ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි

කටුනායක සිද්ධිය දඩමීමා කරගත් ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි

කටුනායක සිද්ධියේ දී මියගිය තරුණයාගේ අවමඟුල් උළෙලට සහභාගි වූ සේවකයන් පොළඹවා යළිත් වරක් කලහකාරී තත්ත්වයක් ඇති කොට ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැරූ උත්සාහය සේවක විරෝධය හේතුවෙන් ව්‍යාර්ථ වී ගිය බව රජය සඳහන් කරයි.

මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධ කරගෙන එය පරාජය කිරීමට දායක වූ වෘත්තීය සමිතිවලට, කටුනායක ආයෝජන කලාපය ඇතුළු අනෙකුත් වැඩකරන ජනතාවට හා පොදු මහජනතාවට ප්‍රණාමය පිරිනමන බවද නිවේදනයක් නිකුත් කරමින් රජය පවසයි.

මියගිය රොෂෙන් චානක තරුණයාගේ පවුලේ ඥාතීන් විසින් එම තරුණයා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් දේශපාලන අවස්ථාවාදීන්ට එය දඩමීමා කර ගැනීමට ඉඩකඩ ලබා නොදීම ප්‍රශංසනීය බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

රටේ පොදු මහජනතාවට බලපාන වෘත්තීය ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීම සඳහා රජය සෑමවිටම සූදානම් බවත් එවැනි අවස්ථාවක ප්‍රශ්න විසඳා ගැනීමේ මුවාවෙන් විවිධ විරෝධතා ව්‍යාපාර මෙහෙයවන්නේ පටු දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමට බවත් රජය පෙන්වා දෙයි. වර්තමාන රජය විසින් අයවැය පිළියෙළ කළ සෑම අවස්ථාවකදීම වැඩකරන ජනතාව හා විවිධ වෘත්තිකයන් අරලියගහ මන්දිරය වෙත කැඳවා අදහස් විමසන බව පවසන රජය ආයෝජන කලාපවල සේවකයන් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට තීරණය කළේ සේවක ඉල්ලීම්වලට සවන්දීම නිසා බවද කියා සිටියි.

ආණ්ඩු විරෝධී බලවේග ඉදිරියට ගෙන යාමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අපේක්ෂාව ජනතා විමුක්ති පෙරමුණට තිබූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේ ගැටලුවේදී ඉදිරිපත් කළ සටන් පාඨය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට සාක්ෂි සපයන බවද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරීන්ට නීතිය අනුව කටයුතු කිරීමට රජය පසුබට නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
  • Like
Reactions: anuradha2009
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ප්‍රචණ්ඩත්වය ගැලපෙන්නේ නෑ කාගේත් හඬට කන්දෙන නායකයෙක් රටේ ඉන්නවා - සිරිවිමල නාහිමි

කාගේත් හඬට කන්දෙන නායකයකු රටේ සිටිය දී එය තුට්ටුවකට මායිම් නොකර මහා සංඝරත්නය අරලියගහ මැදුර ඉදිරිපිට ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම රටටත් ආගමටත් නින්දාවක් බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

රටට, ජාතියට, ආගමට යම් විපතක් වූ විට මහා සංඝරත්නය පෙරමුණ ගැනීම ඉතිහාසය පුරා දක්නට ලැබුණු බවත් එවැනි තත්ත්වයකට යෑමට කාට වුවත් සාධාරණ හේතු තිබිය යුතු බවත් උන්වහන්සේ කීහ.

මහා සංඝරත්නයේ කාර්යය විය යුත්තේ වැරදි දේට විරුද්ධවීම මිස දේශපාලන පක්ෂවල මත ඉදිරියට ගෙන ඒම නොවන බව ද සිරිවිමල හිමියෝ පැවසූහ. කටුනායක සිද්ධිය මුල්කරගෙන ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් කුමන හෝ පක්ෂයක් දේශපාලනික වශයෙන් වාසි ගැනීමට ජාත්‍යන්තර වශයෙන් රජය අපහසුතාවට පත්කිරීම සඳහා කටයුතු කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද උන්වහන්සේ අවධාරණය කරති.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
කටුනායක වෙඩි තැබීම හිතුමතේට කළ වැඩක් රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළි වෙයි

කටුනායක උද්ඝෝෂණයේදී වෙඩි තැබීම ඉහළ නිලධාරියකුගේ අණදීමකින් නොව එය සිදු කළ පුද්ගලයාගේම හිතුමතේට කළ බව රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙළිව තිබේ. උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලෙසට පොලිස්පති කිසි විටෙකත් නියෝග නොකළ බව රහස් පොලිසිය මෙතෙක් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගෙන තිබේ.

කටුනායක උද්ඝෝෂණය සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වන විට පොලිස් නිලධාරීන් විසි දෙනකුගෙන් පමණ ප්‍රශ්න කර තිබේ. සාමකාමීව උද්ඝෝෂණය විසුරුවා හැරීමට උපදෙස් දුන් බව ඔවුහු කියා සිටියහ.

උද්ඝෝෂණය පැවැති ස්ථානයට මුලින්ම ආයුධ රහිතව ගිය බවද පොලිස් නිලධාරීන්ද ප්‍රකාශ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මේ උද්ඝෝෂණය සංවිධාන කළ බවට සහ තරුණ තරුණියන් ඊට සම්බන්ධ කර ගත් බවට පැහැදිලි තොරතුරු රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බව හෙළි වෙයි.

පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ නිදහස් වෙළෙඳ කලාප තරුණ තරුණියන් ඔවුන්ගේ සාමාජිකයන් ලෙස බඳවා ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත.

එම රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව මේ සතිය තුළ වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉලංගකෝන් මහතා වෙත ලබාදීමට නියමිතය.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්&#3512

අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්මතු වෙලා
ලසසප නිවේදනයක් නිකුත් කරමින් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී දේශපාලනය යළි ඉස්මතු වී ඇතැයි ලංකා සමසමාජ පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පෙන්වා දෙයි. ඒ නිවේදනයේ වැඩිදුරටත් කරුණු මෙසේ දැක්වේ.

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතුව සිටි රොෂේන් චානක තරුණයා පොලිස් වෙඩි පහරින් මියයෑම ගැන අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.

නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු ඒ හා සම්බන්ධ ආයතනයන්වල සේවකයින් එම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබියදීත් සේවකයින් කොටසක් මෙසේ උද්ඝෝෂණ පැවැත්වීම ජුගුප්සා සහගත ක්‍රියාවකි. මෙම උද්ඝෝෂණයේ අදෘශ්‍යමාන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ බව මනාව පැහැදිලි වේ. පවතින ආණ්ඩුව අස්ථාවර කර පරාජය කිරීමේ පියවරක් ලෙස මෙය අප හඳුනා ගනිමු. පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට අප එකඟ වන අතර, යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයේ අඩු පාඩුකම් රාශියක් ඇති බව අප පක්ෂයත් අප පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනත් පෙන්වා දෙන ලදී.

එම සංශෝධන පිළිගෙන කම්කරු අමාත්‍යතුමාගේ හා කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කම්කරු උපදේශක සභාව සමඟ සාකච්ඡා කර යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසෙන්නේ නම් යෝජිත එම විශ්‍රාම වැටුප් ක්‍රමයේ අඩුපාඩු සහ කඩතොලු මැකීී යනු ඇත.

අංග සම්පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් පුද්ගලික අංශයේ සේවකයින්ට ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවීමට හැකිවනු ඇත. එම ක්‍රමය සෑදීමට කාලය ගත වුවත් අංගසම්පූර්ණ සහ සේවකයන්ගේ සිත් ගන්නා සුළු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට ආණ්ඩුවේ සහ වගකිවයුතු පාර්ශවයන්ගේ වගකීම වනු ඇති බව තරුණ ජීවිතයක් මිලින වී යන මෙම අවස්ථාවේ දී අප පෙන්වා ;දන්නෙමු.
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ගහපු එවුන් මෝඩයෝ .......................................!
    ගුටි කන්න ආපු එවුන් හද්ද මෝඩයෝ..................!
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ගහපු එවුන් මෝඩයෝ .......................................!
    ගුටි කන්න ආපු එවුන් හද්ද මෝඩයෝ..................!

    so u are the brain...? ash****
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් කාලීන තොරතුරු ගැන වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම එකේ ඇවිත් වැඩකට නැති ඒවා දාන්න එපා.


    මෙන්න දවසේ විහිලුව:lol::lol::lol::lol:
    මේක කාලීන තොරතුරු ගැන වැදගත් ත්‍රෙඩ් එකක්ලු:lol::lol::lol::lol:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    jokers.png


    සුනිමල්ට නම් ගේමක් ඇත්තෙම නෑ වගෙ...
    :D:D:D
    Mr. Bean නුත් සෙකන්ඩ් වෙලානෙ...!!!:shocked::shocked::shocked:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jun 6, 2011
    2
    0
    0
    අනේ බං සුනිමල් එක පාර 30 000 විතර කිසි හේතුවක් නැතිව පාරට බස්සන්න ජවිපෙට පුලුවන් නම් අඩෝ උන් පට්ටයිනෙ බං.අන්තිමට මැරුණ කොල්ලා මලේ ජවිපෙන් ගහල වෙන්න ඇති.මිනීමරලා ඒ පව වෙන උන්ගෙ කර පිටින යවන එක පජාතයි නේද?
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනේ බං සුනිමල් එක පාර 30 000 විතර කිසි හේතුවක් නැතිව පාරට බස්සන්න ජවිපෙට පුලුවන් නම් අඩෝ උන් පට්ටයිනෙ බං.අන්තිමට මැරුණ කොල්ලා මලේ ජවිපෙන් ගහල වෙන්න ඇති.මිනීමරලා ඒ පව වෙන උන්ගෙ කර පිටින යවන එක පජාතයි නේද?

    naha machan eka kumanthanayak. issella pitin apu jvp marayo sewakayan godata dala kattiya kupitha karala thiyenne. dan hama dema heli wela thiyenne. eyala thama gatuma athi kare. oya godak inna thanaka kattiya aduranne nahane.
    mekata mulika hethuwa JVP eka. nathnam unta 30 000 thiya 300 wath ekathu kara ganna baha dan.
     

    Similar threads