ජපානය තනිකඩ වෙයි.
ජපානයේ යොවුන් පිරිස අතරින් බහුතරය තනිකඩව ජීවත්වීමට ප්‍රියතාවක් දක්වන බව එරට රජය මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
එරට අවුරුදු 18 ත් 34 ත් අතර වියේ පසුවන පිරිස අතරින් 61% ක් අවිවාහකව දිවිගෙවන බවද අදාළ වාර්තාවේ සඳහන්.
මෙම සංඛ්‍යාවෙන් අඩක් පමණ කාන්තාවන් බවට හෙළිවී තිබෙනවා.
2005 දී ද මෙවැනි සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.
නව තත්වය එම සමීක්ෂණයේ සංඛ්‍යාවලට වඩා ඉහළ ගොස් ඇති බවද හෙළිවුණා.
ලෝකයේ අඩුම උපත් අනුපාතයක් ඇති රටක් ලෙස ජපානය සැළකෙනවා.
මෙම දශකයේ දී එරට ජනගහනය සැළකිය යුතු ලෙස අඩු වුණා.
ඒ අනුව සෑම වසර පහක් පාසා මෙවැනි සමීක්ෂණයක් සිදුකිරීමට බලධාරීන් පියවරගෙන ඇති අතර එහිදී විමසා බැලෙන්නේ ලිංගිකත්වය සහ විවාහය පිළිබඳවයි.
වයස අවුරුදු 18 ත් 34 අතර එරට අවිවාහක පිරිමි අතරින් 61% ට පෙම්වතියක් නොමැති බව වාර්තා වී තිබෙනවා.
එම වයසේම පසුවන කාන්තාවන් අතරින් පෙම්වතෙකු නොමැති පිරිස එම සංඛ්‍යාවෙන් අඩක් බවද වාර්තාවුණා.
අදාළ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වූ පිරිමින් යුවතියක දෙස බැලීමට හෝ ප්‍රියතාවයක් නොදක්වන අතර එම මානසිකත්වයෙන් පසුවන කතුන්ගේ ප්‍රතිශතය 23% ක්.
මෙම පිරිසගේ විශ්වාසය වී තිබෙන්නේ වයස අවුරුදු 25 පසුකිරීමෙන් අනතුරුව ගැළපෙන සහකරුවෙකු සොයා ගැනීම දුෂ්කර බවයි.
එමෙන්ම ආර්ථිකය සවිමත් නොවීමද මෙම තත්වයට බලපා තිබෙනවා.
මේ අතරින් කාන්තාවන් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි බැවින් තනිකඩව ජීවත්වීම සුදුසු බවයි.
මේ අතර මෙම සමීක්ෂණයෙන් තවත් විශේෂිත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. එරට ජනගහනයෙන් වයස අවුරුදු 35 -39 අතර වියේ පසුවන අවිවාහක පිරිමි සහ කාන්තාවන් අතරින් හතරෙන් එකක් කිසිදු දිනක ලිංගික අත්දැකීම් ලබා නොතිබීම මෙම කරුණයි.