ජනාධිපති සමාව ඉල්ලුවා
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරුය සිදු කලබව කියන ප්‍රකාශයක් බීබීසී සංදේශය වාර්තා කරයි.
බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කලේ යයි කියන විශේෂ ප්‍රකාශය එම වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ මෙසේය.
රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තමාට කරන ලද පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය හෙළිදරව් කළාය.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බව මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකා රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි දෙන’ වශයෙන් තමා හඳුන්වා දෙමින් අපහාස කරනු ලැබීම ඉතා අප්‍රසන්න බව නවී පිල්ලේ කියා සිටියාය.
‘මගේ ඉන්දීය සම්භවය පාදක කර ගනිමින් මෙවැනි ප්‍රකාශ කිරීම සාවද්‍ය මෙන්ම අපහාසාත්මකයි’ ඇතැම් පිළිකුල් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැදීම මම අගේ කොට සලකනවා’ යි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කීවාය.
Source : lankacnews