ජලය නොමැතිව අතරමන් වූ විට ....?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ජලය නොමැතිව අතරමන් වූ විට ....?

    [FONT=&quot]අපගේ මේ ජීවිත ගමන තුලදී අප නොසිතූ විටක, නොසිතූ අවස්ථාවන්හි විවිධ ආපදාවන්ට, ජීවිත තර්ජනයන්ට මුහුණ දීමට සිදුවේ. ආහාර පාන, ජලය වාසස්ථාන යනු මිනිස් ජීවිතයේ මුලිකම අත්‍යාවශ්‍ය අංගයන්ය. මෙයිනුත් ජලයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මන්ද මේ මිහිපිට ජලය නොමැතිව සාමාන්‍ය මිනිසෙකුට ජීවත් විය හැක්කේ දින 04 ක් පමණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    dirty-drinking-water.jpg
    [FONT=&quot] හදිසි අවස්ථාවකදී විශේෂයෙන්ම විනෝද චාරිකාවක් අතරමැද දී ස්වාභාවික උවදුරක දී බීමට ජලය බිදක් සොයා ගැනීමට අපහසු වුවහොත්? එසේ නොමැති නම් තමා ළඟ තිබෙන ජලය ප්‍රමාණවත් නොවුනහොත් ? එසේම තමා අවට ඇත්තේ අපිරිසිඳු ජලය පමණක් නම් කළ හැක්කේ කුමක් ද ? කොටින්ම කියතොත් ජලය බිඳක් නොමැතිව මහත් අසරණභාවයකට , ජීවිත තර්ජනයකට මුහුණ දීමට සිඳුවුවහාත් අපට කුමක් සිතේවි ද ? මෙවන් අවස්ථාවකදී ජලය ලබා ගත හැකි සරල කෙටි ක්‍රමයක් පිළිබඳව අප දැනුවත් නම්, එසේත් නොමැති නම් අපිරිසිඳු ජල ප්‍රභවයකින් පිරිසිඳු ජලය ලබා ගතහැකි ආකාරය පිළිබඳව අප දැනුවත් නම් කෙතරම් භාග්‍යයක් ද ? එසේ නම් ජලය ලබා ගත හැකි මෙම සරල ක්‍රමය ඔබත් අත්හදා බලන්න.[/FONT]

    [FONT=&quot]මේ සදහා ඔබට බාහිරව සපයා ගත යුතු වන්නේ , පොළිතින් කොලයක් , කෝප්පයක් සහ රබර් බටයක් පමණි.[/FONT]

    [FONT=&quot]ක්‍රමය[/FONT]

    [FONT=&quot]හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක (රූප සටහනේ පෙන්වා ඇති පරිදි) [/FONT][FONT=&quot][FONT=&quot]2[/FONT][FONT=&quot]x2x2[/FONT] ප්‍රමාණයේ වළක් කපා ගන්න. එහි මැදට වන්නට පිරිසිදු ජලය එකතු කර ගතයුතු භාජනය තබන්න. මෙම භාජනයේ සිට වළ තුලින් පිටතට එන ලෙස රබර් බටය [/FONT][FONT=&quot](Surgical Tube ) සම්බන්ධ කරන්න. වළ තුලට අමු කොළ , තෙත පස්, අපිරිසිදු ජලය , පෙගුනු රෙදි ආදිය දමන්න. පොළිතින් කොළයෙන් වසා එය සුළඟින් ගසාගෙන නොයන පරිදි ගල්කැබලි කීපයක් වටේට තබන්න. පොළිතින් කොළයේ මැදට වන්නට පුංචි බරක් තබන්න. (රූප සටහනේ පෙන්වා ඇත)[/FONT]

    [FONT=&quot]ඔබ කළ යුත්තේ මෙපමණයි. හෝරා කිහිපයකින් ඔබේ පිපාසය නිවා ගැනුමට අවශ්‍ය ජලය ඔබට ලබා ගත හැකිවනු ඇත.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]විද්‍යාත්මක පැහිදිළි කිරීම[/FONT]

    [FONT=&quot]වළ[/FONT][FONT=&quot] තුල ඇති අමු කොළ වලින් ජලය වාෂ්ප වේ.(උත්ස්වේදනය) එමෙන්ම වළ තුල ඇති තෙත ද්‍රව්‍ය වලින්ද හිරු වැටීමත් සමගම ජලය වාෂ්ප ලෙස පිටවවේ.මෙම පිටවෙන වාෂ්ප පොළිතින් කොළයේ ඇතුලු පැත්තේ එකතුවේ. ඒවා ඝනීභවනය වී පොළිතීන් කොළය හරහා පැමිණ වළ තුල ඇති කෝප්පයට එකතු වේ. කෝප්පය තුල ඇති ජලය රූප සටහනනේ පෙන්වා ඇති ආකාරයට රබර් බටය ([/FONT][FONT=&quot]Surgical Tube ) මගින් බීමට ගත හැක.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබ කැලෑවක අතරමං වුවහොත් , කදු තරණය කිරීමේදී ඔබ ළග ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවුනහොත් ජලය ලබා ගක හැකි මෙම සරල ක්‍රමය ඔබ දැන සිටින්නේ නම් එය කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද? මොහොතක් සිතා බලන්න.[/FONT]

    [FONT=&quot]ඔබේ දරුවන් සමග මෙය ඔබේ ගෙවත්තේ අත්හදා බලන්න[/FONT]

    [FONT=&quot]Survival hand book in association with the Royal Marine Commandos [/FONT]
    [FONT=&quot]ග්‍රන්ථය ඇසුරින් සකසන ලද්දේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT]
    [FONT=&quot]කැලණිය[/FONT]
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :cool: ඔහොම කරන විදිය ඉස්සර discovery channel එකේ program එකක ගියා, TFS :)