට හේතුව මිනීමරුවා ඔබතුමා හෙවනේ ඉන්නේ කියලා කිව්වා. ලෝකයා ඉදිරිපිට මේ ඉල්ලීම කළේ, මේ වෙනුවෙන් සාධාරණය ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා අඩ අඩා පොත දුන්නා’’.
source : http://www.lankatruth.com
[/FONT]