විමල් ලැබුන ඇමතිකමට සාධාරණය ඉටු කරනව, මේ ආණ්ඩුවෙ ඒ වගේ අය ගොඩක් ඉන්නව,
අහස පෙන්නුවා ම පොළව දිහා බලනවා වරාය විකුනපු සල්ලි වැටුණේ කොහෙට ද හෙල්පින් හම්බන්තොට ට නෙවෙයි නේ. මෙතැන කථා කරන්නේ වරාය විකුණලා කාපු සල්ලි ගැන

කරොත් වටිනවා සිරාවට.එකලස් කරන එකෙන් පටන් ගත්තත් අවුලක් නෑ ශේප් එකේ අනික් ඒවටත් බහිනව නන්.මොකෙන් හරි පටන් ගන්න එපැයි.
වොක්ස්වැගන් වගේ නොවේවා කියල හිතමු
කලබල වෙන්න දෙයක් නැහැ නේ හෙල්පින් හම්බන්තොට ගැන ගිය ආණ්ඩුවෙන් පරීක්ෂණයක් කරා නේ . ඒක රුපියල ක් හොරා කෑව කියලා හොයා ගන්න බැරි උනේහෙල්පින්ග් හම්බන්තොට කිව්වම මොකද කලබල උනේ ?
කොයි සල්ලිත් සල්ලි තමයි මල්ලි
Thawa aluth thread ekak dahan mekama kiyala
කවුරු මොනව කිව්වත් අද්ද අද්ද පටන් ගත්තත් ඕවා සර්ථක වෙන්නේ නෑ.. පටන් ගත්තත් විශාල යටි අරමුණක් ඇතුව සිද්ධ වේවි. සමහර විට පෝට් සිටියේ ආදායමක් ගැන පුරෝකතනයක් කරල ඔය කර්මාන්තශාලා පටන් ගන්නත් ඉඩ තියෙනවා.. නමුත් සාර්ථක වෙන්නේ නෑ..![]()
වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
කවුරු මොනව කිව්වත් අද්ද අද්ද පටන් ගත්තත් ඕවා සර්ථක වෙන්නේ නෑ.. පටන් ගත්තත් විශාල යටි අරමුණක් ඇතුව සිද්ධ වේවි. සමහර විට පෝට් සිටියේ ආදායමක් ගැන පුරෝකතනයක් කරල ඔය කර්මාන්තශාලා පටන් ගන්නත් ඉඩ තියෙනවා.. නමුත් සාර්ථක වෙන්නේ නෑ..
හේතුව
මීට වසර කිහිපයකට කලින් ඩොක්යාර්ඩ් සමාගමේ හිටපු ඉතා ඉහල නිලධාරියෙක් ඔවුන් ඒක ජපන්නු සමග පටන් ගත්ත හැටි කීවා.. දෙරණෙ බිස්නස් වැඩසටහනකට ඇවිත්.. මෑතකාලීනව තවත් ආයෝජනවලට ඔවුන් කටයුතු කළත් සාර්ථක වුනේ නෑලු.. හේතුව විදියට කීවේ කාලාපයේ වැඩිම විදුලි බිලක් ගෙවන්නේ අපේ රටේ ලු.. ඒක නිසා බලන් ඉන්දැද්දි අර රටවල මිනිස්සු අපේ පරිසරය යෝග්‍ය වුවත් අපේ රටට එන්නේ නෑ.. විදුලිය, ඉන්ධන වැනි සධක මත අනෙකුත් නිෂ්පාදන වියදම් ඉහළ යනවා.. තේරෙනවනේ..
කෑමවල මිල ඉහල යන්නෙත් ඒකනේ.. අනික තමයි රටේ මූල්‍ය අක්‍රමිකතා.. මේ නිසා කෑම මිල ඉහලයි.. ඒකනිසා අනිත්වා කෙසේ වෙතත් විදුලිය, කෑම ඉතා තදින්ම වැටුපට බලපානවා.. ඒකනිසා අධික වැටුප් ගෙවන්නත් සිද්ද වෙනවා..
ඉඩම් ගොඩනැගිලිවල මිල අනවශ්‍ය ලෙස ඉහල දාන සීන් එකක් පේන්නෙ නැද්ද ඔගොල්ලන්ට..
මේ හේතුන් ඔක්කොම නිසා අධික වැටුප්, අධික නිෂ්පාදන, අධික යටිතල පහසුකම් වියදම් නිසා උන්ට ඉන්දියාව, වියට්නාමය, බංගලා දේශය, භූතානය නේපාලය වාසි වෙනවා
අඩුම ගානේ විදුලිය පිලිබඳව තියෙන නාස්තීන් අක්‍රමිකතාවත් හරිගස්සල ඒකේ වියදම අඩුකරනවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා..
නැතන් ඉතින් හරි හමන් කොම්පැනියක් එන්නේ නෑ.. එක්කෝ ආවත් රජයට බලපෑම් කරයි අරක දීපන් මේක දීපන් කියල..
![]()
වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
wow ලංකාවේ අපිට ගන්න බැරිදඇමෙරිකානු වාහන, දේශීය ඉංජිනේරුවන් අතින්
කනපිට හරවන AGI වෙත රාජ්‍ය මට්ටමින් සහයෝගය
කඩුවෙල පිහිටි Autogroup International (Pvt) Ltd (AGI) ආයතනය හරහා යුරෝපයේ නිෂ්පාදිත මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වා එය ඕස්ට්‍රේලියානු මෝටර් රථ වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට නැවත සකස් කර ඕස්ට්‍රේලියාවට අපනයනය කරනු ලබයි. මෙය 100%ක්ම ඕස්ට්‍රේලියානු සමාගමක් වන AGI මෙය 1994 දී ආරම්භ කළ අතර, මෝටර් රථ ප්රතිනිර්මාණ අතින් (ධාවනය කරනු ලබන පැත්ත වෙනස් කිරීම) ඉදිරියෙන්ම සිටින සමාගමකි. ඇමෙරිකානු මෝටර් රථ Chevrolet – Camaro හා Silverado, Cadillac – Escalade, Ford – F150, F250 හා Shelby Mustang, Dodge – RAM, Challenger, Charger, GMC – Yukon, Denali හා Sierra, Hummer – H2, & H3, Lincoln - Navigator වැනි වාහන මෙම ආයතනයේදී නැවත සකස් කරනු ලබනවා. ඒ ඕස්ට්‍රේලියානු වෙළෙඳ පොළට ගැලපෙන අයුරින්. මීට අමතරව Nissan Titan හා Toyota Tundra වැනි Japanese North American මාදිලිත් මෙහිදී සකසනු ලබනවා. මෙම කර්මාන්තශාලාවේ ඇති විශේෂත්වය වන්නේ නැවත සකස් කරනු ලබන සියලු වාහන අමතර කොටස් ආදිය දේශීය ඉංජිනේරුවන් විසින් නිර්මාණය කිරීමයි.
මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පෙරේදා දිනයේදී මෙම කර්මාන්ත ශාලාව නැරඹීමට එක්විණි. රටට විශාල විදේශ විනිමයක් රැගෙන එන ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ මෙවැනි කර්මාන්ත සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් එම කර්මාන්ත වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරනය කරන ලදී.
#Autogroup #International #AGI #DilumAmunugama
View attachment 116867View attachment 116868View attachment 116869View attachment 116870View attachment 116871View attachment 116872View attachment 116873View attachment 116874View attachment 116875View attachment 116876
wow ලංකාවේ අපිට ගන්න බැරිද![]()
baruwa athi bn.ram nam mn jeewiteta dakala na paare yanewa.wow ලංකාවේ අපිට ගන්න බැරිද![]()