ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක්

ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්‍ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්‍ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.
උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.