ජබොස් ලේන්...Updating

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]දෙවෙනි කථාව..

    ඔහොම පොඩි කාලෙ ගෙවිලා ගියා.... මේක අපි කට්ටිය අපොස සා පෙ ලියනකොට උන වැඩක්... උන වැඩක්ම තමයි....

    මතියයි මමයි එක වයස නිසා උයි මායි එකටමයි පන්ති ගියේ... එකටමයි පාඩම් කලේ...
    උටත් මට වගේම තමයි... ඉගෙනගන්න පුළුවන් (ද බැරිද කියලා දෙයියො තමයි දන්නෙ )
    අපි ඉස්කොලෙ ගිය ස්කූල් වෑන් එකේ ඉතිං තව තව ඉස්කෝල වල අය යනවනේ.... අන්න එහෙම ගිය එක ගර්ල්ස් ස්කූල් එකක එක්කෙනෙක් ගැන මතියගෙ සිතක් පහල වෙල‍‍ා...
    මේ ගොනා ඒක මට කිව්වෙත් පහල වෙලා දවස් දෙක තුනකට පස්සෙ... අපරාදෙ වෙන්න කලිං කිව්වා නං මම උට කලින් පහල කර ගන්නවා... හරි ඉතිං කොහොම හරි මේක පහල උනා කියමුකෝ..... දැං තියෙන පුරස්නෙ ඕක එයාට කියන එකනෙ.... මම කිව්වා වෑන් එකේ අංකල්ගෙ මාර්ගයෙන් අහමු කියලා... එතකොට උ කියාපි ඔව් ඔව්... වෑන් එකේ අංකල්ට කිව්වම එක පාරම කෙලින්ම ගෙදරින්ම අහලා කියයි.... අනේ මගෙ කට...
    [/FONT]
    [FONT=&quot]එයාගෙ නම නිලක්ශි... නිලක්ශි කියන්නේ නිල් ඇස් කියන තේරුම කියලා හොයා ගත්තෙත් මම .. ඒ උනාට ඒක එයාට ඉස්සෙල්ලම කිව්‍වෙ මතිය... කොහොමෙං කොහොමෙං හරි කථා බහ වලින් ඒ ළමයාගෙත් වැඩි අකමැත්තක් නෑ කියලා අපිට තේරුනා.... අනේ වාසනාවන්... මට හරි නොගියත් මතියාට හරි යන්න ඕනෙ... ( ඒ මං උ ඉන්න වෙලාවට කියපු විදිහ )
    නිලක්ශි ඉගෙන ගත්තේ අපේ අල්ලපු වැටේ තියෙන ඉස්කෝලෙ. ඉතිං හැමදාම ඉස්කොලෙ ඇරුන ගමං එළයට පනින්නේ මතියයි මමයි... මාස ගානක් සතේ සතේ එකතු කරලා කීයක් හරි හොයාගෙන... ලග තියෙන කඩේකිං චොකලට් එකක් හරි තෑග්ගක් හරි අරගෙන ඉන්නවා අරයා එනකං... අපිට ඒ කාලෙ ෆෝන් තිබ්බෙ නෑ නේ.... ගෙදරට විතරයි තිබු‍නේ.... ( මට ෆෝන් එකක් හම්බ උන කථාව ඊලගට දාන්නම්... ) ඉතිං ලියුම් වලින් තමයි ඔක්කෝම කථාව... වෑන් එක ඇතුලේ හෙන රොයිටර්ලා සෙට් එකක් හිටිය නිසා කිසි දෙයක් කථා කරන්න බෑ ... එහෙම කියලා ඉගි කරන එක නං මතියා කවදාවත් නතර කලේ නැහැ. ලියුම් , තෑගි එහෙම හුවමාරු කරද්දි මම තමයි සපෝටර්. මගෙන් ඉටු උන අපරිමිත අමිල සේවය නිසා තමයි ඔය ලව් එක නැගලම ගියේ... [/FONT]

    [FONT=&quot]මේ අතරේ පොඩි පොඩි අව්ල් උනා.... නිලක්ශි ගේ පන්තිය ලගට කීප දවසක්ම මතියට යන්න බැරි උනා..... එන්නයි කියලා අනිවා ම කියපු දවසක මේ භූතයා නුවර ගියා ... වෙන කෙල්ලෙක් එක්ක කථා කර කර ඉන්නවා ( මම විසින්) නිලක්ශගේ අතටම මීටර් කරලා දුන්නා..
    ඔන්න ඉතිං නිලක්ශි දවසක් ලියුමක් දුන්නා.. ඒකේ කියලා තිබුනේ..එයාට කියන්න තියෙන දෙයක් ලියුම් වලින්ම ලියලා දෙන්න.... වැඩිය කථා කරන්න බෑ බයයි කියලා. තව අර පොඩි පොඩි අව්ල් ගැන නිදහසට කාරනා අහලා තිබුනා ....
    .. හරි.... එළ එළ... ඔහොම යං මචං කියලා මමත් මතියගේ පිටට තට්ටුවක් දැම්මේ.. උට ලියුමක් තියා වාක්‍ය රචනාවක් වත් හරියට ලියාගන්න බැරි නිසා... සහ... මගේ වැඩ පෙන්වන්න එළ චාන්ස් එකක් ඉස්සරහට එන්න තියෙන නිසා...
    ඒත් මතියා අත ඇරියේ නෑ.... පිටු 80 පොතක් ඉවර වෙනකං.. රෑ එළි වෙනකං උ ලියුමක් ලියලා...
    එකක් නෙවෙයි ගොඩාක්... අන්තිමට හොදම එක කියලා උ හිතපු එක මට ගෙනත් පෙන්නුවා...
    මෙන්න.. ඔයාම කියවලා බලන්න..

    [/FONT]
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මතී,[/FONT]​
    [FONT=&quot]*******,
    *** මාවත,
    ජම්බු ගස් වත්ත,
    කඩවත.
    [/FONT]​
    [FONT=&quot]2005.**.**.[/FONT]​
    [FONT=&quot]නිලූ....
    *******
    *****
    ******** **
    ****** ය..

    [/FONT]

    [FONT=&quot]මා ආදර, සමාදර හිතාදර ලයාදර නිලු.....[/FONT]
    [FONT=&quot]

    ජීවිතේටම ලියන පළවෙනි පෙම් හසුන...

    [/FONT]​
    [FONT=&quot]
    ජීවිතේට කාටවත්ම නෑ මා....
    ජීවිතේට කාටවත්ම නෑ මා....
    මෙවැන ලිපියක් ලියා.....
    ලියන මුල්ම මේ පෙම්පතේ......
    වැරදි තිබුනා කියා.....
    කිසිම දිනක තරහා නොවී
    ඉන්න මාහා ඔයා.......
    ගෙදරට හොර රහසේ...
    මහ රෑ අවදි වෙලා...
    ඔබ එවු ලිපිය බලා ..
    පිළිතුරු ලියන පැයේ....
    සිතේ තියෙන දේ කියා ගන්න බෑ...
    සිතේ තියෙන දේ කියා ගන්න බෑ...
    බියවී සිතත් සැලෙනවා....
    පෑනත් අතත් ගැහෙනවා......

    [/FONT]
    [FONT=&quot]ගිය සදුදා ඉස්කෝලේ එන්න බැරි උනේ..
    ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ...

    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ...
    දරාගන්න බෑ ගිනිසිළු වැටෙයි සිත් මලේ..

    වරදක් කලත් සිතකින් නොවෙයි
    රිදවන්නෙ පළි ගන්නෙ ඇයි...

    සැන්දෑ අහස වගේ සැරසීලා එන්න කියා....
    මම අද එන්නයි හිටියේ....
    බයික් එකෙ පැච් එකක් ගියේ...
    [/FONT]

    [FONT=&quot]පෙම්ලොකයෙ කොතරම් අවහිර බාධා තිබුනත්...
    එක හිත ඇතිනම් බෑ වෙන් කරන්න හීනෙන්වත්...

    ශෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරං...

    මල් කුමරියො හිටියත් කොතරම් කැලේ..
    ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..

    අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ...
    අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල ඉල ඉන්නේ..
    (මේක නං කියලා තියෙන්නේ මාත් එක්ක කේන්තියටද මන්දා.. )
    [/FONT]
    [FONT=&quot]
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා......

    මා ඉතිං යන්න යනවා....
    මට යන්න අවසරයි......
    [/FONT]

    [FONT=&quot]අවසාන වශයෙන්...
    කියන්න ඔබ තවමත් ආදරෙයිද මට..... ?

    [/FONT]

    [FONT=&quot]මීට ,
    ඔබගේ විශ්වාසී,
    මතී...

    [/FONT]​
    [FONT=&quot]මේක ඉස්සෙල්ලම කියෙව්වම මට නිකං පික්සු වගේ උනා.. ඒත් මම හිනාව අමාරුවෙන් නතර කරං හා හා මචං ඕක එළ කියලා කිව්වා...

    යකෝව්.... මේකෙ කිසි ආදර ගතියක් නෑ... ලියපං ලියපං තව කවි දෙක තුනක් ... ආදරේ උතුරන්න.... මම උට ටොක්කක් ඇනලා කවි දෙකක් තුනක් ලියලා දුන්නා... කොහෙන් මතකෙට ආවද මන්දා... ලගදි කියවපු පොතකවත් තිබ්බ කවිද මන්දා...
    නැතත් කවි ලියන්ට බැරිද මෙයා මට... :rolleyes::rolleyes:;)

    [/FONT]
    [FONT=&quot] ඔබ මගෙ පෙම් කද රන් කද පොල් කද....[/FONT]
    [FONT=&quot] මාසේ පෝයට පායන පුන් සද... [/FONT]
    [FONT=&quot] ආබව ඇත්තයි ගස් නගිමින් ඉද... [/FONT]
    [FONT=&quot] නාලායි ආවේ දැන් නෑ ගස් ගද.... [/FONT]

    [FONT=&quot] එන්නකො මාගේ සූකිරි බෝලේ .........[/FONT]
    [FONT=&quot] අපි දෙන්නට දැන් සිකුරුගෙ තාලේ.....[/FONT]
    [FONT=&quot] දාගමු දෙන්නම පොල්කටු මාලේ....[/FONT]
    [FONT=&quot] නටමු ගයමු අපි ගසමින් ඩෝලේ..... [/FONT]:D:D
    [FONT=&quot]
    [/FONT]
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]ශා... එළ එළ ... තෑන්කූ දිනූ.... උඹ නං දෙයියෙක්.... මතියට මාර හැපි.... හා හා දෙයියා පෙනෙයි තොට.... දීල බලපංකෝ ලියුම..... [/FONT]
    [FONT=&quot] අහෝ..... ඒ දිනය උදා විය..... පක්ශීහු නිලඹර සිසාරා පියාසරන ඒ මනරම් වූ උදෑසන.... පොත් බෑගත් රැගෙන අපි වෑන් රියට ගොඩ වූයෙමු... කලබලය හා තියන ඉවසිල්ලක් නැති කුප්පකම නිසා මතියා රෑ එළි වෙනතුරු ලිවුම දිග ඇර දිග ඇර කියවීමට යාමෙන් එහි කොන් නැවී තැලී පොඩිවී රීකන්ඩිශන් ලෙටර් එකක් වී තිබුන නමුත්... ලස්සන සුදු ලිව්ම් කවරයක දවා ලැවැන්ඩර් සෙන්ට් බෝතලය හලා එය යන්තං රෙපෙයාර් කර ගන්නට උ සමත් වී ඇත. මට උ ගැන ආඩම්බරයි. වෑන් එකේ අප බලාපොරොත්තුවෙන් සිටි රූමතියට ලිව්ම දුන්නාට පසු ලෝක යුද්ධෙන් අප බේරුන විට එකල අප ජනාධිපතිට ඇතිවූ හැගීමට සමාන හැගීමක් මට ඇති විය.... [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] මතියා උඹ ඉවරි මචං... ඕක කියෙව්ව ගමන් ඕක ඉවරෙටම ඉවරයි..... කෙල්ල උඹට බූට්... අන්න එතකොට මම මෙන්න මේ ලියුම දීලා එයාව සෙට් කර ගන්නංකෝ... උඹට හුලං තමයි... [/FONT]
    [FONT=&quot] මම මටම කොදුරා ගත්තේ උඩ සාක්කුවේ දාගෙන ආ මගේ ලියුම එහි තිබේදැයි සැක හැර පරීක්ශා කර ගනිමිනි...... එදින පාසල් කාලය ඉතා දිගු විය.... ක්ලෙමෙන්ටිනාගේ ඉතිහාස පාඩම මුළු ඉතිහාසයම කියා දෙන තරම් දිගු ලෙසද.... වලිප්පුස්ගේ ගනන් පාඩම ලෝකය වටේ පයින් යන තරම් දුර ලෙසද.... කොටින්ම කියනවා නං මා වෙනදට හෙන ආස‍ාවෙන් බලා ඉන්නා විවේක කාලය ඔක්කෝටම වඩා දිග ලෙස අප දෙදෙනාටම සිතුනි... [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] අහා..... ඒ සොදුරු සැන්දෑව උදා විය...... ඈ පාසල ඇරී එළියට එනකං අපි බලං සිටියෙමු.... [/FONT]
    [FONT=&quot] මතිය දන්නවා නං මේ සිද්ධිය.... කමක් නැ... දැන ගත්තදෙං.. උ උනත් දැන ගන්න ඕනෙ උට වඩා මමයි ඔය කෙල්ලට ගැලපෙන්නේ කියලා.... [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    සුදු පරවි රෑන සේ....
    පියාසලා.....
    පාසල නිමවී....
    යොව්න් කුමරියන්...
    පෙලින් පෙලට එයි....
    ඈ තාම නෑ.....[/FONT]

    [FONT=&quot]ඈ............... තාමනෑ.......[/FONT]
    9.gif

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] මතියා කඩේ බැම්මට වී කොදුරයි.... මැට්රික්ස් වල හුලං කපාගෙන බුලට් යන්නා සේ... ඔරලොසුවේ තත්පර කට්ට පැයකට එක වතාවක් කැරකෙන තරම් වේලාව හෙමින් යනවා දැයි මට සිතේ..... හරි හරි මචං එයා එනවා.... බලමු ලියුමක් දෙයිද කියලා.... [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මොන ලියුංද බං ඔන්න බලපං එයා ඇවිත් උඹේ මූනටම දෙකක් කියයි... මට හදිසියේම කියවුනි.... [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මොකක් ..... අනේ මේ ... විහිලු එපා බං... බලපංකෝ..... ඈ මදක් ඈතට වී නතර උනාය... ඇගේ මිතුරිය සෙනුදි අප වෙත ආවාය... [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] නිලූ කියන්නයි කිව්වා......... ලියුමක් ලියාගන්න වෙලාවක් ලැබුනේ නෑ කියලා.... ( මතියාට දුක ):lol:[/FONT]


    [FONT=&quot]අර අයියලා ලියපු ලියුම නං හෙන ගොං එකක් ලු. ( මට මාර සතුට ) ( මතියාට චිත්ත සන්තාපය ) :lol:

    හැබැයි අර අන්තිමට ලියලා තිබ්බ කවි දෙකෙං ඒ ඔක්කොම ගොංකං ගියාළු.... හරිම ක්රියේටිව් මයින්ඩ් එකක් ලු තියෙන්නේ.... තෑන්ක්ස් කියන්න කිව්වා..... ( මට අදහාගත නොහැකි විශ්මය ):no::baffled::baffled::rofl::P[/FONT]

    [FONT=&quot]( මතියාට මාර හැපි ) :baffled:[/FONT]


    [FONT=&quot]අනිද්දට කථා කරන්න පාරට එන්න කියලත් කියන්න කිව්වා... මම යන්නම් අයියේ.... :):)


    ඊට පසු ඈ කියූ කිසිවක් මට ඇසුනේ නැත..... :no:

    මචං මට උඹව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා.... තෑන්ක්ස් බං... උඹ නැත්තං අද මම ඉවරයි.... :dull:

    මාව කර‍කවලා අත ඇරියා සේය.......

    මේ ... දිනූ... ඒක නෙවෙයි උඹ කොහොමද බං කිව්වේ නිලූ ලියුං දෙන එකක් නෑ ඇවිත් කථා කරයි කියලා.....
    න් ...නැ නැ.... .නැ ...නැ ..... බං..... ම ම ම .... මට...... මට.... නිකමට හිතුනා... [/FONT]





    [FONT=&quot]නිමි. [/FONT]
    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]
    [/FONT]
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මැක්ස මචන්....
    11.gif

    තව ලියපන්..
    දෙන්න පුලුවන් සප් එක දෙන්නම්....
    :)