ජල-මට්ටම්-තවත්-ඉහළට
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි
අද අලුයම 3.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 කටුනායක ප්‍රදේශයෙන් වාර්තා විය.
ගාල්ල, වඳුරඹ ප්‍රදේශයෙන් මිලිමීටර් 175 ක්, ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 172 ක් සහ හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 164.5 ක වර්ෂාපතනයක්
මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් මේ වන විටත් ජලයෙන් යටවෙයි.
නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ගාල්ල ,මාතර , කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඇතිවූ ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 12ක් - ආපදා සහන සේවා මධ්‍යස්ථානය
ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1366 ක පුද්ගලයින් 3200කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද, ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
#lka #WeatherAlert #SriLanka #WeatherSL #News1st #Weather
නිල්වලා, කළු, ගිං ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
මාතර දිස්ති‍්‍රක්ක ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ "මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයේ වර්ධනයක් මේ වන විට දක්නට ඇති බවයි. පානදුගම ජල මාපකයේ ජල මට්ටම 6.78 දක්වා වර්ධනයවීමක් ඇති බවද සඳහන් කළා. මාතර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, වැලිපිටිය සහ වැලිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවද සඳහන් කළා." යනුවෙනි.
ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබද සොයා බැලූ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ "හිනිදුම, උඩුගම, නාගොඩ සහ වඳුරඹ ආදී ප්‍රදේශවල ඊයේ ඇතිව තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් බැසගෙන යන තත්ත්වයක් දැකිය හැකියි. කෙසේවෙතත් මේ වන විට බද්දෙගම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව බද්දෙගම වඳුරඔ මාර්ගයේ පුහුල්දූව හංදිය, ගනේගම සහ තවත් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වී පවතිනවා. එහි රථවාහන ධාවනය මුලුමනින්ම අඩාල වී ඇති බවත් වාර්තා වෙනවා." යනුවෙනි.
මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශි‍්‍රත ප‍්‍රදේවල සුළු ගංවතුර තත්ත්වයක් හටගන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ගංඟා දෙපස සිටින ජනතාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුව ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල සියළු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු පළාත් ආණ්ඩුකාවරයා ඊයේ (23) තීරණය කළා.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාතී‍්‍ර කාලය දක්වා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්‍ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ධීවර සහ නාවික ප‍්‍රජාවද විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

Last edited: