ජපනුන් කෝච්චිවල නිදාගන්නේ ඇයි?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ජපනුන් කෝච්චිවල නිදාගන්නේ ඇයි?

    ජපනුන් කෝච්චිවල නිදාගන්නේ ඇයි?


    ලෝකයේ දියුණුම රාජ්‍යයක් හැටියට ගැණෙන ජපානයට එන බොහෝ සංචාරකයින් ජපනුන් ගැන එරටදී දකින්නට ලැබෙන අමුතුම ලක්ෂණයක් හැටියට දුම්රියේදී නිදාගැනීමේ පුරුද්ද සටහන් තබා යති.
    ඔබ ජපානයට අමුත්තෙකු නම් එහි පොදු ප්‍රවාහන සේවාවක යන්නට සිදුවූයේ නම් මේ කාරණාව කෙතරම් පොදු දෙයක්ද යන්න අවබෝධ වනු ඇත. ජපානයේ විශේෂයෙන්ම දුම්රිය මගීන් ගමන් කරන අවස්ථාවල නිදාගැනීම ඉතා
    4405a8487866a6de335670e3a7671fd8-night-train-early-morning-234x300.jpg
    සාමාන්‍ය ලක්ෂණයකි. ඇතැම් විට ගොරව ගොරවා නිදාගන්න‍ේ යාබද ආසනයේ ගමන් කරන නාඳුනන තැනැත්තා හෝ තැනැත්තියගේ සිරුරද ස්පර්ශ කරගෙන විය හැකිය. නමුත් මේ පුරුද්දට ඉඩ හසර දෙනු වෙනුවට බාධා කරන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ.
    වෙනත් රටක නම් දුම්රියේ නිදාගන්නා මගියාගේ ගමන් මළු හෝ වටිනා දේ නින්ද අවසානයේ අවදිවී බලන විට සොරකමට ලක්වීම නොවැළැක්විය හැකි අන්තරාවකි. නමුත් ජපන් සංස්කෘතිය තුළ එබඳු දෑ සිදුවීම ඉතා විරල බව පැවසේ.
    වඩාත් විස්මිත කාරණාවක් නම් රාජකාරී අවසන්වී යන කිසිවෙකු හෝ දුම්රියේදී නින්ද ආරම්භ කර පදිංචි ස්ථානය අසළ නැවතුමෙන් බැසයන්නට අවශ්‍ය අවස්ථාවේ නින්ද ඉබේම අහවර වී තිබීමයි. නින්ද නිසා බහින තැන අමතකවීම්ද විරල සිදුවීම් බව පැවසේ.
    වේලාව නොවරදවා ටක්කෙටම ගමන් කරන ජපන් දුම්රිය සේවාව තුළ නින්ද පවා සැලසුම්කිරීමට ජපනුන්ට හැකියාව ලැබී තිබේ.
    ජපානයේ ටෝකියෝ නුවර යනු ඉතා පිරිසිඳු ආරක්ෂිත කාර්යක්ෂම නගරයකි. මෙහි සේවා ස්ථානවල සේවය කරන බොහෝ දෙනා නගරයට එපිට ජීවත්වන අය වන අතර දුම්රියෙන් ගමන් කිරීම කවදත් සිදුවේ. නිවසේ වාහනයක් ඇති නැති භේදයද මෙයට බලපාන්නේ නැත. කාටත් රැකියාවට යන පහසුම ක්‍රමය දුම්රියයි.
    විදෙස් ජාතිකයෙකු ජපාන දුම්රියක සවස් කාලයේ යන විටෙක මේ රාජකාරී නිමවී යන මහජන කැල දක්නට ලැබෙනු ඇත. ඔවුන් නිදාගන්නා ආකාරය දෙස බලන සංචාරකයින් එක්වරම කල්පණා කරන්නේ මෙතරම් කම්මැලිකමක් ජපනුන්ට තිබේ නම් ඔවුන් දියුණු ජාතියක් වූයේ කෙසේද යන ගැටලුව ගැනයි.
    sleeping_on_subway-13052.jpg
    නමුත් මේ සම්බන්ධයෙන් පිටත සිට නරඹනවාට වඩා වැඩි අරුතක් ජපන් සංස්කෘතිය තුළින් ගම්‍යමාන කර ඇත. ජපනුන් විලාසිතාවට කාර්යක්ෂමතාව පෙන්වන ජාතියක් නොවේ. ඔවුන් ඕනෑම දෙයක් වෙනුවෙන් කැපවීම සිය ආත්මය කොට ගනී. ජපන් නිෂ්පාදනයක් යයි කී සැණින් ඕනෑම දෙයක් වටිනා ඉහළ ගුණාත්මක මට්ටමේ දෙයක් යන හැඟීමද ලොවට හෙළි කර ඇත්තේ මේ කියන කැපවීම හා අවංකත්වයයි. ඔවුන් හෘද සාක්ෂියට බොරු නොකරන ජාතියකි. සැබෑ කැපවීම ඔවුන්ට අධික වෙහෙසක් ගෙනදේ.එසේම ඔවුන් හුරුව තිබෙන කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර රටාවද ඔවුන්ට එම කැපවීමටට අනුබලයක් ලබාදෙනවා සේම නින්දටද හේතුවක් ඇති කර තිබේ.
    ඇතැම් ජපාන සමාගම් සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට සිය රාජකාරී අතර දිවා විවේකයේ ආහාර ගැනීමෙන් පසු කෙටි නින්දක් සඳහා අවශ්‍ය පහසුකම් හා වේලාව සැපයීමද දක්නට ලැබේ. ජපන් සංස්කෘතිය තුළ මෙම දවල් නින්ද කම්මැලිකමට හිමි අර්ථය ලබාදී නැත.
    රාජකාරී අවසන්වී දුම්රියට සේන්දුවන අධික වෙහෙස සහිත කාර්යාල සේවකයින්ට නින්ද යන්නට අවශ්‍ය තරම් සුවයක් එම දුම්රිය තුළද සපයා ඇත. ඒවා ඉතා ඉහළ මට්ටමින් නඩත්තු වන සද්ද බද්ද අඩු දුම්රිය වන අතර වටපිට කවුරුත් නිදාගන්නා පසුබිමක තමනුත් කෙටි නින්දක් ලැබුවාට ඇති වරද කුමක්ද වැනි හැඟිමක් ලබාදී තිබේ.
    ජපනුන් කෝච්චියේ ලබන නින්දෙන් පසු නැවත නිවසට ගොස් සන්ධ්‍යා කාල නින්දක් නොලබන අතර නැවත නිදියාගන්නේ රාත්‍රියටය. සන්ධ්‍යාවෙහි සිය පවුලේ උදවිය සමග යෙහෙන් ගතකිරීමටද ඔවුනගේ මෙම දුම්රිය නින්දෙහි පුරුද්ද රුකුලක්වී ඇත.
    turning-japanese-sleeping-train-2-.jpg

    turning-japanese-sleeping-train-3.jpg

    turning-japanese-sleeping-train-1-.jpg

    men-sleeping-on-train.jpg

    sleeping_salarymen.jpg

    121022010833-japan-sleeping-commuters-horizontal-large-gallery.jpg




     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන් කොහොමද බන් ඔච්චර පිරිසිදුවට තියාගෙන්නෙ .අපේ ගෙදරක උනත් කොච්චර කලත් දූවිලිනෙ :confused::confused::confused::confused:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උන් කොහොමද බන් ඔච්චර පිරිසිදුවට තියාගෙන්නෙ .අපේ ගෙදරක උනත් කොච්චර කලත් දූවිලිනෙ :confused::confused::confused::confused:

    humid leads to increased dust. humidity eka balapana duwili walätä ape humidity wadi ban aka epa wenawa. oya australia wage ratawal clean wela tiyenne ekath balapanawa. :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයේ ඉපදෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕන රටක් :love::love:

    ජීවත් වෙන්න වසනා කරන්න ඕන රටක් ජාතියක් :cool:...
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උන් දියුණු උනා කියල කරන හැමදේම අනුමත කරන්න ඕනෙ නෑනෙ.
     

    Similar threads