ජලය ගැන ඔබ නොදන්නාදේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජලය ගැන ඔබ නොදන්නාදේ

    ජලය ගැන ඔබ නොදන්නාදේ [What you dont know about water]

    0.jpg



    ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි. ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝශක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම විද්‍යාඥයින් හට හමුවී නොමැත.

    2.jpg


    ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

    මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.


    1.jpg


    දැන් අපි ජලයේ මේ සුවිශේෂී ගුණය වය ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්‍රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය ගැන සිතමු. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්‍රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටී.

    යම් හෙයකින් අයිස්, ජලයට වඩා ඝණත්වයෙන් වැඩිවූවානම් අයිස් වන ජලය මුහුදු පතුලට කිඳා බසින අතර නැවත ජලයේ උඩ පෘශ්ටය නැවත අයිස් වෙයි. මෙලෙස නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුනු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුලු සාගරයම පතුලේ සිට මතුපිටටම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශවී යන්නට ඉඩ තිබුණි.




    3.jpg


    0-0.jpg


    4.jpg


    6.jpg


    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:



     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් හැමෝටම පොදු නිසා ගොඩක් වැදගත්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

    වැරදියි
    ice floats in water because it is less dense than water. So any substance that has a lower density in its solid state than in its liquid state will float. While a number of compound materials (like salts and alloys) have this property, only 5 elements on the periodic table are known to have a density that is greater in their liquid phase.

    Element____Solid Density____Liquid Density____Melting Temp.
    ___________(g/cc) __________(g/cc)__________Celsius

    Arsenic______4.70 ___________5.22___________817
    Bismuth______9.80 __________10.07___________271
    Gallium_______5.90 ___________6.09____________30
    Germanium____5.32 ___________5.60___________940
    Silicon________2.33___________2.51__________1410

    https://van.physics.illinois.edu/qa/listing.php?id=1588