ජර්මනියේ වැක්සින් ගහපු හැටි

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මම මෑතකදී Pfizer-BioNTech වැක්සින් එක ගහ ගත්තා, ජර්මනියේ බර්ලින් වලදී. එකේ අත්දැකීම කියන්න කල්පනා කරා.

    මෙහේ වැක්සින් දෙන්නේ priority list එකකට. මුලින්ම සෞඛ්‍ය අංශයේ අයට, ඊට පස්සේ වැඩිහිටි නිවාස වගේ ඒවායේ වැඩ කරන අයට etc etc කියලා ලිස්ට් එකක් තියෙනවා. අපි වගේ ටිකක් තරුණ පහේ අයට දෙන්න ප්ලෑන් කරලා තිබුනේ තව පහු වෙලා. (හැබැයි මෑතක ඉඳන් AstraZenca ගහ ගන්න පුළුවන් ඕනේ නම්).
    මම එච්චරම ඔය process එක follow කරේ නෑ, එත් news වලින් දැන ගත්තා pregnant අයගේ close contacts 2ට වැක්සින් එක ගහ ගන්න පුළුවන් කියලා. වයිෆ් ප්‍රෙග්නන්ට් නිසා මටත් ගහ ගන්න පුළුවන් කියලා තේරුණා.

    මුලින්ම ප්‍රෙග්නන්ට් කෙනා register වෙලා ඉන්න gynecologist හරහා close contacts 2ක් nominate කරන්න ඕනේ. එතකොට gynecologist, Senatsverwaltung für Gesundheit, Pflege und Gleichstellung (Senate Department of Health, Care and Gender Equality) කියන එකට දැනුම් දුන්නම, එකෙන් invitation letter එකක්, bar-code එකක් එක්ක පොස්ට් එකේ ගෙදරට එනවා.
    ඊට පස්සේ vaccine center එකක appointment 2ක් දා ගන්න ඕනේ, dose 2ට දවස් 2ක්. appointment දාන්න ඕනේ අර ආපු bar-code එක use කරලා.
    තියෙන vaccine center වලින් තමන් කැමති vaccine එක select කරන්න පුළුවන්. මම දැම්මේ Pfizer-BioNTech. ලඟම දවසක්, කැමති vaccine එක, vaccine center එකට තියෙන දුර (මට නම් මේක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ) වගේ ඒවා බලලා appointment එක දාන්න ඕනේ.
    මට පලවෙනි dose එකට ලැබුනේ මාස 1.5 - 2 කට වගේ පස්සේ දවසක්.

    මට යන්න උනේ Tegel air port එකට. (දැන් ඒක වහලා නිසා, vaccine center එකක් විදියට පාවිච්චි කරනවා). යන්න කලින් form එකක් තියෙනවා fill කරගෙන යන්න. මේක online තියෙනවා, එකේ තියෙන්නේ, background විස්තර සහ injection එකට consent එක දෙනවා කියලා. එකේ print out එකක් අරන් sign කරලා ගෙනියන්න ඕනේ.
    air port එක ලඟට බස් එකේ ගියාම එතන ඉඳන් shuttle service එකක් තියෙනවා, bar-code එක තියෙන කොලෙයි, ID එකයි පෙන්නුවම, shuttle එකේ vaccine center (former Terminal C) එකට එක්ක යනවා, වැඩි දුරක් නෑ. මම කලට වෙලාවට ගියත්, ගිහින් බලද්දී දිග පෝලිමක්. appointment වෙලාව කැලේ. හැබැයි මිනිස්සු පාඩුවේ ගැප් එකක් තියාගෙන පෝලිමේ ඉන්නවා. ඉඳලා හිටලා එන (entitled)එකෙක් staff එකේ උන්ට පොඩ්ඩක් චුරු චුරු ගානවා පෝලිමේ දිග දැකලා...
    ගොඩක් වයසක, අබාධිත අය රෝද පුටුවේ ගෙනියනවා.
    නයා වගේ පෝලිමේ ගියාට පස්සේ අර කලින් කියපු form එකයි පෑනකුයි දෙනවා ගෙදරින් fill කරගෙන ඇවිල්ලා නැත්තන්. ඇඟේ උෂ්ණත්වේ බලලා, bar-code එක scan කරලා ඇතුලට ගන්නවා. ඇතුලට ගියාම counter ගොඩක් තියෙනවා, එයින් එකක documents ටික බලනවා. ID, appointment letter එක, consent form එක, නෝමල් vaccination certificate එක etc. ඊට පස්සේ reserve කරපු vaccine එක (Pfizer-BioNTech) මාර්ක් කරපු පොඩි certificate එකක් දෙනවා vaccine එක ගහන තැනට යන්න. air-port එකේ check-in වෙන්න යනවා වගේ ආයෙමත් දඟර පෝලිමක යන්න ඕනේ. vaccine දෙන booth ගොඩක් තියෙනවා, පෝලිමේ කෙලවරට ගියාම free booth එකකට යන්න පුළුවන්.
    එතනට ගියාම, doctor ඇවිල්ල පොඩ්ඩක් කතා කරනවා, injection වලට allergies තියෙනවද, අරවා මේවා... පස්සේ injection එක ගහනවා, මොනවත් ප්‍රශ්න තියෙනවද එහෙම අහලා... එතනදිම අර කලින් කියපු documents ඔක්කොම scan (ෆොටෝ) ගහ ගන්නවා hand-held ටැබ් එකකින්. ඊළඟ appointment දවසත් confirm කරනවා. vaccination certificate එක fill කරනවා ඩොකාගේ නම ගම දාලා.

    එලියට යන තැන ඈතින් ඈතින් පුටු දාල තියෙනවා කැමති නම් වාඩි වෙලා ඉන්න ටිකක් වෙලා, මොනවා හරි side effect ආවොත් කියලා වෙන්න ඇති. මම කෙලින්ම එලියට ආවා. ආපහු යන shuttle එකේ බස් හෝල්ට් එකට ඇවිල්ලා, එතනින් ගෙදර ආවා. මුළු වැඩේටම පැය එක හමාරක් වගේ ගියා. පහුවදා අත පොඩ්ඩක් රිදුනා විතරයි. සමහර අයට වෙනවා වගේ උණ වගේ side effects මට නම් ආවේ නෑ.

    ඔන්න ඔහොමයි උනේ. මේ process එකේ මම දැකපු දේවල් කීපයක්.
    1. Gynecologist හරහා invitation එකක් request කරපු වෙලේ ඉඳන්, සියලුම විස්තර හරියට coordinate වෙනවා.
    2. තමන් කැමති vaccine එකක්, vaccine center එකක්, දිනයක්, වෙලාවක් තෝරා ගන්න පුළුවන්
    3. නිකන් ආවට ගියාට ගහන්නේ නෑ, බක්ක්ග්රෞ විස්තර අහනවා, consent එක ගන්නවා.
    4. වැඩ පිළිවෙලයි, වෙනම queue, VIP list වගේ බයිලා නෑ. පොලිසියේ එකෙකුත් පෝලිමේ පාඩුවේ ඉන්නවා දැක්කා. ආරක්ෂක අංශය කියලා කවුරුත් උක දෙන්න යන්නේ නෑ.
    5. vaccine එක නොමිලේ වගේම, vaccine center යන්න එන්න shuttle එකත් නොමිලේ
    6. සියලුම විස්තර හරියට coordinate වෙනවා.
    7. භාෂා කීපයකින් කතා කරන්න පුළුවන්, (හැමෝම නෙමෙයි වෙන්න ඇති) ඉංගිරිසි, අරාබි, තුර්කි වගේ. මම කතා කරේ ඉංගිරිසියෙන්.
    පොඩ්ඩක් පෝලිමේ හිටියත්, වැඩේ මාරම පිළිවෙලයි. වැඩ කරන අය මල පැනලා, එපා වෙලා, රවාගෙන මුස්පෙන්තුවෙන් නෙමෙයි ඉන්නේ. පට්ටම friendly, හිනා වෙලා කතා කරනවා. දවසම කට්ට කාල එහෙම ඉන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ජර්මන් උන්ගේ කොහොමත් bureaucracy ලියුම් කියුම් වැඩි. එත් පට්ටම stable process එකක්. මේ වගේ scale එකක දෙයක් කරන පලවෙනි වතාව නිසා පොඩ්ඩක් slow උනත් හරියට වැඩේ කරනවා අනා ගන්නේ නැතුව. පස්සේ තව optimize කරලා ගනී.

    ඔන්න ඔහොමයි අත්දැකීම. ඔක්කොටම වඩා, පොඩි කාලයක් ඇතුලත, පට්ටම infrastructure එකක් හදලා තියෙනවා පිළිවෙලට වැඩේ කරන්න. :yes: :yes: :yes:
    මගේ අත්දැකීම ලංකාවේ,

    1. ග්‍රාම නිලධාරී ගාවට එන්න කියලා තිබුනා. 15-20 පෝලිමක් තිබුනෙ විනාඩි 15 ගෙදර අයගේ කොලටික ගෙනාව
    2. පහුවෙනිදා ගියා centre එකට, ගිය ගමන් කොලයක් දුන්නා කැමැත්ත අහලා. PHI කෙනෙක් දේශනාවක් දුන්නා vaccine එක ගැන හා කල නොකල යුතු දෙවල් ගැන.
    3.Doctor ගාවට ගියා recommendation එක ගත්තා.
    4. Vaccination card එක දුන්නා, ගියා Moderna vaccine එක ගැහුවා. උපදෙස් ටිකක් දුන්නා ගහන ගමන්.
    5. විනාඩි 20 ක් waiting areaඑකට දැම්මා. පස්සෙ ගෙදර.
     
    • Like
    Reactions: KingJulian

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම දෙවෙනි එකත් ගැහුවා, එකම තැනින්, Tegel airport. දැන් සෑහෙන දවසක් වෙනවා. කලින් පාරට වඩා rush එක සෑහෙන අඩුයි, අඩු වෙලාවක් ගියෙත්. පලවෙනි ෂොට් එකට මුකුත්ම side effects ආවේ නෑ. දෙවෙනි එකට එයි කිව්වා. මට නම් පොඩි ඔලුවේ කැක්කුමක් විතරයි ආවේ. දැන් vaccine certificate එක පෙන්නලා gym යන්න පුළුවන්. :rolleyes: