කොළ කීයක් පඩි හම්බෙනවද කියලා බලන්න ඉස්සරලම.
කොළ 20ක් වත් ඕනා ගේම ගහන්න නම්
ඒ කිව්වේ ටිකට්, ඉන්න, යන්න කෑම, බෝඩිම් ඔක්කොටොම.
කොළ 10න් ජීවත් වෙන අය ඉන්නවා නැත්තේ නැහැ. එත් එතකොට එක කාමරේ අඩි 10 x 10 වගේ අඩුම 5-6 දෙනෙක් (බොහෝ විට 8ක් විතර ) ඉදලා. පරිප්පු එක්ක බත්, එක්කොඅ චිකන් හොදි එක්ක බත් තුන් වේලම ලෙව කාලා ඉදලා. තව එතකොට කොම්බිනි වලින් විසි කරන කෑම අරන් කාල. (විසි කරන කිව්වට මෙහෙ පෙරේරා & සන් වලට වඵා හොදා) කෝච්චියෙන් හොරෙන් ගිහින්. වගේ ස්ටෝරි ගොඩක් එක්ක.
එක ඕනි ගිරි (බත් බෝල්, ලාබ දායීම කෑම එක ) එකක් 200 -400 වෙනවා. ඒවායින් දෙකක් වත් ඕනා බඩේ පැත්තට කන්න. ඒ කියන්නේ වෙල් 3තම ඕක කෑවොත් 400-600 x 3 = 1200 හෝ 1800ක්. මාසෙට කෑමට අඩුම 36,000ක්. බෙන්තො (ලන්ච් බොක්ස් වගේ සීන් එකක්, අපි හන්දියේ කඩෙන් බත් පාර්සලේ තමා) එකක් ගත්තොත් 350-900 අතර. හිතමුකෝ 500 කියලා එතකොට කෑමට කොළ 4-5ක් ඕනා
ආණ්ඩුවෙන් යවන ඒවා ට කොළ 20ක් ෂුවර් නෑ. අනික වෙන ජොබ් බෑ කියලා තියනවා නීති. එකත් බලපං.
දෙක කොහෙද ඉන්න වෙන්නේ. ටෝක්යෝ කිට්ටුව උනොත් බෙන්තො එකක් 100-200ක් වත් වැඩියි දුර පති වලට වඩා.... බෝඩිම් ගාස්තු ඩබල්
බාශාව බැරිනම හම්බෙන්නේ චාටර් ජොබ්. ඒ කියන්නේ වාහන හෝදන්න. ලංකාවේ එව්වෝ ගාව හොර වැඩ, එලොලු කොටු, ෆාර්ම් වගේ එව්වා. ඒවා සීතල කාලෙට, වහින කාලෙට (මාස 6-8ක් ම ) අමාරුයි කරන්න. සමහර පති වල රෑට -10 වගෙත් යානවා.
පැයට පාර්ට් ටයිම් රේට් එක 800 - 1200 වගේ සමන්යක් යනවා. එතකොට 200,000ක් හොයන්න දවස් 25ක් වැඩ කලොත් දවසට පැය 7-10ක් වැඩ කරන්න වෙනවා. එත් එකට එක තැනක ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. ඉතින් තැන් දෙකක් වත් කරන්න වෙනවා. ඒ කියන්නේ යන්න එන්න කාලේ මුදල් නාස්ති වෙනවා.... ස්ටුඩන්ට් ලා ඉන්නවා දවසට තැන් 3ක වැඩ කරන ඔය ගාන හොයන්න.....
ටික කාලයක් ගියහම පුරුදු වෙනවා අඩුවට ඇදුම් ගන්න, කෑම ගන්න ක්‍රම හොයාගන්න. උදා එකම චොකලට් එක 89, 98, 90, 107, 120 වගේ නානාප්‍රකාර කඩ වල නානාප්‍රකාර මිලට තියනවා. 100 කඩේ චොකලට එකක් 100+7 = 107 හැබැයි එකම දොන්කිහොතේ කියන කඩේ බැලුවොත් 89. එකටත් ලංකා පාස්පෝර්ට් එක පෙන්නලා ඕන නම් ටැක්ස් අඩු කරගන පුළුවන් මෙහෙ ගෙන්න වගේ නම්....... එත් අර කියපු අවම ගාන බෙන්ච් මාර්ක් එකක් කියලා හිතපන්. මොකද කිසි දෙයක් එහෙ නිකන් නෑ.............
අර උඩින් කියලා තියන කොම්පැනි වර්කර් කියන වයිට් කොලර් ජොබ් එකක සෙට් උනොත් නම් කොළ 400-500ක් starting ෂුවර්....
හැබැයි එතකොට උ කන්න ඕනා අඩුම 900-1200 වෙන තැන් වලින්. අදින්න ඕනා branded ඇදුම්. සෙට් එකක් කොළ 7-8 වෙනවා. සෙට් 3-4 ක් බෑග් ඔක්කොම එක්ක ගත්තාම කොළ 25-40 වත් යනවා......
හොදට හොයලා බලලා කරපන්. අන්න හද කියලා. හද තරු වලට වඩා ලගයි. හරි සෞම්‍යයි කිව්වට එක පාර තීරණය කරන්න එපා. හොදට හොයලා බලලා වියදම් කරන ඒවා ගැනත් හිතලා බලලා කරපන්....
ජය..........................