ජල ගාස්‌තු වැඩිකිරීම අත්හිටුවයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජල ගාස්‌තු වැඩිකිරීම අත්හිටුවයි

    කැබිනට්‌ හමුවේදී ජනපති අණින්
    ජල ගාස්‌තු වැඩිකිරීම අත්හිටුවයි
    තීරණයක්‌ ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌

    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

    ජල ගාස්‌තු දෙසැම්බර් 01 දා සිට වැඩි කිරීම සඳහා ආණ්‌ඩුව විසින් ගන්නා ලද තීරණය ඊයේ (15 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌ වූ ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී අත්හිටුවූ බව ජලසම්පාදන හා නගර සැලසුම් පිළිබඳ ඇමැති රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌විණි. ජල ගාස්‌තුව සියයට තිහකින් ඉහළ දැමීම සඳහා ගෙන තිබූ තීරණය පිළිබඳ ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව කී ඇමැති රවුෆ් හකීම් මහතා එකී තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස්‌ දුන් බව ද කීය.

    http://www.divaina.com/2016/11/16/news01.html
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අත්හිටවලා නෑ ඒ ගැන හොයන්න කමිටුවකට දාලා කමිටු තිරණය ඡනවාරි වල එනවා එතකොට දැන් තියෙන තත්වය කූල් ඩවුන් වෙලා හින්දා වැඩිකරත් අවුලක් වෙන්නේ නෑ නේ .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අත්හිටවලා නෑ ඒ ගැන හොයන්න කමිටුවකට දාලා කමිටු තිරණය ඡනවාරි වල එනවා එතකොට දැන් තියෙන තත්වය කූල් ඩවුන් වෙලා හින්දා වැඩිකරත් අවුලක් වෙන්නේ නෑ නේ .

    සිංහල මිනිහාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකකි - වේලුපිල්ලේ පිරපාහරන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අය වැය ලේඛනය පුරාම බදු බදු බදු.....
    මිනිස්සුන්ට සහන කියන ඒව මොකුත් නෑ.....
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :P මොනවා හරි කියන්නත් එපෑ ඉතින්............. දැන් ඕකවත් කියපන්

    ඔව් බන් බලපන්කෝ.........ටැප්වල එන ක්ලෝරීන් වතුර කිසිම වියදමක් නැතුව ලැබෙන ඒවානෙ. පිරිසිදු කරන්න, පොම්ප කරන්න සතපහක වියදමක් යන්නේ නෑනෙ... ඒත් මුන් ගණන් වැඩි කරනවා. නිකන් උගන්නන එකේ, නිකන් බේත් දෙන එකේ මුන්ට බැරිද වතුර, විදුලිය නිකන් දෙන්න? අම්මපා
    :lol::lol::lol::lol:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අඩු කරයි කියන්නෙ ඉතින් ඕක 5% කරන්නෙ නෑනේ (එහෙම කරත් කලින් තිබ්බට වඩා වැඩියි)

    ඕක අඩු කරනව කියල 25% කරයි :confused: :confused:

    PS : පස්සෙ නෙ දැක්කෙ මොකද නූල දාල තියෙන්නේ කියලා,
    නොද්දකිං මේ ගෝතයා කියල දන්නවනම් පාඩුවේ ඉන්නවා :angry: :angry: :angry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ම වැඩි කරලා , උන්ම අඩු කරනවා...

    ඉදන් බම්ප් :rolleyes::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,363
    113
    සිංහල මිනිහාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකකි - වේලුපිල්ලේ පිරපාහරන්

    මචන් ඕක කරලා තියෙන්නේ තාවකාලිකව.:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    :P මොනවා හරි කියන්නත් එපෑ ඉතින්............. දැන් ඕකවත් කියපන්

    ඔව් බන් බලපන්කෝ.........ටැප්වල එන ක්ලෝරීන් වතුර කිසිම වියදමක් නැතුව ලැබෙන ඒවානෙ. පිරිසිදු කරන්න, පොම්ප කරන්න සතපහක වියදමක් යන්නේ නෑනෙ... ඒත් මුන් ගණන් වැඩි කරනවා. නිකන් උගන්නන එකේ, නිකන් බේත් දෙන එකේ මුන්ට බැරිද වතුර, විදුලිය නිකන් දෙන්න? අම්මපා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: