රස්සාවට කලින් පුලුවන් තරම් ඉගෙන ගන්න බලන්න. නැත්තම් පොඩි රස්සාවක් කරන්න තමුන්ට ඉගෙනීමේ වැඩ වලට වෙලාව ලැබෙන.
බාගෙට ඉගෙන ඒකට ගැලපෙන හොඳ ජොබ් එකක් කරන්න ගත්තම, පස්සෙ වැඩිදුර ඉගෙන ගන්න හිතුනම ඒකට වෙලාවක් හම්බෙන්නෙ නෑ.
දැන් රස්සාවල් වල වගකීම ගොඩාක් වැඩී, වැඩ කරන්න වෙන වෙලාව, වැඩට යන්න එන්න යන වෙලාව, ස්ට්රෙස් එක, ඇඟේ මහන්සිය ඔක්කොම වැඩී. මේ ඔක්කොම එක්ක පඩියත් ටිකක් වැඩිපුර හම්බුනාට තමුන් වෙනුවෙන් කැප කරන්න තියෙන කාලය ශක්තිය ගොඩාක් ඒත් එක්කම අඩු වෙනවා.
ඉගෙන ගෙන එන කාගේ අනුක්රමණය, අත්දැකීමෙන් ඉහළට යන එකාගෙ එකට වඩ වැඩී. කොහොම ගියත් කොළේ නැත්තම් යම් මට්ටමකින් හිර වෙනවා.
ඉතින් ඉගෙන ගෙන රස්සා කරල දියුණු වෙන්න හදන උන් උපාධි මට්ටමටවත් ඉගෙනගන්නකල් ලොකු රස්සාවල්, පඩි ගැන බලන්න එපා.
මේක මට කෙළ උන තැනක්, මගේ ක්ෂේත්රය ගැන අත්දැකීමෙනුයි මම කිව්වෙ. දැන් මම අයෙත් අඩු පඩියක් පොඩි රස්සවක් එක්ක ඉගෙන ගන්නවා. නමුත් මොලේ ඉස්සර තරම් වැඩ නැති එක ලොකු පාඩුවක්.