ජවිපෙ අද නොවෙයි හෙට.....
මේ දවස්වල බුද්ධිමතුන් අතරෙ රැල්ලක් යනව විපක්ෂය ශක්තිමත් කරන්න ජවිපෙට ඡන්දෙ දෙන්න ඕනැ කියලා. ඒ තරම් බුද්ධිය නැති අය මේක පාවිච්චි කරනවා තමන් බුද්ධිමතුන් බව පෙන්වන්න. මේ වැඩේට නායකත්වය දෙන එක් අයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත් ඔහුට තිබෙනවා පොඩි පුද්ගලබද්ධ ප්‍රශ්නයක්. ඒ තමයි, යූඇන්පියට ඡන්දෙ දෙන්න බැරිකම. නිර්මාල් 2005දී මහින්දට ඡන්දය දෙන්න කිව්වා. ගැඹුරින් විමසලා බැලුවොත් මේ පක්ෂ දෙකෙන් එකකවත් මූලික පදනමේදී එහෙම අමුතු හොඳක් හෝ නරකක් නැහැ. 1971දී, 1989දී කැරැලි මර්දනය විෂයෙහි මෙම පක්ෂ දෙකේ හැසිරීම වෙනස් වුණේ කැරැල්ලේ දිග පළල අනුව මිස වෙන අමුතු කාරණයක් නිසා නො වේ.
ජවිපෙ මේ පක්ෂවලට වඩා වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එය පහළ මධ්‍යම පංතිය මත පදනම් වෙන එක මත විතරයි. ජනතාව ජවිපෙට උපරිම බලයක් දුන් 2004දී පත් වූ මන්ත්‍රීවරු 39දෙනා අද ඉන්නේ කොහිද කියා විමසා බැලීමෙන් මෙය තේරුම් ගත හැකියි. සමහරු එජාපයේ ය. සමහරු සන්ධානයේ ය. තවත් සමහරු පෙරටුගාමී සමාජවවාදී පක්ෂයේ ය. මහින්ද රාජපක්ෂ යටතේ ඉතා කෙටි කලකින් වැඩි ම ධනයක් උපයා ගත් දූෂිතයෙක් වන්නේ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශයි. නන්දන ගුණතිලක, ජයන්ත විජේසේකර වැනි අය ජවිපෙන් කැඩුණු පසු පක්ෂ ගණනාවකට මාරු වුණා. ඒ නිසා වෙනත් පක්ෂ සම්බන්ධයෙන් නගන අවලාද සියල්ල ජවිපෙට ද පොදුයි.
ජවිපෙ පැත්තට තිබෙන දූෂණ විරෝධී රැල්ල ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයට නවදිල්ලි ප්‍රාන්ත සභාවේදී ලැබුණු පිම්බීම වැනි පපඩම් පිම්බීමකි. ජවිපෙ කතා සාප්පු දේශපාලනයට දක්ෂයි. පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක රැස්වීමකදී අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ධර්ගා නගරයේ මුස්ලිම් ජනයාට පහර දෙන විට රනිල්ලා හකීම්ලා කළේ මොනවාදැයි ඇසූ අනුර කීවේ තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කළ බවයි. පාර්ලිමේන්තු විවාදයෙන් මුස්ලිම් ජනතාවගේ ගෙවල්වල ඇවිලුණු ගින්න නිවුණේ නැත. සිය දිවි නො තකා ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කළ එක ම දේශපාලකයා එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම පමණයි.
සාපේක්ෂ වශයෙන් ගත් කල එජාප නායකත්වය වඩා අගනාගරික (මෙට්‍රොපොලිස් / මෙගාපොලිස්) පුරවැසිභාවයක් ප්‍රවර්ධනය කරන පක්ෂයකි. එසේම, බටහිර රටවල පවතින ආකාරයේ විෂමතාවන් මැද මතුපිට සමානාත්මතාවක් පවතින ඉගලිටරියන් සමානාත්මතාව අගය කරනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් දක්වනවා. පුද්ගල නිදහස, ප්‍රකාශන හිමිකම, මානව හිමිකම් ආදිය අගය කරනවා. ජාතිවාදයට පක්ෂ නැහැ. මේ කාරණා එජාප ගැන දෙන සහතිකයක් නොවෙයි. සාපේක්ෂ අධ්‍යයන පමණයි.
එහෙත්, මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රීලනිපය පරිණාමය වුණේ මේවායේ ප්‍රතිපාර්ශ්වය දෙසටයි. එය තනිකරම රාජාණ්ඩුවාදී, සමානාත්මතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ප්‍රතිගාමී, ජාතිවාදී, ආගම්වාදී පක්ෂයක් බවට පත් වුණා. එහි නායකත්වයෙන් මහින්ද ගලවා දැමීම ශ්‍රීලනිපයටත් තමන්ගේ මුල් සොයා ගන්නට උපකාරයක් වේවි.
සමාජවාදය ගොඩනැගිය හැක්කේ දියුණු සමාජයන්හි මිස කුණු වූ වනචාරී සමාජයන්ගේ නොවෙයි. මහින්ද යටතේ ලංකාව යමින් තිබුණේ ම්ලේච්ඡත්වය දෙසටයි. ඒ පාරේ කිසි කලෙක සමාජවාදය හමු වන්නේ නැති බව රෝසා ලක්ෂම්බර්ග් විසින් පෙන්වා දී තිබෙනවා. එහෙම සමාජවාදය හැදෙනවා නම් සමාජවාදී රුසියාවේ ආධාර ලැබූ ආණ්ඩු තිබුණු ඇෆගනිස්තානයේ හා ඉතියෝපියාවේ ද සමාජවාදය හැදෙන්නට තිබුණා.
මහින්ද පැරදවීම මහින්දගේ ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා මේ මහ මැතිවරණය පාවිච්චි කළ යුතු මූලික අරමුණ වන්නේ මහින්ද පැරදවීමයි. ඒකේ කතා දෙකක් නැත. ඒ වෙනුවෙන් කිසිදු අවදානමක් ගත යුතු නැත. පක්ෂ එක්ක දේශපාලනය කළ කාලය දැන් ඉවර ය. අපි දේශපාලනය කරන්නේ අරමුණු සමග ය.
ශක්තිමත් විපක්ෂයක් හැදීම සඳහා මහින්ද විරෝධී ඡන්ද ජවිපෙට කඩා දිය යුතු නැත. මෙවර මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන බවක් නො පෙනේ. එසේම, මහින්ද මෙන් දෑත් ශක්තිමත් කර ගැනීමට ය කියමින් කොල්ලාත්, බල්ලාත්, තමන් මරන්නට කොටින්ට ඔත්තු දුන් එකාත් එකතු කරගන්නා දේශපාලනයක් දැන් නැත. ඒ නිසා අනිවාර්යයෙන් ම ශක්තිමත් විපක්ෂයක් හැදෙනු ඇත. ඒ විපක්ෂයේ සිටින අයට වඩා ජවිපෙ වෙනස් බව පෙන්වන්නට නම් ජවිපෙ තව ගෙදර වැඩ ගොඩක් කර පැමිණිය යුතු ය.
ජවිපෙ සමග කොන්දේසි විරහිතව දේශපාලනයට යන සිවිල් බුද්ධිමතුන් ජවිපෙ ජාතිවාදය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය වැදගත්. බලය බෙදීම යනු රට බෙදීම ය කියා තවමත් කියන පක්ෂයක් එක්ක ජාතික ප්‍රශ්නය විසඳාගන්නේ කොහොම ද? අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම බලය බෙදීම කියන ප්‍රශ්නයේදි ජවිපෙට වඩා ඉදිරිගාමීයි.
අනෙක් පැත්තෙන් දැන් අවශ්‍යව තිබෙන්නේ හුදු විපක්ෂ දේශපාලනයක් විතරක් නොවෙයි. මහින්ද විසින් රට ඇද දමා තියෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නත්, දේශපාලකයන්ගේ කකුල් ළඟ වැඳ වැටෙන දීන පසුගාමිත්වක ගිල්වා තිබෙන සමාජය ඉදිරියට ගැනීමටත් යහපත් ආණ්ඩුකරණයක් ද අවශ්‍යයි. ජවිපෙ 2004දීත් රාජ්‍ය පාලනයට සම්බන්ධ වී යමක් කිරීමේ අවස්ථාව මගහැර කැළේ පැන්නා. ඒ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වෙන බව කියමිනුයි. ඒ වෙලාවේ කොටි හා කොටින්ට පක්ෂපාතී පිරිස් අපට කිව්වෙ ජවිපෙට පිං සිද්ද වෙන්න අපි මර උගුලකින් ගැලවුණා කියලායි. ඔවුන් සාම ක්‍රියාවලිය තුළ සිර වී සිටියේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊලම වෙනුවෙන් යුද්ධය දිගට ගෙන යන්නයි. ඔවුන්ගේ පැවැත්ම තිබුණේ එතනයි.
ජවිපෙත් සභාග ආණ්ඩුව නිසා තමන්ගේ සමාජවාදී පතිවෘත්තාව බිඳෙයි කියලා විචිකිච්ඡාවකයි හිටියේ. ඒ නිසා ඔවුන් කළේ සුනාමි සහන මණ්ඩලය පාවිච්චි කරලා ආණ්ඩුවෙන් එළියට එන එකයි. මේ දෙගොල්ලොම එක ජාතියේ කට්ටිය. කොටින්ට ඊලම. ජවිපෙට සමාජවාදය. දෙගොල්ලොම නො කෙරෙන වෙදකම් එක්ක තමයි හැමදාමත් ඉන්නෙ. අන්තිමේදි දෙමළ කොල්ලන් දහදාහක් විතර මරලා දැම්මා නේ. දැන් ජවිපෙට සතුටු ද?
මේ ඔක්කොම කතා නිසා තමයි අපි කියන්නේ ජවිපෙට ලොකු බලයක් අරන් දෙන එක මේ වෙලාවේ ප්‍රමුඛ කාර්යයක් නො වන බව. එහි එක පැත්තක මහින්දට වාසි වීමේ අවදානමක් තිබෙනවා. අනෙක් පැත්තෙන්, ජවිපෙ දෝතින් වැළඳගන්න කලින් එය ජාතිවාදයෙන්, කල්ලිවාදයෙන් මිදුණු, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ශක්තිමත් පක්ෂයක් බවට පත් විය යුතු බවත් පුරවැසියන් ලෙස අපි අවධාරණය කළ යුතුයි.
අජිත් පැරකුම් ජයසිංහ