ජයලලිතාට_ඇප_දේ
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මීට නොබෝ වේලාවකට පෙර තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මෙනවියට ඇප ලබාදුන්නා. ඒ ඇය ඉදිරිපත් කර තිබූ ඇප අයදුම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමෙන් අනතුරුවයි. ඇයගේ ආධාරකරුවන් විශ්වාසය තබා ඇත්තේ ජයලලිතා ජයරාම් නායකත්වය ලබාදෙන ඒ ඞී එම් කේ පක්ෂයේ 43 වන සංවත්සරය අදට යෙදී ඇති බැවින් ඇයට ඇප හිමිවනු ඇති බවටයි.
සිය පළමු ධූර කාලයේදී අයථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙන් ජයලලිතා ජයරාම්ට වසර 4 ක සිරදඩුවමක් නියම කෙරුණා. ඇයට හිමි වූ දඩය ඉන්දීය රුපියල් කෝටි සියයක්. පසුව ජයලලිතා ජයරාම්ට ඇප ලබාගැනීම සදහා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම ප්‍රතික්ෂේපවීම හේතුවෙන් ඇය තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවයි.

Code:
http://nethfm.com/article/40608#sthash.3Wl0kgus.dpuf