ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි
කටුනායක සිද්ධිය දඩමීමා කරගත් ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි
කටුනායක සිද්ධියේ දී මියගිය තරුණයාගේ අවමඟුල් උළෙලට සහභාගි වූ සේවකයන් පොළඹවා යළිත් වරක් කලහකාරී තත්ත්වයක් ඇති කොට ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දැරූ උත්සාහය සේවක විරෝධය හේතුවෙන් ව්‍යාර්ථ වී ගිය බව රජය සඳහන් කරයි.
මේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධ කරගෙන එය පරාජය කිරීමට දායක වූ වෘත්තීය සමිතිවලට, කටුනායක ආයෝජන කලාපය ඇතුළු අනෙකුත් වැඩකරන ජනතාවට හා පොදු මහජනතාවට ප්‍රණාමය පිරිනමන බවද නිවේදනයක් නිකුත් කරමින් රජය පවසයි.
මියගිය රොෂෙන් චානක තරුණයාගේ පවුලේ ඥාතීන් විසින් එම තරුණයා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් දේශපාලන අවස්ථාවාදීන්ට එය දඩමීමා කර ගැනීමට ඉඩකඩ ලබා නොදීම ප්‍රශංසනීය බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
රටේ පොදු මහජනතාවට බලපාන වෘත්තීය ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීම සඳහා රජය සෑමවිටම සූදානම් බවත් එවැනි අවස්ථාවක ප්‍රශ්න විසඳා ගැනීමේ මුවාවෙන් විවිධ විරෝධතා ව්‍යාපාර මෙහෙයවන්නේ පටු දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමට බවත් රජය පෙන්වා දෙයි. වර්තමාන රජය විසින් අයවැය පිළියෙළ කළ සෑම අවස්ථාවකදීම වැඩකරන ජනතාව හා විවිධ වෘත්තිකයන් අරලියගහ මන්දිරය වෙත කැඳවා අදහස් විමසන බව පවසන රජය ආයෝජන කලාපවල සේවකයන් යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට තීරණය කළේ සේවක ඉල්ලීම්වලට සවන්දීම නිසා බවද කියා සිටියි.
ආණ්ඩු විරෝධී බලවේග ඉදිරියට ගෙන යාමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අපේක්ෂාව ජනතා විමුක්ති පෙරමුණට තිබූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේ ගැටලුවේදී ඉදිරිපත් කළ සටන් පාඨය ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළට සාක්ෂි සපයන බවද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මෙවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරීන්ට නීතිය අනුව කටයුතු කිරීමට රජය පසුබට නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.