ජපන් කතුන් අඩවන කඩවසම් කොල්ලෝ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ජපන් කතුන් අඩවන කඩවසම් කොල්ලෝ

    ජපන් කතුන් අඩවන කඩවසම් කොල්ලෝ



    p20-1.jpg
    ජපානයේ ටෝකියෝ නගරයේ කාර්යාල ගොඩනැඟිල්ලක සම්මන්ත්‍රණ ශාලාවකි. එහි දහදෙනෙකුගේ පමණ පිරිසක්‌ රැස්‌ව සිටිති. එක්‌ තරුණයෙක්‌ සීඩී වගයක්‌ තෝරමින් සිටියි.

    ශාලාව පුරා සිහින් සංගීත නාදයක්‌ පැතිරෙන්නට විය. සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාව මත වූ සුදු තිරය මත චිත්‍රපටයක දසුන් දිගහැරෙන්නට විය. ඒ චිත්‍රපටය බිහිරි මිනිසකුත් ඔහුගේ දුවනියත් ගැන සංවේදී කතා පුවතකි. දියණිය අසාධ්‍ය රෝගයකින් මරණාසන්න වී සිටින්නීය. ඇයව රෝහලට රැගෙන යනු ලබයි. කතා කරන්නටත් බැරි බිහිරි මිනිසාට තමා ඇගේ තාත්තා බව රෝහලේ සිටින අයට කියාගන්නට බැරිය. ඒ නිසා පිළිගැනීම් කවුන්ටරයෙන් එහාට රෝහල ඇතුළට යන්නට ඔහුට අවසර ලැබෙන්නේ නැත. රෝහලේ දොරකොඩට වී ඔහු තනිව වැළපෙයි. රෝගී තරුණිය කාත් කවුරුත් නැති කෙනකු සේ රෝහල තුළ මියයයි. චිත්‍රපටය අවසන් වෙන්නේ එලෙසිනි.

    ඊළඟ චිත්‍රපටය මරණීය තුවාල ලැබූ බල්ලකු ගැනය. ශාලාවේ එක්‌ පසෙකින් සිහින් ඉකිබිඳුමක්‌ ඇසෙන්නට පටන් ගති. තවත් මිනිත්තු කිහිපයක්‌ ගත වෙද්දී සුසුම් හෙලන හඬවල්, හුස්‌ම ඉහළ අදින හඬවල් වැඩියෙන් ඇහෙන්නට පටන් ගැනිණ. විනාඩි පහළොවක්‌ යන්නට කලියෙන් ශාලාවේ සිටි අයගෙන් බාගයකගේ පමණම මුහුණු කඳුලින් තෙත් වී තිබිණ.

    චිත්‍රපට තේරූ තරුණයා ලොකු කපු ලේන්සුවක්‌ද අතින් ගෙන ශාලාවේ පුටු පේලි අතරින් යමින් අඬන අයගේ මුහුණුවල කඳුළු පිසින අයුරු දකින්නට ලැබිණ.

    -මේ රස්‌සාව පටන් ගත්ත කාලෙදි ඒක එච්චර ලේසි දෙයක්‌ වුණේ නෑ."මෝස්‌තර නිරූපණ ශිල්පියකු තරමට කඩවසම් ඒ තරුණයා පසු මොහොතකදී එහි උන් බී බී සී මාධ්‍යවේදියාට පැවසුවේය. -ඒ දවස්‌වල මට මේ රස්‌සාවට එච්චර පළපුරුද්දක්‌ තිබුණෙ නෑනෙ. ඉතින් මට ඒ දවස්‌වල හොඳට අඩන්න බෑ. මට අඬන්න බැරි නිසා ප්‍රේක්‌ෂකයො අඬවන එකත් ලේසි වුණේ නෑ.

    ඔහු මේ කියන -රස්‌සාව අමුතුම ආකාරයේ රස්‌සාවකි. එය ඔබ මීට පෙර අසා නොතිබෙන්නටත් ඉඩ ඇත. ඔහු සනැපැsද daබියස හෙවත් -කඩවසම් වැලපෙන තරුණයෙකි. ඔහුගේ රැකියාව මිනිසුන් ඇඬවීමය.

    -ජපන්නු තවත් කෙනෙක්‌ ඉස්‌සරහ අඬන්නේ නෑ. ඒත් එහෙම ඇඬුවොත් එතන පරිසරය වෙනස්‌ වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතුවලදී."

    මිනිසුන් සංවේදී වූ තරමට තවත් අය ඔහු හෝ ඇය වටා එකතු වන බවද, ඒ පුද්ගලයන් වටා එකතුව කණ්‌ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කරන්නට මිනිසුන් කැමති බවද ජපානයේ විශ්වාස කෙරෙයි.

    ඔහු තෝරාගන්නා බොහෝ චිත්‍රපට එක්‌කෝ රෝගී වූ සුරතල් සතුන් ගැනය. නැතිනම් තාත්තා කෙනකුගේත් දුවෙකුගේත් ශෝකී ඉරණමක්‌ ගැනය. ඒවා බොහෝ විට කාන්තාවන්ව සංවේදී කරවන කාන්තාවන්ම ඉලක්‌ක කොට ගත් කතා පුවත්ය. ඔහුගේ මේ වැඩසටහනට සම්බන්ධ වූවන් අතරද එක්‌ අයෙකු හැරෙන්නට අනෙක්‌ සියල්ලන්ම කාන්තාවන්ය. වැඩසටහනට සහභාගීව උන් එකම පිරිමියා ආයතන ප්‍රධානියාය. තම ආයතනයේ සේවිකාවන් සඳහා මේ -ඇඬවීමේ වැඩසටහන" සංවිධානය කළේ ආයතන ප්‍රධානියාය.

    ජපානයේ බොහෝ ආයතනවල මේ ආකාරයේ -වැලපීමේ වැඩසටහන්" සංවිධානය කෙරෙයි. ඒ වැඩසටහන් සඳහා තෝරා ගන්නට -වැලපෙන තරුණයින්" ජපානයේ බොහෝ ඇත. මෙය ජපානයේ ඒ තරම්ම සුලබ කරුණකි.

    මීට සමාන ආකාරයේ තවත් ව්‍යාපෘතිද ජපානයේ තවත් ආයතන විසින් හඳුන්වා " ඇත. තමන්ගේ දුක කියන්නට -කුලියට ගත හැකි මිතුරන්" මෙන්ම -ලිංගික ඇසුරකට යොමු නොවී තුරුලු" කරගෙන සිටින්නට කෙනෙකු" ද ජපානයෙදී පහසුවෙන් සොයා ගන්නට හැකිය.

    -ඇŽමේ වැඩමුළු" මුලින්ම නිර්මාණය වූයේ හිරෝකි ටෙරායිගේ අදහසක්‌ අනුවය. හිරෝකි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය ජපන් මිනිසුන්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට ඉඩ දීම සඳහා පහසුකම් සැලසීමය.

    -මනුෂ්‍ය සන්තානය තුළ සැඟවුණු කතාවන් හොයන්නට මට ලොකු උනන්දුවක්‌ තිබ්බා." හිරෝකි පවසයි.

    මේ උනන්දුව ඔහුට ඇතිවූයේ ඔහු වයස අවුරුදු දහසයක පාසල් දරුවෙකුව සිටියදීය. ඔහුට මිතුරන් සිටියේ නැත. ඔහු විවේක කාලය ගත කලේද, කෑම කෑවේද, සෙල්ලම් කළේද හුදෙකලාවමය. ඔහුට එය දුෂ්කර කාලයක්‌ විය.

    -මිනිසුන්ගේ හැබෑ හැඟීම් ගැන මම තේරුම් ගන්න පටන් ගත්තේ ඒ කාලෙ.. මතුපිටින් හිනාවෙලා ඉන්න කෙනෙකුගේ වුණත් හිත ඇතුලේ ලොකු දුකක්‌ හැංගිලා තියෙන්න පුළුවන්.." හිරෝකි තමාගේ ව්‍යාපාරයේ ඇරඹුම ගැන කීවේය.

    ඔහුගේ පළමු ව්‍යාපෘතිය විවාහය අසාර්ථක වූවන් උදෙසා -දික්‌කසාද උත්සව" පැවැත්වීමය. -ඒ උත්සව වල උච්ඡතම අවස්‌ථාව මංගල මුද්ද මිටියකින් තලා කුඩු කරන අවස්‌ථාවයි."

    එහෙත් දික්‌කසාද වන ජෝඩු නම් පැවසූයේ ඔවුන්ට වඩාත්ම වැදගත් වූ මානසික විරේකය ලැබුණු අවස්‌ථාව -හැŽමේ අවස්‌ථාව" බවය. එනිසා -හැŽමේ සහ හැඬවීමේ ව්‍යාපාරයක්‌" අරඹන්නට හිරෝකි 2013 වසරේදී තීරණය කළේය. එය ඇරඹුණේ ටෝකියෝවේ ඕනෑම කෙනකු සඳහා විවෘත වැඩමුළුවක්‌ වශයෙනි.

    -ඒ වැඩසටහනට මිනිස්‌සු ආවේ රංචු පිටින්. ඒ අය එකිනෙකාව වැළඳගෙන ඇඬුවා. එහෙම අඬලා හිතේ දුක පිට කරගත්තාට පස්‌සේ තමන්ගේ හිතට ලොකු සැහැල්ලුවක්‌ දැනුණු බව ඒ අය අතරින් ගොඩක්‌ අය මට කිව්වා." ඔහු කියයි.

    -ගැටලුව තමයි අඬන අය ගැන සමාජයේ තියෙන ආකල්පය. මිනිස්‌සු අඬන කෙනකුව දකින්නේ දුර්වලයෙක්‌ ගාණටයි.."

    මේ සඳහා හිරෝකිගේ විසඳුම වූයේ තම -වැලපෙන වැඩමුළු" සඳහා ඉතා කඩවසම් තරුණයන්ව යොදා ගැනීමය. හඬන්නට සහ අනිත් අයව හඩවා ඔවුන්ගේ හිත් සැහැල්ලූ කරවන්නට හැකි පුද්ගලයින්ගේ ප්‍රතිරූපය සමාජය තුළ නව මානයකින් ලියවන්නට ඔහුට අවශ්‍ය විය.

    -අනිත් එක මේ වැඩමුළු" පවත්වන කෙනා කඩවසම් කොල්ලෙක්‌ වෙන එකේ තවත් වැදගත් කමක්‌ තියනවා. ඒක පීඩාවෙන් ඉන්න අයගේ එදිනෙදා ජීවිතවලටත් වෙනසක්‌නෙ. ඒක එක විදිහක අලුත් අත්දැකීමක්‌නෙ.."

    චිත්‍රපටයක කතාවකට තමන් එතරම් සංවේදී වීම ගැන වැඩසටහනට සහභාගී වන අයට පවා පුදුමය.

    -මම කවදාවත් චිත්‍රපට බලලා අඬලා නෑ. මං ඒ තරම් සංවේදී කෙනෙක්‌ නෙවෙයි. මම හිතුවෙ නෑ මට ඇඬෙයි කියලා.. ඒත් මං ගොඩක්‌ ඇඬුවා.." ටෙරුමි පාපොච්චාරණය කරයි. ටෙරුමි මේ වැඩසටහන ගැන හාස්‍යජනක කෙටි චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව එයට සහභාගී වූ තැනැත්තියකි.

    හිරෝකිගේ ව්‍යාපාරයේ අරමුණ වනුයේ ජපන් මිනිසුන්ට අඬන්නට අවස්‌ථාව සලසා දීමය. ජපනුන් ප්‍රමාණවත් තරමින් කඳුළු නොසලන බවත්, දුක සංවේගය යටපත් කරගෙන යාන්ත්‍රිකව වැඩ කරන බවත් ඔහු පවසයි. ඒ තත්ත්වය මානසික ආතතියට මග පාදන බවත්, මානසික ආතතිය මිනිසුන්ගේ කාර්යක්‌ෂමතාවය අඩු කරන්නට හේතු වන බවත් හිරෝකි පවසයි. මිනිසුන්ගේ අභ්‍යන්තර හැඟීම් සැහැල්ලු කර ඔවුන්ව මානසික ආතතියෙන් මුදා ගැනීමෙන් වඩාත් කාර්යක්‌ෂම සේවකයින් පිරිසක්‌ බිහි කරන්නට හැකි බව ඔහු කියයි. මේ නිසා වර්තමානයේ -වැලපෙන වැඩමුළු" සහ -කුලියට අඬන තරුණයෝ" ජපානයේ ජනප්‍රියය.

    ජපානයේ අඬන තරුණයින් ගැන මුලින්ම කියවන විට මට සිතුණේ නම් වෙනත් දෙයකි. ඒ අපේ රටේ බදු පාලකයින් පිරිසක්‌ ජපානයටත් උන්නා නම් -කුලියට අඩන තරුණයන්ට කරන්නට වෙනත් රස්‌සාවක්‌ හොයා ගන්නට සිදුවෙන බවය.

    නිම්මි මුදිතා හේරත්
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මතුපිටින් හිනාවෙලා ඉන්න කෙනෙකුගේ වුණත් හිත ඇතුලේ ලොකු දුකක්‌ හැංගිලා තියෙන්න පුළුවන්.." :yes::yes:



    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • තමන්ගේ දුක කියන්නට -කුලියට ගත හැකි මිතුරන්" මෙන්ම -ලිංගික ඇසුරකට යොමු නොවී තුරුලු" කරගෙන සිටින්නට කෙනෙකු" ද ජපානයෙදී පහසුවෙන් සොයා ගන්නට හැකිය.

    ජපානෙට ගියානං මගෙ ලෙඩ හොඳ වෙලා :cool:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,820
    113
    Thanks mcn, adama tama mehema deyak thiyenawa kiyala danagaththe...

    You must spread some Reputation around before giving it to araki again.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    අපේ රටේ බදු පාලකයින් පිරිසක්‌ ජපානයටත් උන්නා නම් -කුලියට අඩන තරුණයන්ට කරන්නට වෙනත් රස්‌සාවක්‌ හොයා ගන්නට සිදුවෙන බවය.