ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    super thread machan මචන් ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ඉන්දියන් බයික් හින්දා ඒ ගැනත් නිවැරදි බවිතය නඩත්තුව මිලදි ගැනිමෙදි ගැන වගෙ කතාකරන්න ත්‍රෙඩ් ඒකක් දන්න:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama dakka hurricane engine ekakata gullam engine housine[ clutch ,stator] set karanawa :baffled:

    ඕව ඉතින් මචන් එකෙන්ම හොර වැඩ. නමුත් ඉතින් ඕවට අහු වෙන්නෙත් අහිංසක පලවෙනි පාරට බයික් එකක් ගන්න කෙනෙක් තමයි. ඊට පස්සේ ඒ මනුස්සයට බයික් එපා වෙනවා.
    ඔය උඹ කියන දේ දැන් ගොඩක් ගම්පහ මීගමුව කුරුණෑගල පැත්තේ සිද්ද වෙනවා. ඒ නිසා බයික් ගන්නකොට පරිස්සමෙන්....!


    ජපන් Suzuki GN125 සිංගප්පුරු වලින් ද ඔරිජිනල් ජපන් ද කියලා පහසුවෙන් අදුනගන්න පුළුවන්ද? ඔන් ලයිට් වල වෙනස්කම් මොනවද?

    කලින් දාපු thread තියෙනවානම් කවුරු හරි හොයලා දෙන්න. ලොකු උදව්වක්.

    super thread machan මචන් ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ඉන්දියන් බයික් හින්දා ඒ ගැනත් නිවැරදි බවිතය නඩත්තුව මිලදි ගැනිමෙදි ගැන වගෙ කතාකරන්න ත්‍රෙඩ් ඒකක් දන්න:yes:
    මචන් රත්තරං ඔය ගැන ත්‍රෙඩ් එකක් දාල තියනවා.....!

    godak wadagath machan, thanx a lot machan...
    :D
    සනෝජ්_තරංග;14352140 said:
    bamp....watinawa.....
    :D
    maxxa.........
    :D
    ela ela... passe kiyawannam macho
    එලස්....!
    ;)
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි. ???
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි. ???

    අඩු වේගයකින් ඒකාකාරී විදියට බයික් එක පැදීමෙන් තමයි ඔය දේ සිද්ධ වෙන්නේ.
    මොකද තරමක වේගයෙන් යනවා නම් වංගුවකදී බයික් එක නැවෙන නිසා ටයරයේ දෙපත්තද ගෙවීමට ලක්වන නමුත් අඩු වේගයකදී බයික් එක කෙලින් තිබෙන නිසා මැද පමණක් ගෙවීමට ලක්වෙයි. වංගු අඩු පාරක ධාවනය කරන බයික් එකකට වඩා වංගු වැඩි පාරක ධාවනය කෙරන බයික් වල ටයරය එහි මුල් ස්වභාවයටම ගෙවීමට ලක් වෙනවා....!

    පැතලි (flat) ආකාරයට ගෙවීමෙන් ඇතිවන ප්‍රශ්න වලින් ප්‍රධාන වන්නේ ඔබගේ තිරිංග හරි හැටි ක්‍රියාත්මක නොවීමයි. මන්ද පාර සහ ටයරයේ පෘෂ්ට සමාකර නිසා ඒ අතරට වැලි හෝ වතුර ගිය විට ගර්ශනය අඩු වීමෙන් බයික් එක පාලනය කල නොහැකි වෙනවා....!
    තවද බ්රේක් හසන විටදී පැත්තකට ඇදීමට ලක් විය හැක.
    තවත් දෙයක් නම් කහ ඉරි හෝ මද ඇති සුදු ඉරි උඩින යන විටදී දෙපසට වැනීමට ලක් වෙයි. ටයරය පළල් භාවය වැඩිවන විට ප්‍රශ්නය තවත් භයානක විය හැක.
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි. ???

    ඔව්, එයින් පැහැදිලි වන්නේ දනිස්ස බිම ගාවා, කණේ වැලි ගෑවෙන පරිදි වංගු ගැනීමට හැකියාවක් නොමැති Bike ධාවකයෙක් බවයි, එවිට යාලුවී සිටින ගෑණුලමයා එවැනි හැකියාවන් ඇති ධාවකයින් සමග පාරේ යනවිට සිනාසීමට, කතා කිරීමට ඉඟි බිඟි පෑමට ඇති හැකියාව වැඩිවේ එය අවුලකි:rofl:
    නමුත්.. සෙමින් යාමට ප්‍රිය කරන ගෑණුලමුන් ද සිටිති ;)