ජල ගාස්තු වැඩිකිරීම අත්හිටුවයි
කැබිනට් හමුවේදී ජනපති අණින්
ජල ගාස්තු වැඩිකිරීම අත්හිටුවයි
තීරණයක් ගැනීමට ත්රිපුද්ගල කමිටුවක්
අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
ජල ගාස්තු දෙසැම්බර් 01 දා සිට වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය ඊයේ (15 දා) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩල රැස්වීමේදී අත්හිටුවූ බව ජලසම්පාදන හා නගර සැලසුම් පිළිබඳ ඇමැති රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විණි. ජල ගාස්තුව සියයට තිහකින් ඉහළ දැමීම සඳහා ගෙන තිබූ තීරණය පිළිබඳ ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව කී ඇමැති රවුෆ් හකීම් මහතා එකී තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව ද කීය.
http://www.divaina.com/2016/11/16/news01.html

මොනවා හරි කියන්නත් එපෑ ඉතින්............. දැන් ඕකවත් කියපන්