ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක

    ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක


    ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ වෙනස්ම ආකාරයක විරෝධතාවයක නිරත වී සිටිති. කර්මාන්තයේ අර්බුදයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වී සිටිති.

    විරෝධතාවයේ නිරත වුවත් ඔවුන් සේවයේ නිරත වෙති. එසේ නමුත් ඔවුන් රැකියාවේ ප්‍රධාන කොටසක් වන මගීන්ගෙන් මුදල් ගැනීම ඉටු නොකරති. අනෙකුත් බස් රථ සමාගම් හා සැලකිල්ලට ගැනීමේ දී දැඩි තරගයක් ඇති වී තිබෙන බවත් එම නිසා තමන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙසත් ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ ඉල්ලා සිටිති.

    ඔකයාමා නගරයේ බස් රථ රියදුරන්ගේ මෙම වෙනස්ම ආකාරයේ විරෝධතාව ඇතැම් පිරිස්වල ප්‍රශ්න කිරීමට ද ලක්ව තිබේ. අයිතිකරුවන්ට ආදායම් ලැබීම නවතා දමමින් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරත වීම සුදුසු නැතැයි එම පිරිස් පවසති.

    එසේ වුවත් තවත් බොහෝ පිරිසක් සහ ජපානයේ පුවත් වෙබ් අඩවි විරෝධතාවයට සහාය දක්වමින් අදහස් පළ කර තිබේ. මගීන්ගෙන් මුදල් අය නොකළද රියදුරන් ඔවුන්ගේ සේවය ඉටු කරන බවත් තරගකාරීත්වය තුළ වුවද බස් රථ සමාගම් සහ මගීන් අතර තිබෙන සබඳතාව ආරක්ෂා කිරීමට රියදුරන් කටයුතු කර තිබෙන බව විරෝධතාවයට සහාය දක්වන පිරිස් පෙන්වා දෙති.

    බී.බී.සී ඇසුරිනි



    ඡායාරූප ‘ද ජැපෑන් ටයිම්ස්’

    image_20d4f7707e.jpg


    image_9a50a7b177.jpg