ජපන් වාහන මිල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    කවුරු හරි දන්නවා නම් උත්තර දෙන්න..

    1. ඩොලර් එක තව ඉහල ගිහින් නිසා වාහන මිල වැඩි වෙනවද?
    2. ජපානේ මොකක් හරි විනිමය අනුපාත සීන් එකක් තියේද?
    3. ඒක නිසා වාහන ගණන් වැඩි වෙනවද? :confused:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපේ රටේ අව්රුදු 5 කට විතර සැරයක් වාහන මිල අඩු වෙන කාලයක් එනවා. එතකොට තමයි ගන්න එකක් ගන්න ඕනේ. :eek:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    අපේ රටේ අව්රුදු 5 කට විතර සැරයක් වාහන මිල අඩු වෙන කාලයක් එනවා. එතකොට තමයි ගන්න එකක් ගන්න ඕනේ. :eek:

    එකට එහෙනම් තව අවුරුදු 5ක් ඉවසන් ඉන්න වෙයි.. :P
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල වැඩිකිරීම සඳහා මෙරටට වාහන ගෙන්වන සියළුම සමාගම් පාහේ මේ වනවිට සූදානම් වනබව අපකළ විමසීමකදී අනාවරණය විය.

    නවතම (Brand new) ටොයොටා වාහන මෙරට අලෙවිකරන ටොයොටා ලංකා සමාගමේ උසස් නිළධාරියෙකු අප සමග සඳහන් කළේ සමාගම විසින් මෙරට අලෙවි කරන ටොයොටා ප්‍රියර්ස්, ටොයොටා කැම්රි, ටොයොටා හයිලක්ස් සහ ටොයොටා හයිඒස් රථ ඉදිරියේදී රුපියල් 100,000 සිට රුපියල් 300,000 ක් දක්වා මිලකින් වැඩිවනු ඇති බවයි.

    “වාහනවල මිල ගණන් වලට සාපේක්ෂව මෙම මිල වැඩිවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මිල අඩුම වාහනය රුපියල් ලක්ෂයකින් පමණත් මිල වැඩිම වාහනය රුපියල් ලක්ෂ තුනකින් පමණත් ඉහළ යනවා.“

    යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

    මේ අතර, මෙරට ඉතාමත් ජනප්‍රිය සුසුකි ඇල්ටෝ, සුසුකි සිලේරියෝ, සුසුකි ස්විෆ්ට් සහ ඇල්ටෝ කේ-10 යන වාහන මෙරට අලෙවි කරන ඇසෝෂියේටඩ් මෝටර්වේස් (AMW) සමාගමේ උසස් නිළධාරියෙකු පැවසුවේ මෙම වාහනවල මිල ගණන්ද රුපියල් 75,000 ත් 100,000 ත් අතර මිලකින් ඉහළ නගිනු ඇති බවයි.

    “අපි මේ වනවිට මෙම මිල ගණන් ගණනය කරමිනුයි ඉන්නෙ. දැනට කියන්න පුළුවන් ආසන්න වශයෙන් මිල වැඩිවන ආකාරයයි.“

    යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මැලේසියාවේ නිෂ්පාදිත Axia මෝටර් රථයේ මිල ගණන්ද මෙම තත්ත්වය හමුවේ රුපියල් 75,000 ක පමණ මිලකින් ඉහළ යනු ඇතැයි අප සමග අදහස් දැක්වූ යුනි මෝටර්ස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.

    මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් අලෙවි කරන මෝටර් රථයක මිලද රුපියල් 25,000 ත් 30,000 ත් අතර මිලකින් වැඩිවනු ඇතැයි එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

    මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණ වැඩිවනු ඇති බවයි.

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය විය.

    පසුගිය සිකුරාදා (04) මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසන් වනවිට ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න අගයක් ගන්නා ලදී.

    මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම පසුගිය සිකුරාදා සිට නතර කර තිබේ.

    චීනය විසින් අගෝස්තු 11 වනදා යුවාන් මුදල් ඒකකය අවප්‍රමාණය කළදා පටන් මේ දක්වා ඉන්දියානු රුපියල සියයට 3.9 කින්ද, මැලේසියානු රින්ගිට් මුදල් ඒකකය සියයට 08 කින්ද, ඉන්දුනීසියානු රුපියා මුදල් ඒකකය සියයට 4.5 කින්ද අවප්‍රමාණය වී ඇත.

    බයික් එකක් අරං 8 ගහන්න තමයි වෙන්නේ..
    :sorry::sorry::sorry::sorry: