ජරාම නගරය මීගමුව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජරාම නගරය මීගමුව

    මැරයෝ සුදු ඇදන් පොලිසියට පැමිණ මුදල් ගෙවා සමාදානවේ

    AnandaA_410px_13_05_02.jpg


    තමන් ගේ 37 ක් වසරක සේවා කාලය තුල තමන් සේවය කළ ජරාම නගරය මීගමුව යයි සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා පෙරේදා (29)සවස මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේදි පැවැති සිවිල් ආරක්ෂක කමිටු රැස්විමේදී පැවසිය.

    ඔහු කළ මේ ප්‍රකාශය යළි යළිත් සනාථ වු සිදුවිමක් මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය තුලදිම ඊයේ (30 ) වනදා සිදුව තිබේ.

    පසුගිය 26 වනදා උදැසන 10 ට පමණ වාහනයකින් පැමිණි පිරිසක් විසින් මීගමුවේ දළුපත හංදියේ දි, 39 හැවිරිදි ජුඩ් නාමල් නිරෝෂන් නැමැත්තෙකුගේ වම් අතේ පස් පොළක් කපා සුළැඟිල්ල වෙන්වෙන තරමේ බරපතල තත්වයකින් මීගමුව රෝහලට ඇතුලත් කර සුළු වේලාවකින්ම එනම් 10.55 ට පමණ වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ මහරෝහලට මාරකර යැවු බව රෝහල් පොලිස් පොතේ සටහන්ව ඇත.

    මීගමුව රෝහලට ඇතුලත් කළ සැනින්ම කොළඹ රෝහල මාරුකර හැරියේ නම් එකි රෝගියාගේ තත්වයේ බරපතල කම ඉන්ම කියැවි හමාරය.

    මෙසේ කඩුවකින් කපා අතින් පයින්ද පහර දි මේ පිරිස් කෙලින්ම ගොස් තිබුනේ මීගමුවේ දේශපාලන ප්‍රධානියෙකුගේ කාර්යාලයටය.

    කෙසේ වෙතත් මේ සියළු දෙනාගේම නම් ගම් සියල්ල මීගමුව පොලිසියට ජුඩ් නාමල්ගේ පවුලේ අය විසින් ලබා දි තිබුනද ඒ කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනිණ.

    මේ නිසාම මීගමුව පොලිසියට එරෙහිව දළුපත හංදියේ ටයර් පුළුස්සා විරෝධය පළකරන්නට ජුඩ් නාමල්ගේ ඥාතීන්ට සිදුවුයේ පොලිසිය මේ මැරයන් කිසිවෙකුත් අත්අඩංගුවට නොගත් නිසාය.

    මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විරෝධතා කරුවන් හට පොරොන්දු දි තිබුනේ එදින මේ මැරයන් අල්ලා ගන්නා බවය.

    මේ අතර, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ජුඩ් නාමල් නිරෝෂන් නැමැත්තා හමුවිමට ගිය මැර කල්ලි නියෝජිත පිරිසක් සමාදානයට කැමති නම් රු ලක්ෂ 5 ක් දෙන්නට කැමැති යැයි යොජනා කර තිබේ.

    දැනට වම අතේ සුළැඟිල්ල වෙන්ව බද්ධ කිරිමකට ලක්ව ඇති නාමල්ගේ අතේ තවත් දරුණු කැපුම් තුවාල 5 ක් ද වේ.

    රෝහලේදී ඇතිකර ගත් එකඟතාවයට අනුව, මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය තුලදි

    ඊයේ ලක්ෂ 5 ගණුදෙනුව සිදුවිය.

    විපතට පත් පාර්වශය මෙවැනි මුදලක් ගනිමින් සමාදානයට පැමිණිම අපට තේරුම් ගත හැක. ඒ ඔවුන්ගේ අසරණ භාවය නිසාවෙනි.

    මහ දවල් කඩු රැගෙන පැමිණ බරපතල තුවාල සිදුකර පොලිසියට භාර නොවි කට්ට් පනිමින් සිටි පිරිසක් පොලිසියට කැදවා සමාදාන කිරිම තුල මේ රටේ නිතිය සහ ක්‍රමවත්භාවය සුරකින්නට සිටින පොලිසියේ තරම ද අපට තේරුම් ගත හැක.

    29 වනදා සහකාර පොලිස් අධිකාරි වරයා තමන්ගේ ජිවිත කාලයේ ජරාම නගරය යැයි පවසන්නට ඇත්තේ මීගමුවේ පොලිසි තුල මෙවන් දෑ සිදැ සිදුවෙමින් පැවතිම නිසා විය යුතුය.

    මීගමුව අද නිතිය වල්වැදුන නගරයක් බවට තවත් සහතිකයක් අවැසිදැයි අපට අසන්නට වන්නේද මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාගෙන්මය.


    mirror.lk
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    හෙට අනිද්දා මේ මහත්තයාට මාරුවීමක්, හෝ Field Forces වෙත යවීමක් හෝ එහෙමත් නැත්නම් සුදු වෑන් රථයකින් යාමට සිදුවේ. අනේ පව් 1%ක් තරම් වූ ශ්‍රී ලංකාවේ අවංක පොලිස් නිළධාරීන්ට ගිය කළ...
    284258_520042568031102_1662142699_n.jpg