ජර්මන් නගරාධිපති මිහින්තලේදී පැවිදි බි&#3512

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජර්මන් නගරාධිපති මිහින්තලේදී පැවිදි බි&#3512

    ජර්මන් නගරාධිපති
    මිහින්තලේදී පැවිදි බිමට එක්‌ වෙයි

    'දේශපාලකයා ජනතාවට පරමාදර්ශී සහ අවංක විය යුතුය!
    ඒ සඳහා හොඳම මග බුදුන් වහන්සේගේ ධර්මයයි'

    ථෙරවාදී බුදු දහම කෙරෙහි දැඩි ලෙස පැහැදීමට ලක්‌ වූ ජර්මනියේ ඕබන් ඩෆ් (oban Dorf) නගරයේ නගරාධිපති පනස්‌ පස්‌ හැවිරිදි දෙදරු පියකු වන හර්මන් ආකර් මහතා (Herman Acker) ඊයේ (30 දා) මිහින්තලේ රජමහා විහාරස්‌ථානයේදී තාවකාලික පැවිදි බව ලබාගත්තේය.

    මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්‌ත්‍රවේදී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා මත උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ (ඕබන් ඩෝෆ්) රතනසිරි යන නමින් නගරාධිපතිවරයා පැවිදි බව ලැබීය.

    පවුල් දහහතර දහසක්‌ පමණ ජීවත්වන ජර්මනියේ ඕබන් ඩෝෆ් නගරයේ නගරාධිපතිවරයා ලෙස වසර දහහතරක සිට කටයුතු කරන තමන් බුදුදහම පිළිබඳව පොත්පත් රාශියක්‌ පරිශීලනය කොට ඇති බවත් බුදුන්වහන්සේගේ දේශනා අනුව යමින් මනා ශික්‍ෂණයකින් යුතුව මහජන සේවය වඩාත් ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා ධර්මානුකූල ජීවිතයක්‌ ගතකිරීමේ අරමුණින් තමන් තාවකාලිකව හෝ පැවිදි බව ලැබීමට තීරණය කළ බවත් ජර්මනියේ රතනසිරි හිමියෝ "දිවයින" ට පැවසූහ.

    දේශපාලන කටයුතුවල සහ මහජන සේවයෙහි නිරත වන විට දේශපාලකයා හැම විටම ජනතාවට පරමාදර්ශී වෙමින් අවංකව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා හොඳම මග බුදුන්වහන්සේ දෙසූ ධර්මය බවත් උන්වහන්සේ කීහ.

    තමා මිහින්තලේ රජමහා විහාරස්‌ථානයේ වැඩවාසය කරන කෙටි කාලසීමාව තුළ හැකිතාක්‌ භාවනානුයෝගීව වැඩසිටිමින් බුදුදහම අධ්‍යයනය කිරීමට අපේක්‍ෂා කරන බව පැවසූ ජර්මනියේ රතනසිරි හිමියෝ ඒ සඳහා සුදුසුම ස්‌ථානය මිහින්තලා පුදබිම බවත් කීහ.

    දැනට ඕබන් ඩෆ් නගරයේ නගරාධිපතිවරයා ලෙස ක්‍රියා කරන තමන් වහන්සේ 2015 වසරේදී නැවත වරක්‌ නගරාධිපති ධුරයට තරග කිරීමට අපේක්‍ෂා කරන බවත් උන්වහන්සේ පැවසූහ.

    තමන් වහන්සේ මීට මාස කීපයකට පමණ ඉහතදී ජර්මනියේ ඕබන් ඩෆ් නගරයට වැඩම කළ අවස්‌ථාවේ එහි පැවති උත්සවයකදී නගරාධිපති හර්මන් ආකර් මහතා හමු වූ බවත් එහිදී බුදුදහම කෙරෙහි ආදරයක්‌, හැඟීමක්‌ තිබෙන තමාට තාවකාලිකව හෝ පැවිදි බව ලැබීමට කැමැත්තක්‌ ඇති බව හර්මන් ආකර් මහතා පැවසූ බවත් ඒ අනුව මේ රටට පැමිණ ඔහු මෙලෙස තාවකාලිකව පැවිදි දිවියට පත් වූ බවත් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

    මෙම අවස්‌ථාවට ඕබන් ඩෝෆ් නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ඇනට්‌ එල්බන් මහත්මිය සහ ඇගේ සැමියා වන ආර්. එන්. එල්බන් මහතා ද එක්‌වූහ.

    ඡායාරූපය - අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
     
    • Like
    Reactions: thilinasb

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    එහෙ අය මෙහෙ ඇවිල්ල මහන වෙද්දී අපේ අය හොරකම තව වැඩිකරනවා අනේ අනේ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mokakda ban me thawakalika pawidi bawaa kiyanne?

    mama hithanne sumanekata masekata wage bhikshun wahanse namak inna widiyata innawa ,eta passe gihi wenawa.meke sarthaka asarthaka bhawaya sudusu nusudusu bhawa nam danne naa.
    ara sanath gunathilakath mehema una mathakai podi kalekata