ජන්ම + බුද්ධ + ද්වීපය යන්න බස් වියර අනුව සන්ධි කල නොහැකිලූ. සන්ධි කලේ කවුද? “බුද්ධ” යන වචනය මෙතැන නැත. ඇත්තේ ජන් + බු + ද්වීපයයි. ජනිත වූ තැන යන අර්ථයයි. “බු” යනු භව යන අර්ථයයි. (භව ජනිත වූ ද්වීපය) ජනිත වූ බව (භව) පැවතුන (දේශය) ද්වීපය ජන්බුද්වීපය විය. බුදුන් හැර වෙනත් අය උපන් දේශයට ජන්බුද්වීපය කියන්නේ නැත. බුදුන් උපන් දේශය ද්වීපය හැගවීම සඳහා බුදුන් උපන් ජන්බුද්වීපයයි කීවේ එහෙයිනි. මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිපාණන් තම කෘතිය නම් කර ඇත්තේ “අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යනුවෙනි
උපුටා ගැනිමකි