








ජිනීවා නුවර පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 123 සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ආදිය සම්බන්ධයෙන් පුළුල් විවාදයක් ඇතිවූ වග විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් රැසක් නියෝජනය කරමින් සභානායක වරුන් 25 දෙනෙකු,මන්ත්‍රීවරියන් 155 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 488 දෙනෙකු සහභාගී වී ඇතැයි සඳහන් වේ.
මෙම සැසිවාරය නියෝජනය කරමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට ශ්‍රී ලංකාවේ විපක්ෂයේ නියෝජිතයා ලෙස සහභාගී වීමට නම යෝජනා වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතායි.
එසේ වුවද ඒ සඳහා අවස්ථාව ලබා නොදීම නිසා විපක්ෂයේ නියෝජිතයා ලෙස සහභාගී වී සිටින්නේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් මහතා වේ.රජය නියෝජනය කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වුවද අද දවසේ දොස්තර ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා මෙම සමුළුව අමතමින් පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතා දේශපාලන පළිගැනීමක් වශයෙන් බන්ධනාගාර ගතකර ඇති වග පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය වෙමින් පවත්නා බවද ජයවර්ධන මන්ත්‍රීවරා කියා සිටි බව ටැමිල් වින් වෙබ් අඩවිය උපුටා දක්වයි.
කෙසේ වුවද අන්තර් පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊට පිළිතුරු වශයෙන් කියා ඇත්තේ ෆොන්සේකා මහතා බන්ධනාගාර ගත කර ඇත්තේ දේශපාලන වශයෙන් පළි ගැනීමක් සඳහා නොවන බවයි. ෆොන්සේකා මහතාට එරෙහින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් නීතිමය විධිවිධාන වලට අදාළව දඬුවම් පමුණුවා ඇති බව සමරසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එසේ වුවද ශ්‍රී ලංකා මන්ත්‍රීවරයාගේ සහ අමාත්‍යවරයාගේ කතා බහ දිග්ගැසීමෙන් හා වෙනත් රටවල මන්ත්‍රීවරුන් ඊට දැක්වූ ප්‍රතිචාර මධ්‍යයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 123 වන සැසි වාරය උණසුම් වූ බව සඳහන් වේ.
Last edited:

