ජවිපෙ අද නොවෙයි හෙට.....

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    ජවිපෙ අද නොවෙයි හෙට.....

    JVP.jpg

    මේ දවස්වල බුද්ධිමතුන් අතරෙ රැල්ලක් යනව විපක්ෂය ශක්තිමත් කරන්න ජවිපෙට ඡන්දෙ දෙන්න ඕනැ කියලා. ඒ තරම් බුද්ධිය නැති අය මේක පාවිච්චි කරනවා තමන් බුද්ධිමතුන් බව පෙන්වන්න. මේ වැඩේට නායකත්වය දෙන එක් අයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත් ඔහුට තිබෙනවා පොඩි පුද්ගලබද්ධ ප්‍රශ්නයක්. ඒ තමයි, යූඇන්පියට ඡන්දෙ දෙන්න බැරිකම. නිර්මාල් 2005දී මහින්දට ඡන්දය දෙන්න කිව්වා. ගැඹුරින් විමසලා බැලුවොත් මේ පක්ෂ දෙකෙන් එකකවත් මූලික පදනමේදී එහෙම අමුතු හොඳක් හෝ නරකක් නැහැ. 1971දී, 1989දී කැරැලි මර්දනය විෂයෙහි මෙම පක්ෂ දෙකේ හැසිරීම වෙනස් වුණේ කැරැල්ලේ දිග පළල අනුව මිස වෙන අමුතු කාරණයක් නිසා නො වේ.

    ජවිපෙ මේ පක්ෂවලට වඩා වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එය පහළ මධ්‍යම පංතිය මත පදනම් වෙන එක මත විතරයි. ජනතාව ජවිපෙට උපරිම බලයක් දුන් 2004දී පත් වූ මන්ත්‍රීවරු 39දෙනා අද ඉන්නේ කොහිද කියා විමසා බැලීමෙන් මෙය තේරුම් ගත හැකියි. සමහරු එජාපයේ ය. සමහරු සන්ධානයේ ය. තවත් සමහරු පෙරටුගාමී සමාජවවාදී පක්ෂයේ ය. මහින්ද රාජපක්ෂ යටතේ ඉතා කෙටි කලකින් වැඩි ම ධනයක් උපයා ගත් දූෂිතයෙක් වන්නේ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශයි. නන්දන ගුණතිලක, ජයන්ත විජේසේකර වැනි අය ජවිපෙන් කැඩුණු පසු පක්ෂ ගණනාවකට මාරු වුණා. ඒ නිසා වෙනත් පක්ෂ සම්බන්ධයෙන් නගන අවලාද සියල්ල ජවිපෙට ද පොදුයි.
    ජවිපෙ පැත්තට තිබෙන දූෂණ විරෝධී රැල්ල ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයට නවදිල්ලි ප්‍රාන්ත සභාවේදී ලැබුණු පිම්බීම වැනි පපඩම් පිම්බීමකි. ජවිපෙ කතා සාප්පු දේශපාලනයට දක්ෂයි. පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක රැස්වීමකදී අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ධර්ගා නගරයේ මුස්ලිම් ජනයාට පහර දෙන විට රනිල්ලා හකීම්ලා කළේ මොනවාදැයි ඇසූ අනුර කීවේ තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කළ බවයි. පාර්ලිමේන්තු විවාදයෙන් මුස්ලිම් ජනතාවගේ ගෙවල්වල ඇවිලුණු ගින්න නිවුණේ නැත. සිය දිවි නො තකා ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කළ එක ම දේශපාලකයා එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම පමණයි.

    සාපේක්ෂ වශයෙන් ගත් කල එජාප නායකත්වය වඩා අගනාගරික (මෙට්‍රොපොලිස් / මෙගාපොලිස්) පුරවැසිභාවයක් ප්‍රවර්ධනය කරන පක්ෂයකි. එසේම, බටහිර රටවල පවතින ආකාරයේ විෂමතාවන් මැද මතුපිට සමානාත්මතාවක් පවතින ඉගලිටරියන් සමානාත්මතාව අගය කරනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් දක්වනවා. පුද්ගල නිදහස, ප්‍රකාශන හිමිකම, මානව හිමිකම් ආදිය අගය කරනවා. ජාතිවාදයට පක්ෂ නැහැ. මේ කාරණා එජාප ගැන දෙන සහතිකයක් නොවෙයි. සාපේක්ෂ අධ්‍යයන පමණයි.

    එහෙත්, මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රීලනිපය පරිණාමය වුණේ මේවායේ ප්‍රතිපාර්ශ්වය දෙසටයි. එය තනිකරම රාජාණ්ඩුවාදී, සමානාත්මතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ප්‍රතිගාමී, ජාතිවාදී, ආගම්වාදී පක්ෂයක් බවට පත් වුණා. එහි නායකත්වයෙන් මහින්ද ගලවා දැමීම ශ්‍රීලනිපයටත් තමන්ගේ මුල් සොයා ගන්නට උපකාරයක් වේවි.

    සමාජවාදය ගොඩනැගිය හැක්කේ දියුණු සමාජයන්හි මිස කුණු වූ වනචාරී සමාජයන්ගේ නොවෙයි. මහින්ද යටතේ ලංකාව යමින් තිබුණේ ම්ලේච්ඡත්වය දෙසටයි. ඒ පාරේ කිසි කලෙක සමාජවාදය හමු වන්නේ නැති බව රෝසා ලක්ෂම්බර්ග් විසින් පෙන්වා දී තිබෙනවා. එහෙම සමාජවාදය හැදෙනවා නම් සමාජවාදී රුසියාවේ ආධාර ලැබූ ආණ්ඩු තිබුණු ඇෆගනිස්තානයේ හා ඉතියෝපියාවේ ද සමාජවාදය හැදෙන්නට තිබුණා.

    මහින්ද පැරදවීම මහින්දගේ ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා මේ මහ මැතිවරණය පාවිච්චි කළ යුතු මූලික අරමුණ වන්නේ මහින්ද පැරදවීමයි. ඒකේ කතා දෙකක් නැත. ඒ වෙනුවෙන් කිසිදු අවදානමක් ගත යුතු නැත. පක්ෂ එක්ක දේශපාලනය කළ කාලය දැන් ඉවර ය. අපි දේශපාලනය කරන්නේ අරමුණු සමග ය.

    ශක්තිමත් විපක්ෂයක් හැදීම සඳහා මහින්ද විරෝධී ඡන්ද ජවිපෙට කඩා දිය යුතු නැත. මෙවර මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන බවක් නො පෙනේ. එසේම, මහින්ද මෙන් දෑත් ශක්තිමත් කර ගැනීමට ය කියමින් කොල්ලාත්, බල්ලාත්, තමන් මරන්නට කොටින්ට ඔත්තු දුන් එකාත් එකතු කරගන්නා දේශපාලනයක් දැන් නැත. ඒ නිසා අනිවාර්යයෙන් ම ශක්තිමත් විපක්ෂයක් හැදෙනු ඇත. ඒ විපක්ෂයේ සිටින අයට වඩා ජවිපෙ වෙනස් බව පෙන්වන්නට නම් ජවිපෙ තව ගෙදර වැඩ ගොඩක් කර පැමිණිය යුතු ය.

    ජවිපෙ සමග කොන්දේසි විරහිතව දේශපාලනයට යන සිවිල් බුද්ධිමතුන් ජවිපෙ ජාතිවාදය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය වැදගත්. බලය බෙදීම යනු රට බෙදීම ය කියා තවමත් කියන පක්ෂයක් එක්ක ජාතික ප්‍රශ්නය විසඳාගන්නේ කොහොම ද? අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම බලය බෙදීම කියන ප්‍රශ්නයේදි ජවිපෙට වඩා ඉදිරිගාමීයි.

    අනෙක් පැත්තෙන් දැන් අවශ්‍යව තිබෙන්නේ හුදු විපක්ෂ දේශපාලනයක් විතරක් නොවෙයි. මහින්ද විසින් රට ඇද දමා තියෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නත්, දේශපාලකයන්ගේ කකුල් ළඟ වැඳ වැටෙන දීන පසුගාමිත්වක ගිල්වා තිබෙන සමාජය ඉදිරියට ගැනීමටත් යහපත් ආණ්ඩුකරණයක් ද අවශ්‍යයි. ජවිපෙ 2004දීත් රාජ්‍ය පාලනයට සම්බන්ධ වී යමක් කිරීමේ අවස්ථාව මගහැර කැළේ පැන්නා. ඒ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වෙන බව කියමිනුයි. ඒ වෙලාවේ කොටි හා කොටින්ට පක්ෂපාතී පිරිස් අපට කිව්වෙ ජවිපෙට පිං සිද්ද වෙන්න අපි මර උගුලකින් ගැලවුණා කියලායි. ඔවුන් සාම ක්‍රියාවලිය තුළ සිර වී සිටියේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊලම වෙනුවෙන් යුද්ධය දිගට ගෙන යන්නයි. ඔවුන්ගේ පැවැත්ම තිබුණේ එතනයි.

    ජවිපෙත් සභාග ආණ්ඩුව නිසා තමන්ගේ සමාජවාදී පතිවෘත්තාව බිඳෙයි කියලා විචිකිච්ඡාවකයි හිටියේ. ඒ නිසා ඔවුන් කළේ සුනාමි සහන මණ්ඩලය පාවිච්චි කරලා ආණ්ඩුවෙන් එළියට එන එකයි. මේ දෙගොල්ලොම එක ජාතියේ කට්ටිය. කොටින්ට ඊලම. ජවිපෙට සමාජවාදය. දෙගොල්ලොම නො කෙරෙන වෙදකම් එක්ක තමයි හැමදාමත් ඉන්නෙ. අන්තිමේදි දෙමළ කොල්ලන් දහදාහක් විතර මරලා දැම්මා නේ. දැන් ජවිපෙට සතුටු ද?

    මේ ඔක්කොම කතා නිසා තමයි අපි කියන්නේ ජවිපෙට ලොකු බලයක් අරන් දෙන එක මේ වෙලාවේ ප්‍රමුඛ කාර්යයක් නො වන බව. එහි එක පැත්තක මහින්දට වාසි වීමේ අවදානමක් තිබෙනවා. අනෙක් පැත්තෙන්, ජවිපෙ දෝතින් වැළඳගන්න කලින් එය ජාතිවාදයෙන්, කල්ලිවාදයෙන් මිදුණු, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ශක්තිමත් පක්ෂයක් බවට පත් විය යුතු බවත් පුරවැසියන් ලෙස අපි අවධාරණය කළ යුතුයි.

    අජිත් පැරකුම් ජයසිංහ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අජිත් පැරකුම්ව වඩිය විශ්වාශ කරන්න එපා බන්... ඔකා වාසි වසි පැත්ත්ට ලියන්නෙ. කාලයක් මහින්ද හොදා.......යි කියලා ලිව්වවා. අර බින්ගො පුතා එහෙම මහින්ද ප්‍රමොට් කරන්න ඉස්සුවෙ අජිත් පැරකුම්ගෙ ලිව්ම්ම විත්‍රයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අජිත් පැරකුම්ව වඩිය විශ්වාශ කරන්න එපා බන්... ඔකා වාසි වසි පැත්ත්ට ලියන්නෙ. කාලයක් මහින්ද හොදා.......යි කියලා ලිව්වවා. අර බින්ගො පුතා එහෙම මහින්ද ප්‍රමොට් කරන්න ඉස්සුවෙ අජිත් පැරකුම්ගෙ ලිව්ම්ම විත්‍රයි

    Kattiyage puduma bayak thiyenne JVP ekata..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    අජිත් පැරකුම්ව වඩිය විශ්වාශ කරන්න එපා බන්... ඔකා වාසි වසි පැත්ත්ට ලියන්නෙ. කාලයක් මහින්ද හොදා.......යි කියලා ලිව්වවා. අර බින්ගො පුතා එහෙම මහින්ද ප්‍රමොට් කරන්න ඉස්සුවෙ අජිත් පැරකුම්ගෙ ලිව්ම්ම විත්‍රයි

    ow Aka hari... namuth mey kiyana kathawe podi aththakuth thiyenawa neyda machan...
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    අජිත් පැරකුම්ව වඩිය විශ්වාශ කරන්න එපා බන්... ඔකා වාසි වසි පැත්ත්ට ලියන්නෙ. කාලයක් මහින්ද හොදා.......යි කියලා ලිව්වවා. අර බින්ගො පුතා එහෙම මහින්ද ප්‍රමොට් කරන්න ඉස්සුවෙ අජිත් පැරකුම්ගෙ ලිව්ම්ම විත්‍රයි
    balayata kadarakama thamayi,
    jvp ta tharuna ayage naburuwa wadi wunama,
    wayasaka paksha badagena inna minissu kagahanawa.

    Eg: colombowalin jvp 2k awoth katada awasi kiyala dannawane.
     
    waligamaya

    Well-known member
  • දැන් අවුරු 67ක් මේක කපු උන්ට JVP එක ගැන මර අමාරුවක් තියෙන්නේ. මට පෙන්නේ ආයිත් කට්ටිය JVP තහනම් කරලා jr ගේ වැඩේ පටන් ගනීද දන්නේ නැ
     
    waligamaya

    Well-known member
  • අනෙක් පැත්තෙන් දැන් අවශ්‍යව තිබෙන්නේ හුදු විපක්ෂ දේශපාලනයක් විතරක් නොවෙයි. මහින්ද විසින් රට ඇද දමා තියෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නත්, දේශපාලකයන්ගේ කකුල් ළඟ වැඳ වැටෙන දීන පසුගාමිත්වක ගිල්වා තිබෙන සමාජය ඉදිරියට ගැනීමටත් යහපත් ආණ්ඩුකරණයක් ද අවශ්‍යයි. ජවිපෙ 2004දීත් රාජ්‍ය පාලනයට සම්බන්ධ වී යමක් කිරීමේ අවස්ථාව මගහැර කැළේ පැන්නා. ඒ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වෙන බව කියමිනුයි. ඒ වෙලාවේ කොටි හා කොටින්ට පක්ෂපාතී පිරිස් අපට කිව්වෙ ජවිපෙට පිං සිද්ද වෙන්න අපි මර උගුලකින් ගැලවුණා කියලායි. ඔවුන් සාම ක්‍රියාවලිය තුළ සිර වී සිටියේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊලම වෙනුවෙන් යුද්ධය දිගට ගෙන යන්නයි. ඔවුන්ගේ පැවැත්ම තිබුණේ එතනයි.

    :lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    balayata kadarakama thamayi,
    jvp ta tharuna ayage naburuwa wadi wunama,
    wayasaka paksha badagena inna minissu kagahanawa.

    Eg: colombowalin jvp 2k awoth katada awasi kiyala dannawane.
    සන්දානෙට අවාසියි:lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    මොකද්ද මචං ඇත්ත තෝරලා කියපන්කො බලන්න.

    මහින්ද කියන පිලිකාව පරද්දන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ.. නමුත් ජේවීපී එක කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්නට යූඑන්පීඑකට යන චන්දත් කඩන එක... ඒකෙන් වෙන්නේ ජෙවීපී එකට වඩි ආසන අරගන්න පුලුවන් උනත් මහින්ද කියන පිලිකාව තව තවත් ස්ට්‍රොන්ග් වෙනවා... ජේවීපී එක හිතනවනම් ජනවාරි 8 වෙනිදා තිබුණු තත්වය නෙවෙයි අගෝස්තු 17 තියෙන්නේ කියලා ඒක ජේවීපී එක වක්‍රව මහින්ද උදවු කිරීමක් වෙනවා... පක්ශ දෙය්ශපාලනය කරන්න මහින්ද උවදුර මුලින්නුපුටාදාල ඉන්න ඕනේ... නමුත් ජේවීපී එක 2004දී වගේ ආයිත් පාර්ලිමේතුවේ ආසන ගැන විතරක් හිතලා කටයුතුකරලා අන්තිමට මේ අවිල්ල තියෙන හොඳම අවස්ථාව නතිකරගන්නවා... 2004 දී 39ක් වෙලා තිබුනු ආසන අද කීයද ජේවීපී එකට.... මතකද මහියන්ගනයද කොහෙද පලාත්සභාවක් ජේවීපී එක දින්නා... කෝ ඒකට පස්සෙ දැන් තත්වේ බලන්න...... මේ සැරේත් වැඩි ආසන වෙනුවෙන් විතරක් හිතලා වැඩකරලා අන්තිමට අනාගතයේදී කලින් තත්වෙට ගියාම වෙන්න ඕනෙදේ වෙලා ඉවරයි රටට

    මම උබත් එක්ක දේශපාලන විවාදයක් කරනවා නෙවෙයි මචන්... මහින්ද උවදුර නතිකරන්න තව වැඩ ගොඩක් කරන්න තියෙද්දි තමන්ගේ ආසන ගන විතරක්ම හිතන ජේවීපී එක කරන්නේ වැරදි දෙයක් කියන එක මට හිතෙන එක මම කිව්වෙ....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    දැන් අවුරු 67ක් මේක කපු උන්ට JVP එක ගැන මර අමාරුවක් තියෙන්නේ. මට පෙන්නේ ආයිත් කට්ටිය JVP තහනම් කරලා jr ගේ වැඩේ පටන් ගනීද දන්නේ නැ

    apo Ehema wenne naha Uba baya wenna Epa machan...
    Dan Mahindath Naa JR uth naa... Somawansha Amarasinhath Naha...

    Athithaye deywal walin witharak anagathaya dakinna epa... issarahata wenna thiyena dey gana witharak hithamu...
     
    waligamaya

    Well-known member
  • මහින්ද පරද්දනේ දගලන්නේ මොකටද අනික UNP එක තවත් නොම්බෙර් එකේ හොරුන්ගේ පක්ෂයක තමයි. මහින්දට විදායක බලය නැතුව මොනවාද කරන පුළුවන් එක පාර්ලිමේන්තු චන්දයක්. :lol:.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද කියන පිලිකාව පරද්දන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ.. නමුත් ජේවීපී එක කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්නට යූඑන්පීඑකට යන චන්දත් කඩන එක... ඒකෙන් වෙන්නේ ජෙවීපී එකට වඩි ආසන අරගන්න පුලුවන් උනත් මහින්ද කියන පිලිකාව තව තවත් ස්ට්‍රොන්ග් වෙනවා... ජේවීපී එක හිතනවනම් ජනවාරි 8 වෙනිදා තිබුණු තත්වය නෙවෙයි අගෝස්තු 17 තියෙන්නේ කියලා ඒක ජේවීපී එක වක්‍රව මහින්ද උදවු කිරීමක් වෙනවා... පක්ශ දෙය්ශපාලනය කරන්න මහින්ද උවදුර මුලින්නුපුටාදාල ඉන්න ඕනේ... නමුත් ජේවීපී එක 2004දී වගේ ආයිත් පාර්ලිමේතුවේ ආසන ගැන විතරක් හිතලා කටයුතුකරලා අන්තිමට මේ අවිල්ල තියෙන හොඳම අවස්ථාව නතිකරගන්නවා... 2004 දී 39ක් වෙලා තිබුනු ආසන අද කීයද ජේවීපී එකට.... මතකද මහියන්ගනයද කොහෙද පලාත්සභාවක් ජේවීපී එක දින්නා... කෝ ඒකට පස්සෙ දැන් තත්වේ බලන්න...... මේ සැරේත් වැඩි ආසන වෙනුවෙන් විතරක් හිතලා වැඩකරලා අන්තිමට අනාගතයේදී කලින් තත්වෙට ගියාම වෙන්න ඕනෙදේ වෙලා ඉවරයි රටට

    මම උබත් එක්ක දේශපාලන විවාදයක් කරනවා නෙවෙයි මචන්... මහින්ද උවදුර නතිකරන්න තව වැඩ ගොඩක් කරන්න තියෙද්දි තමන්ගේ ආසන ගන විතරක්ම හිතන ජේවීපී එක කරන්නේ වැරදි දෙයක් කියන එක මට හිතෙන එක මම කිව්වෙ....

    බයියොන්ට පෙන්නන්න මේ පෝස්ට් එකේ ස්ක්‍රීන්ශොට් එක ගත්තා:P
     
    මහින්ද හෝ රනිල්ගේ තියෙන්නේ රැවුල විතරයි අසමාන කම. උබලට වාසියක් තියනවා රනිල් සුළු ජාතිකයන්ට සලකන නිසා. ඒ පෙත්තෙන් උබ නිවරැදී. එක පිළිකාවක් මරන්න තව පිළිකාවක් හදන්න ඕනි නැහැනේ බන්. දැන් මහින්ද කියන සදකෞඅ පැරදිලා එවරයි. ඒවගේම ආයිත් බලයට එන්නෙත් නැහැ. මහින්ද අගමැති උනත් මහින්දට ඉස්සර නටපු සෙල්ලන් දාන අමාරුයි.

    උබ කියන්නේ අපිට මහින්ද දිනයි කියලා බයේ චන්ද නොකර ඉන්න කියලද? අජිත් පැරකුම් නම් කියන්නේ එක කොහොමත් පොර ජවිපෙ එක්ක තරහයි. ඒ කලේ ඉදන්ම. මහින්ද වගේම එජාප රජයත් උවදුරක් කියල පාලිත ත්වරපෙරුම, බධුම්කර වංචාව, රවීගේ පාතාලය සුජීවගේ ක්‍රියාකලාපයන් නිසා පෙන්නේ නැද්ද??

    අනික පුත් බැරි වෙලා වත් මහින්ධ ජනවාරි 8 දිනුවානම් යුඑන් පි එකේ බාගයක් මහින්දගේ ඔඩොක්කුවේ

    ජවිපෙ ගැන කියනවනම් අපි කොහොමත් අසන වලට ලගුවෙලා දේශපාලනය කරන්නේ නැහැ. ලන්කව්ව් ධෙෂපලනය තුල උඩුගම් බලා පිහිනනකොට කොහොමත් පසු බැසීම් ඇතිවෙනවා. . ඒවගෙන් හොදම පාඩුව වෙලා තියෙන්නේ ජනතාවට. ජවිපෙ ප්‍රබල විපක්ෂයක්ව හිටියනම් මෙච්චර ව්‍යසනයක් ඇතිවෙන්නේ නැහැ. මහින්ද පිස්සු කෙලිනකොට රනිල් නායක කම ආරක්ෂා කරගන්න වැඩ කල මිසක් ජනතාව ගැන කල්පනා කරලා වැඩ කලද?? උබම කල්පනා කරලා බලපන්.

    අනික ජවිපෙ අවංකව ජාතික සමගියා වෙනුවෙන් පවා කතා කලාධ නැද්ද කියන එක උබට උවේ හිතෙන්ම හඳුනා පුළුවන්:)
     
    mekayi mata hithenne,
    unahapulu ammata thamange patawu manik kiyanawane.
    thamange waradi pili ganimata unp eka sudanam nehe.