ජලය ඇති ලෝකයක් හමුවේ ආලෝක වර්ෂ 124ක් දුරයි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ජලය ඇති ලෝකයක් හමුවේ ආලෝක වර්ෂ 124ක් දුරයි

    ජලය ඇති ලෝකයක් හමුවේ
    ආලෝක වර්ෂ 124ක් දුරයි


    ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
    පෘථිවිය මෙන් හතරගුණයක් පමණ විශාලත්වයකින් යුතු
    මේ ග්‍රහලෝකය එච්.ඒ.ටී.පී - 11 ලෙස නම්කැර ඇත.
    විද්‍යාඥයන් පවසන්නේ මෙය
    කිලෝ මීටර ට්‍රිලියනයක් හෙවත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටන බවයි.
    හබල්, ස්පිට්සර් සහ කෙප්ලර් දුර දක්න වල ආධාරයෙන් මේ ග්‍රහලෝකයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳ තේරුම් ගැනීමට හැකිවූ බව ද විද්‍යාඥයෝ කියති. වාළාකුළු නොමැති මේ ග්‍රහලෝකයේ වායුමය පිටවැස්ම ගැන සොයා බැලූ පර්යේෂකයන් පවසන්නේ එහි සියයට අනූවක් හයිඩ්‍රජන් පවතින බවයි. එමෙන් ම සැළකිය යුතු ජල වාෂ්ප ප්‍රමාණයක් ද ඇති බව ඔවුන් නිරීක්ෂණය කැර තිබේ.
    ජලය ජීවය සමග පැහැදිලි සම්බන්ධයක් පවතී එසේ වුවත් එච්.ඒ.ටී.පී - 11 බී තාරකාවට ඉතාමත් ලංව පිහිටා ඇති බැවින් ජීවයට නුසුදුසු තරම් උණුසුමක් සහිතය.






    උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2014 ඔක්තෝබර් මස 07 21:48:49 | ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    :oo:
    පේන්ඩ තියන වතුර ටික රැකගන්නේ නැහැ
    නොපෙනෙන ලෝක හොයනවා
    අනේ හුකේ ...
    :dull: ඒ හොයන්නේ එහෙ තියන වතුර මෙහෙ ගෙන්න නෙවේ මචෝ
    ජීවින් ඉන්න ග්‍රහලෝකයන් තියේද බලන්න ..:baffled:
    නැත්තම් නසා එකට වැඩ නැනේ :baffled::baffled::love:
    :rofl::rofl::rofl:
    ow me haka karath karanne oya vage varaththu vadama thamayi:angry::angry::angry:
    ඕකනේ ඉතින් කරන්න බැරි මචන් අපි වැඩකට බැස්සොත් පුවක් ගහෙත් දෙබලක් :rolleyes::baffled::love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :oo:
    පේන්ඩ තියන වතුර ටික රැකගන්නේ නැහැ
    නොපෙනෙන ලෝක හොයනවා
    අනේ හුකේ ...

    සිරා බන්. :yes: ඔය හොයන්නේ ජීවයක් තියනවද කියලා.. :baffled: මේ වතුරත් ඕන තරං. ජිවියොත් ඇති තරං. කරන්න පරීක්ෂණත් ඕන තරං. විශ්වය වටේම ලෝක වල වතුර හොයනවා හරියට බොන්ඩ වගේ! :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :dull: ඒ හොයන්නේ එහෙ තියන වතුර මෙහෙ ගෙන්න නෙවේ මචෝ
    ජීවින් ඉන්න ග්‍රහලෝකයන් තියේද බලන්න ..:baffled:
    නැත්තම් නසා එකට වැඩ නැනේ :baffled::baffled::love:

    :rofl::rofl::rofl:

    ඕකනේ ඉතින් කරන්න බැරි මචන් අපි වැඩකට බැස්සොත් පුවක් ගහෙත් දෙබලක් :rolleyes::baffled::love:

    ගහට නගිනකොට දෙබල දැක්කේ නැද්ද :D:D:D
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපේ ජෝතිශ විශාරදයො අනාගතය කියන්නෙ ඔය ආලෝක වර්ශ ගනන් දුර තියන ඔය වගේ ග්‍රහ ලෝක දිහා බලල නේද කියල හිතනකොට..අ.. අ ...අ........ පිස්සු ආතල් නේ.

     
    Last edited: