ජනාධිපති රට පාවාදුන්නා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජනාධිපති රට පාවාදුන්නා

රාජ්‍ය රහස් හෙළි කරමින් ජනාධිපතිවරයා මේ රට පාවාදුන්නා - විජිත හේරත් දේශීය 2010 මාර්තු 21 වෙනි ඉරිදා, 12:53 වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිංගපුපූරුවේදී මාධය ආයතනයකට ලංකාවේ ආරක්ෂක මණ්ඩලය ගත් තීරණ පිළිබඳ කරුණු හෙළි කළ බවත්, මේ අනුව ජනාධිපතිවරයා රජයේ රහස් හෙළි කරමින් මහා පාවාදීමක් කර ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ රාජකීය මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

"ජනාධිපතිවරයා පසුගියදා, සිංගප්පූරු ස්ටී‍්‍රට් මාධ්‍ය ආයතනයට ආරක්‍ෂක මණ්ඩලයේ ගත් තීරණ ගැන දැනුම් දී තිබෙනවා. ලංකාවේ ආරක්‍ෂක මණ්ඩලයට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ කරුණු විකෘති කොට පවසා තිබෙනවා. ආරක්‍ෂක මණ්ඩලයේ රහස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දෙන්න, ජනාධිපතිවරයාට හෝ කිසිවකුට අයිතියක් නැහැ. ඒක මහා පාවාදීමක්.

රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ රහස් ජාත්‍යන්තර මාධ්‍යවලට දෙන්නේ ආණ්ඩුවමයි. එම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා මහතා හැඳින්වීමට ඉතා පහත් වචන භාවිත කර තිබෙනවා. අපේ රටේ නායකයා, හිටපු හමුදාපතිවරයා හැඳින්වීමට එවැනි වචන භාවිත කිරීම ගැන අපි ලජ්ජා විය යුතුයි. ඒ වගේම එය පිළිකුළෙන් හෙළා දකිනවා.

ආණ්ඩුව අද දේශපාලන පක්‍ෂවලට අත තියලා තිබෙනවා. නමුත් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, බොරු චෝදනා නැගීම්වලින්, මර්දනය කිරීම්වලින් අපව නතර කරන්න බැහැ. ආණ්ඩුව ඉදිරිපිට දණ ගහන්න අපි සූදානම් නැහැ. අපි ජනතාව හමුවට යනවා. මේ බොරු කුමන්ත‍්‍රණ පරාජය කර ජනතාව සමග ජයග‍්‍රහණය තෙක් යනවා.

අනෝමා ෆොන්සේකා මැතිණියට CIDයෙන් කතා කොට ප‍්‍රකාශයක් සටහන් කර ගන්න තිබෙනවා කියා තිබෙනවා. ඒ සඳහා අද සවස පැමිණෙන ලෙස CIDයට දැනුම් දී තිබෙනවා. අනෝමා ෆොන්සේකා මැතිණිය තමයි, සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ ගමන යන්නේ. ඒක නතර කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක සහෝදරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපි දෙකක් එවා තිබෙනවා. එහි තිබෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන ප‍්‍රශ්න කරන්න ලබන 23 හා 24 දිනවලදී එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන්න කියා. අනුර දිසානායක සහෝදරයා විශාල වැඩකොටසක් කරමින්, නායකත්වයදෙමින් කටයුතු කළා. ඔහු මර්දනය කරන්න, ඔහුගේ ක‍්‍රියාකාරීත්වය අඩපන කරන්නයි මේ හදන්නේ. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, මේ ක‍්‍රියාමාර්ගවලින් අපව නතර කරන්න බැහැ.

ජනාධිපතිවරණය නිම වූ පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර කළ සියලූ දෙනාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තා. විශ‍්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළා. රඳවා ගත්තා. ප‍්‍රධාන කාර්යලයේ තේ හැදූවයසක තාත්තාත් අල්ලාගෙන ගොස් ප‍්‍රශ්න කර නිදහස් කළා. හිටපු මේජර් ජනරාල් සුනිල් සිල්වා මහතාට අධිකරණයෙන් අපේක්‍ෂිත ඇප ලබා දී තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු පවා අත්අඩංගුවට ගත්තා. උසාවි නියෝගයක්වත් පිළිනොගෙනයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ.

අනෝමා ෆොන්සේකා මහත්මිය,

"ඇමතිවරයෙක් කියා තිබෙනවා, වායු සමීකරණයක් හා උණු වතුර ඉල්ලූ පළමු සිරකරුවා මගේ සැමියා කියා. ඒ ඇමතිවරයා එහෙම කියන්න ඇත්තේ ජෙනරාල්තුමා ගැන තිබෙන වෛරය නිසා වෙන්න ඇති. ඔබ දන්නවා ඔහු රට වෙනුවෙන් යුද්ධයට ගිය කෙනෙක්. ඔහු නොමැරී බේරුනේ අනූ නවයෙන්. තවමත් ඔහුගේ පෙනහලූවල යකඩ කෑලි තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් කියා තිබෙනවා, ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව. නැත්නම් පෙනහලූවල සෙම පිරෙනවා. ඒක ඉතාම අවදානම්. ඒ නිසා තමයි වායුසමීකරණයක් ඉල්ලූවේ. ඔහු ආසාවට තුවාල වූ කෙනෙක් නොවෙයි. වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.

අනෙක් කරුණ, අපි උණු වතුර ඉල්ලූවේ නැහැ. වෛද්‍යවරුන් තමයි කිව්වේ ඔහුට උණුවතුර දිය යුතුයි කියා. පුංචි සෙම්ප‍්‍රතිශ්‍යාවක්, කැස්සක්වත් හැදෙන්න හොඳ නැහැ. ඒක ඉතාම අවදානම්.

ජයන්ත කැටගොඩ මහතා,

"අපි ආණ්ඩුවට කියනවා, රහස් පොලිසියේ නිලධාරීන් ජනතාව අතරට යවන්න. එතකොට ජනතාව විඳින ආර්ථික පීඩාව, දුක දැනගන්න පුළුවන්. එවිට මීට වඩා හොඳ ගමනක් යන්න ආණ්ඩුවට පුළුවන්. ත‍්‍රස්තවාදය නැති කළ නායකයාටත් දැන් කොටි ඇඳුම අන්දන්න හදනවා. නමුත් මීට විරුද්ධව ජනතාව ලබන අට වැනිදා තීන්දුවක් ගන්නවා. ආණ්ඩුව යහපාලනයක නිරත වෙනවා නම් ජනතාව මර්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ."

සරත් මනමේන්ද්‍ර මහතා,

"ආණ්ඩුව රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන කතා කරනවා. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කළ කරුණා, පිල්ලෙයාන්, කේ පී කාගේ ළඟද ඉන්නේ. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ.කෝ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ නැද්ද? අද සරත් වීරසේකර සන්ධානයෙන් ඡන්දය ඉල්ලනවා. ඔහු අප සමග එක් වී සිටියා නම්, ඔහුටත් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ එල්ල කරනවා."

Press01.jpg


Press03.jpg

 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO....if someone who has nothing to gain from such a statement made it...then it is passable....:confused:

    but for certain ppl to make statements like this & try to profit from the suffering of another man...is disgusting....and if you ask us to take all this seriously....its another thing coming...of course a few loose screw will make a lil noise...but being paranoid abt ones govt is a old deal....:lol::lol:

    just like the winos who litter the streets with signs that say the world is gonna end....or that the govt is using mind controlling devices to control the public.....:confused::lol::lol:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.


    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.

    ඒ විතරක්ද
    යුද්ධෙ දිනුවනෙ.

    :yes:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ රාජකීය මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

    come on man tell him to prove the facts, unless you don't
    have a right to mud our president.

     
    අතුල උන්නැහේ මේ හැමදෙයක්ම කරන්නෙ රට(පිට රට වෙනුවෙන්ද) වෙනුවෙන්ද? අපටත් විමර්ශණය කරන්න දේ තියනවා.ඒත්... පක්ෂ-පුද්ගල ගැති කමට නොවේ.අපට වුවමනායි වඩාත් නිවරදි මාවතක්.
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    LMAO....if someone who has nothing to gain from such a statement made it...then it is passable....:confused:

    but for certain ppl to make statements like this & try to profit from the suffering of another man...is disgusting....and if you ask us to take all this seriously....its another thing coming...of course a few loose screw will make a lil noise...but being paranoid abt ones govt is a old deal....:lol::lol:

    just like the winos who litter the streets with signs that say the world is gonna end....or that the govt is using mind controlling devices to control the public.....:confused::lol::lol:

    Agreed big time
    It's all about votes
    chanden passe massekwath inna ekak na
    I'm actually curious to see what will happen to the JVP after they lose this election.

    just like the winos who litter the streets with signs that say the world is gonna end....or that the govt is using mind controlling devices to control the public...

    you are giving athula ideas here lol
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.

    :yes::yes::yes:;););)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :shocked::shocked::shocked::lol::lol::lol::lol:
    oka dapan joke section eke....pawa dunna pawa dunna kiyala ballo wage buranawa habai sakshi naaa:lol::lol::lol::lol:

    ubala thama lankawe inne kode banadapu cheenu
    maha cheena uuurage hoda eka thama ubala :lol::lol::lol:

    True that True That
    ..

    Wedi katha One ne.. Puttalam District wala Tiyenawa "Naththandiya" kiyala town 1k..
    aheta awith Ape "Gota" ge Estate aka gena ahanna :yes:
    akkara 400!

    Maha Raja Maha Raja Kiwwata.. Maha Rajage wede danne 1st Lady newei
    "Sanath Nishantha" ge Elder Sister :shocked::shocked::lol:

    No Offense Mr. President but in our area we called You "Badu King" :rolleyes:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.

    e wagema thamanwa beranna eda jiwithaya dun a ranawiruwata keleheguna nosalakapu ekama sira karuwath ohui ...
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    >> ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ රාජකීය මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

    come on man tell him to prove the facts, unless you don't
    have a right to mud our president.


    he is nt our president get it right :confused:
    he is a baboon like everyother advices him...a liar a cheater a dictator...u shld have knwn by this if ur in sri lanka