ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

    featured-image1.jpg


    Honda Vezel එක ලංකාවේ ජනප්‍රිය වෙනවත් එක්කම අළුත් Honda Vezel මොඩ්ල් එකකුත් හැම තැනම පැතිරෙනවා. ඒ තමා Honda Vezel Gold බැජ් model එක. Car Sale වල internet එකේ හැම තැනම අපිට මේ අළුත් model එක ගැන ads බලාගන්න පුළුවන්. සමහර sale වලින් මේ Gold බැජ් model එක වඩාත් උසස් model එකක් කියල වැඩි ගානකුත් අයකරනවලු. මොකද්ද මේ Gold බැජ් model එක? මොකද්ද ඒකේ තියෙන වෙනස?

    ඇත්තටම Honda Vezel Gold බැජ් model කියලා Honda Vezel model එකක් නැහැ. ජපානේ ගිහිල්ලා ඇහුවොත් ඒගොල්ලන් එහෙම model එකක් නැහැ කියල කියයි. මේක Honda Vezel එකට එන accessory (අතිරේකයක්) විතරයි. Honda එකෙන් එක හඳුන්වන්නේ Kit Gold Emblem ලෙසයි. අපි දන්න තරමට මේකේ නිල Honda part number එක O8F20-T7A -000. මේකෙ තියෙන්නේ ඉදිරිපස හා පසුපස Honda H අකුර සහ VEZEL නාම ලාංචනය Gold (රත්තරන්) පාටින් නිමවූ බැජ් පමණයි. සාමාන්‍යයෙන් ගොඩක් Honda කාර් වලට මේ බැජ් ලබාගත හැකියි.

    ලංකාවේ මේ Gold බැජ් එක රුපියල් 14000 ඉඳල 20000 විතර වෙනකන් එක එක තැන්වල තියෙනවා. ඉතින් මේ accessory එක දැම්මට කමක් නැහැ ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත. නමුත් සමහර තැන් වල එහෙම කරලා ඒක අලුත් model එකක් සේ පෙන්වන එක නම් වැරදි බවයි මගේ අදහස. ඕගොල්ලෝ මොකද හිතන්නේ?
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මීට ගොඩාක් කලින් අපේ රත්තරන් අයියා ඕක ඔහොමම දාලා තිබ්බ වගේ මතකයි..:baffled: ඉස්සුවනම් මිනිහ ගැනත් කිව්වනම් තමා වටින්නේ..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මීට ගොඩාක් කලින් අපේ රත්තරන් අයියා ඕක ඔහොමම දාලා තිබ්බ වගේ මතකයි..:baffled: ඉස්සුවනම් මිනිහ ගැනත් කිව්වනම් තමා වටින්නේ..:yes:

    රත්තරං ගොයියා නම් ඒ ගත්තු තැන ලින්ක් එක දාලා තිබුනා.......