ජන බලය කොළඹට!

monson

Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    මෙන්න මෙයත් සැප්තැම්බර් 5 කොළඹ එනවා : මිලියන 4.2 ත් අරගෙන එයිද ?

    16 August 2018

    nithya_1000px.jpg

    මේ පින්තූරයේ සිටින තරුණිය ශ්‍රී ලංකන් එයාර්ලයින් හී රාජකාරියෙන් නිදහස් කර නාමල්ගෙ රාජකාරි සඳහා යොමුකරවූ බව කියවෙන නිත්‍යා සේනානි සමරනායකය. එහිදී ඇය කොතරම් කාර්ය බහුලවී ඇතිද කියනවා නම් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකල විමර්ශනයේදී සඳහන් කරන්නේ "තමන් රාජකාරි කළ ස්ථානය හරි හැටි මතක නැති" බවය.

    නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමෙන් මසකට රුපියල් 158,000.00 ක වැටුපක් හිමිවූ බව ඇයට මතක තිබී ඇත.

    ඊට අමතරව එයාර්ලයින් වෙතින් මැයට රුපියල් මිලියන 4.2ක වැඩිපුර මුදලක්ද ගෙවා ඇති බවද අනාවරණය වී ඇත.

    ඒ දීමනා ලබාගත් හේතුව හෝ ඊට අදාළ කාරනා පවා පැහැදිළි කිරීමට නිත්‍යා සේනානි සමරනායක සමත්වූයේ නැත.

    මේ පුවත පළමුව මාධ්‍ය හරහා අනාවරණය වූ අවස්ථාවේ හිරු රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ "ඒ අක්කව මම අඳුනන්නෙත් නැහැ," කියලය. ;)

    images_2_1.jpg

    නමුත් අවුරුද්ද්කට පමණ පසුව නාමල් මන්ත්‍රීතුමාගේ සමාගමේ නඩුව අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උදවිය අතර නිත්‍යා සේනානි ද සිටියා පමණක් නොව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන බවද අනාවරණය විය.

    මේ වන විට ඇප ලබා සිටින ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ මහ නගර සභාවටද තරග කල අතර දැන් කොළඹ නගරසභාවේ මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කරයි.

    සැප්තැබර් 5 කොළඹට එන්න කියන්නේ අන්න එහෙම උදවිය වන අතර ඔන්න එහෙනම් ඔක්කොමල යන්න හොඳේ!!!

    IMG_4119_1.JPG

    - https://newstube.lk/news/3366-nithya-senani-samaranayake

    :lol:
    39083454_10216873062318193_7141191940661313536_n.jpg
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මහින්ද යුගය වසර 09කට ගන් ණය යහපාලනය වසර 04කින් ඉක්වමා යාමට ඉතා ආසන්නයි…

    දේශපේමී වෘත්තීයවෙිදින් ගේ සංසදය කොළඹ දි පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

    ශ්‍රී ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුනේ 1948 දීය. එදා සිට මේ වනවිට වසර 70 ක් ගත වී ඇත. නිදහසින් පසු 1954 හා 1955 වසර හැරුන විට අන් සෑම වසරකම අපේ රටේ අයවැය පරතරය ඍන අගයක් විය. පරතරය පියවා ගත්තේ රජය විසින් දේශීය හා විදේශීය ණය ලබා ගැනීමෙනි.

    2005 දි පසුගිය රජය බලයට එන විට රටේ සමස්ථ ණය බර රුපියල් කෝටි 2,22,200කි. 2014 අවසාන වන විට රාජ්‍ය ණය බර රුපියල් කෝටි 7,39,100 දක්වා ඉහල ගොස් තිබුනි.

    වසර නමයක කාලය තුල රුපියල් කෝටි 5,16,000 කින් රාජ්‍යය ණයබර වැඩි වී තිබුනි. මේ වසරකට දල වශයෙන් රුපියල් කෝටි 57,500 ක පමන වැඩිවීමකි.

    මේ මුදල් වලුට සිදුවූයේ කුමක් දැයි වටහා ගැනීමට එම අවසර 9 ක කාලය තුල සිදුවූ දේවල් මතක් කර බලමු.

    වසර 30 තිස්සේ රටට විශාල බරක්ව පැවති ත්‍රස්ථවාදය මුලින් උපුටා දමන ලදී. රටේ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා සිව් ගුනයකින් වැඩිවිය.

    උද්ධමනය 8.3 % සිට 3.3 % ට අඩු විය. රැකියා වියුක්තිය 8.3% සිට 4.3 % ට අඩු විය. දුගී බව 15% සිට 8% ට අඩු විය. විදුලිය ඇති නිවාස ප්‍රමාණය 73% සිට 98% දක්වා වැඩි විය.
    පිරිසිදු ජලය ලැබෙන නිවාස ප්‍රමාණය 72% සිට 90% දක්වා වැඩිවිය. දුරකථන භාවිතය 37% සිට 120% දක්වා වැඩිවිය. පරිඝනක සාක්ෂරතාව 0.5% සිට 26% දක්වා වැඩි විය. අයවැය පරතරය 7.5% සිට 5.7% දක්වා අඩුවිය.

    රාජ්‍ය ණය බර දල ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 102.5% සිට 70.3% ට අඩු විය

    කොටස් වෙළඳපොල සමස්ථ මිල දර්ශකය ඒකක 1506 සිට 7299 දක්වා වැඩි විය. 2014 වන විට කොළබ කොටස් වෙළඳපොල ආසියාවේ තිරසරම කොටස් වෙළඳපොල ලෙස සම්මාන ලැබීය. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස 2014 සම්මාන ලැබුවේ චීනය පවා පරදවමිනි. පසුගිය රජයේ අවසාන වසර කිහිපයේ ලංකාවේ ආර්ථිකය වසරකට 7% කට ඉහල වේගයකින් වර්ධනය වෙමින් පැවතිනි.

    නමුත් ලංකාවේ චන්දදායකයෝ මින් සෑහීමට පත් නොවූහ. ඒ අනුව 2015 ජනවාරි මස රටේ පාලනය වෙනත් කන්ඩායමකට බාර දෙන ලදී.

    ඒ වඩා සාර්ථක පාලන තන්ත්‍රයක් අපේක්ෂාවෙනි. වෙනස සිදු කොට දැන් වසර 3කට ආසන්නය

    අප මේ කාලය තුල අත්පත් කර ගෙන ඇත්තේ මොනවාදැයි හදවතින් නොව බුද්ධියෙන් විමසන්න.

    රටේ ආර්ථික වර්ධන වේගය අඩාලවී ඇත. එය මේ වන විට 4.4% ට අඩුය. උද්ධමනය 3.3% සිට 8.6% ට වැඩි වී ඇත. රැකියා වියුක්තිය 4.3% සිට 4.6% ට වැඩි වී ඇත. නමුත් 2017 වසරේ රජයේ එදිනෙදා වියදම් 2014 ට වඩා 49% කින් ඉහල ගොස් තිබුනි. 2018 වසරේ ඇස්තමේන්තුව අනුව 63% කි වියදම ඉහල යාමට නියමිතය. මෙවර අයවැය යෝජනා අනුව 2018 වසරේ ජනතාවගේ බදු බර 2014 ට සාපේක්ෂව 100% කින් ඉහල යනු ඇත.

    2018 වසරේදී ජනතාව 2014 ට වඩා රුපියල් කෝටි 104,400 ක් වැඩිපුර බදු ගෙවීමට නියමිතය.

    රුපියලේ අගය 22% කින් පමන බාල්දු වීම නිසා පමනක් රාජ්‍ය ණය වලට ඇති බලපෑම රුපියල් කෝටි 90,000 කින් පමන ඉහල ගොස් ඇත.

    ලෝක බැංකුවේ ‘ ව්‍යාපාර කිරීමේ පහසුකමේ දර්ශකය’ තුල 2014 දී ලංකාව ලෝකයේ 85 වන ස්ථානයේ සිටි නමුත් 2017 අවසන් වන විට අප 110 ස්ථානයට පහත වැටී ඇත. ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය ලංකාව ආයෝජනයට අනතුරු දායක රටක් ලෙස නම් කොට ඇත

    පසුගිය වසර 3 තුල විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් කෝටි 160 කට වඩා ලංකාවෙන් ඉවත් කරගෙන ඇත.

    2014 දී රුපියල් කෝටි 7,39,100 වූ රාජ්‍ය ණය බර 2017 ජූනි වන විට රුපියල් කෝටි 10,313 දක්වා ඉහල ගොස් තිබුනි.

    අවසන් අයවැය ප්‍රකාශයට අනුව 2018 අවසන් වන විට රජ්‍ය ණය බර රුපියල් කෝටි 12,00.000 ඉක්මවීමට නියමිතය. ඒ 2014 ට සාපෙක්ෂව 64% ක පමණ වැඩි වීමකි.

    මේ අනුව පසුගිය රජය වසර 9 ක් තුල අලුතින් ලබාගත් රුපියල් කෝටි 5,16,900 ක ණය මෙන් 90% ක් හෙවත් රුපියල් කෝටි 4,70,000 ක පමන අලුත් ණය වත්මන් රජය ඔවුන්ගේ මුල් වසර 4 තුල ලබා ගැනීමට නියමිතය

    පසුගිය රජය ආරම්ඹ කර තිබූ ව්‍යාපෘතීන් තමුන්ගේ මෙන් විවෘත කරනවා විනා ඔබට ඇහැට පෙන්නට එක් ව්‍යාපෘතියක් අලුතින් පටන්ගෙන ඇත්ද ?

    අනාගත පරපුර වෙනුවෙන් අප ඉතුරු කල යුතු සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලයට පවරා දී පිටරැටියන් කෑමට හාල් ටිකත් ගෙනත් දෙන තුරු බලා සිටීම හැර වෙනත් ආර්ථික ප්‍රතිපත්තියක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?

    දේශපාලන කන්නාඩි ගලවා ඔබම මදක් සිතන්න, අප මේ යන්නේ කොයිබටද ?

    මාධ්‍ය ඒකකය
    දේශපෙුමි වෘත්තීයවෙිදින් ගේ සංසදය
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,493
    113
    රූකඩ රාජ්ජේ

    bp
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    ලංකාවේ අභාග්‍ය. හොරු එලවන්න කියල අපු එවුන් තව තවත් හොරකම් කරලා තියෙන ටික නැත්තටම නැති කරා
    . අන්තිමට හොරා හොඳ වුන. යකෝ ඒවා දන දැනත් ඒවා හොඳයි කියන හතිකරයක් නේ ඉන්නේ. අද කාල හෙට රීල ඉන්න ජාතියක් වෙලා. ජෙප්පෝ අමුතුම ගේමක් දැන් ගහන්නේ. උන් 71, 78, 82, 83, 88, 89 රට කෑව කොන්දක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බිලි දුන්න. වැදගත් එවුන් වෙඩි තියල මරල දැම්ම. උනුත් දැන් හොඳයි ලු. යකෝ රටේ කොච්ච්චාර බත් කන හරක් ඉන්නවද කියල කොමෙන්ට් දැක්කම පේනවා. දවසට දෙන රු500 ට රට විකුනන්න පුළුවන් එවුන් ඉන්නේ. දැන් හොරා වුනත් ගෙට අරන් රට ගොඩගන්න තම වෙන්නේ. නැත්නම් තොපිට කෙලවෙන්නේ දන්නෙම නැතුව. යකෝ පක්ෂ නෙමේ රට ගැන හිතපිය.