ජවිපෙ කඩා වැටෙන දේශපාලනයෙන් ගොඩ එන්නට වැඩ
ජවිපෙ කඩා වැටෙන දේශපාලනයෙන් ගොඩ එන්නට වැඩකරන ජනතාව බිල්ලට දෙන්න හදනවා – විමල්
ජනතා විමුක්ති පෙරමුණ කඩා වැටෙන සිය දේශපාලන ගමනින් ගොඩ එන්නට පසුගිය දිනවල ශිෂ්‍ය ව්‍යාපාරය ඈඳා ගන්නට උත්සාහ කර එය බැරි වූ තැන අද වැඩ කරන ජනතාවට බොරු ප්‍රකාශ කර ඔවුන්ගේ ජීවිත බිලලක් හරහා තම දේශපාලන අපේක්ෂා මුදුන් පත් කරගන්නට වෙර දරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද පස්වරුවේ කොළඹ බැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
‘‘මේ කුමන්ත්‍රණය සඳහා අවශ්‍ය සහායත් පොලීසිය උපරිම අයුරින් ලබාදීලා. සාමාන්‍ය උද්ඝෝෂණයක ජීව උණ්ඩ භාවිතා කිරීම වැරදියි. ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි මේ පොලිස් පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන පුළුල් පරීක්ෂණයක් කොට තරාතිරම නොබලා පොලීසියට දඬුවම් දෙන ලෙස.
වෙළඳ කලාපයේ 90%ක් ඡන්දය දුන්නේ සන්ධාන රජයට. කලාපයේ සේවකයන්ගෙන් අප ඉල්ලන්නේ ඔබව බිල්ලට දෙන්න හදන අයගෙන් ප්‍රවේශම් වෙන ලෙසයි. වෘත්තීය සමිති වලට කන්දෙන, සේවක ගැටළු වලට විසඳුම් දෙන රජයක් අද තිබෙන්නේ.
අද මේ බටහිර තානාපති කාර්යාල වලට අවශ්‍ය ප්රවෘත්ති නිර්මාණය කිරීමක් තමයි මේ වෙලා තියෙන්නේ.’’
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සති දෙකක නායකත්ව පුහුණූ වැඩසටහනට විරුද්ධ වෙන ජවිපෙ රජයක් අහම්බයෙන් හෝ බලයට පැමිණියහොත් ද්විතියීක අධ්‍යාපනය හමාර කරන ඕනෑම අයෙකුට වසර දෙකක යුධ පුහුණුවක් ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශණය පෙන්වමින් ඇමතිවරයා තව දුරටත් පැවසීය.