කලුවනේ! මම මගේ ජීවිතේටම නව කතා දෙකයි සම්පූර්ණයෙන් කියවලා තියෙන්නෙ. පලවෙනියටම කියෙව්වෙ "පෙම්වතිය" මේක මං කියෙව්වෙ ඉස්කෝලෙ යනකාලෙ මන් හිතන්නෙ මන් O/L වත් කරල නෑ එඝකොට. කොච්චර කතාව හිතට වැදුනද කියනවනම් තවම ටිකක් මතකයි. සහ පොතේ නම වගේම රචකයාගෙ නම R.ප්‍රේමදාස කියලත් මතකයෙ තිබ්බ.
දැන් ටිකකට කලින් කෙල්ලෙක් එක්ක ඔය නවල් ගැන කියව කියව ඉද්දි මන් කිව්ව ඉතින් මන් නවල් එකක් කියල සම්පූර්ණයෙන් කියවලා තියෙන්නෙ ඕක කියල. ඊට පස්සෙ ඕක හොයන්න තමයි ඉන්ටනෙට් එකේ සර්ච් කලේ. එතකොට තමයි දැනගත්තෙ මේක ලියල තියෙන්නෙ රනසිංහ ප්‍රේමදාස් කියල. කොහොම උනත් ආටිකල් එකක මෙහෙමත් තිබුනා.
"රණසිංහ ප්‍රේමදාස මහතා තරම් පොත් කියවපු සහ පොත් ලියපු පුද්ගලයෙක් අපේ ජනාධිපති පුටුවේ වාඩිවෙලත් නෑ. වාඩි වෙන එකකුත් නෑ. හැබැයි මේ කතාව බොහෝ දෙනෙක් පිළිගන්නේ නෑ. ඒ අය නම් කියන්නේ ප්‍රේමදාස මහත්තයා කළේ නම දාගන්න එක විතරයි අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස් වගේ ලේඛකයෝ කීප දෙනෙක් තමයි මේ පොත්වල සැබෑ අයිතිකාරයෝ කියලා. මේ නිසා තාම අපේ රටේ ලේඛන කලාවේ වැඩිපුරම යෙදුණු අගමැතිවරයා විදිහට සලකන්නේ බණ්ඩාරනායක මහතාව. ප්‍රේමදාස මහතාගේ මුල්ම නවකතාව වෙන්නේ “රන්මිණිමුතු” ඊට පස්සේ “හිතවතිය, පෙම්වතිය, ජීවන කඳුළු, ගොළු මුහුද” වගේ පොත් එතුමා අතින් ලියවෙනවා"
කොහොම හරි මේක රණසිංහ ප්‍රේමදාස හෝ කවුරු ලිව්වත් මට මේක ආයෙත් කියවන්න හිතක් ආවා.
ඉතින් කලුවෝ මේක හොයාගන්න විදියක් නැද්ද?