ජවිපෙ කොල්ලනි, මොකද වෙන්නෙ?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සෝමවංශ ජවිපෙ ශක්තිමත් කරනවා, ඉදිරියේදී ඒක හැමෝටම පැහැදිලි වෙයි.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    මම හිතන්නෙ මෙක ප්ලෑන් කරලා කරන වැඩක්. ජවිපෙ චන්ද පදනමව් වැඩි කරගන්න . මොනවාඋ උනත් ජවිපෙ තමයි දැනටට් තියෙන හොඳම පක්ශය
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ අනිත් පක්ශ වගේ නෙමෙයි පුද්ගල ප්‍රතිරූප පක්ශෙට අදාල නැහැ. සෝමවන්ශ නෙමෙයි අනුර කුමාර ගියත් පක්ශෙ වැටෙන්නෙ නැහැ, මොකද පක්ශෙ ගොඩනැගිලා තියෙන්නෙ ශක්තිමත් පදනමක්,මතයක් එක්ක. දෙපාරක් මරලත් විනාස කරන්න බැරි උනේ එකයි.:yes::yes::cool::cool::cool:

    wait.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝකත් එකයි බන් ලංකාව හැදෙන්න නම් ලංකාව ආයේ බ්‍රිතාන්‍ය කීරිටයට යටත් වෙන් ඔනේ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේව අහල පණ පලයන් පෙරෙයිදා

    984312_1432730593707444_3509328181980527494_n.jpg



    ඇස් වැහෙනවා නංගියේ රතු වයින් කියා
    ඇඟ රිදෙනවා නංගිගේ ඇඳ සුපිරි නිසා
    නිර්ධන පංතියේ ඉඳලත් මෙහෙම නිසා
    රවියගේ පස්සේ ගියේ මගේ සැප කණේ නිස

    සලලා නිතඹ පිය මනිනා කොමළ ලිය
    පන්ති සටනේ පෙරමුණ ගත් සොහොයුරිය
    මොන නෑකම්ද යන විට පසු කර බුරිය
    හිමකර රටේ කරමුද අපි රති කෙලිය

    පියවේ දෑස දැනෙනා උනුසුම හින්දා
    මැවිලා පෙනේ නිරුවත වනචර හින්දා
    උරලා දෙතොල් රසකර පහසින් බන්දා
    කාල් මාක්ස් තදකර ඇදටම බැන්දා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේව අහල පණ පලයන් පෙරෙයිදා

    984312_1432730593707444_3509328181980527494_n.jpg



    ඇස් වැහෙනවා නංගියේ රතු වයින් කියා
    ඇඟ රිදෙනවා නංගිගේ ඇඳ සුපිරි නිසා
    නිර්ධන පංතියේ ඉඳලත් මෙහෙම නිසා
    රවියගේ පස්සේ ගියේ මගේ සැප කණේ නිස

    සලලා නිතඹ පිය මනිනා කොමළ ලිය
    පන්ති සටනේ පෙරමුණ ගත් සොහොයුරිය
    මොන නෑකම්ද යන විට පසු කර බුරිය
    හිමකර රටේ කරමුද අපි රති කෙලිය

    පියවේ දෑස දැනෙනා උනුසුම හින්දා
    මැවිලා පෙනේ නිරුවත වනචර හින්දා
    උරලා දෙතොල් රසකර පහසින් බන්දා
    කාල් මාක්ස් තදකර ඇදටම බැන්දා

    :lol::lol::lol::lol:

    ගෑණියෙක් එක්ක පොටෝ එකක් ගැහුව කියන්නෙ ඒ ගෑණි එක්ක නිදාගත්ත කියන එකද ? උඹල වගේ හරක් පැටව් පවු බන් :shocked::shocked:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    මේව අහල පණ පලයන් පෙරෙයිදා

    984312_1432730593707444_3509328181980527494_n.jpg



    ඇස් වැහෙනවා නංගියේ රතු වයින් කියා
    ඇඟ රිදෙනවා නංගිගේ ඇඳ සුපිරි නිසා
    නිර්ධන පංතියේ ඉඳලත් මෙහෙම නිසා
    රවියගේ පස්සේ ගියේ මගේ සැප කණේ නිස

    සලලා නිතඹ පිය මනිනා කොමළ ලිය
    පන්ති සටනේ පෙරමුණ ගත් සොහොයුරිය
    මොන නෑකම්ද යන විට පසු කර බුරිය
    හිමකර රටේ කරමුද අපි රති කෙලිය

    පියවේ දෑස දැනෙනා උනුසුම හින්දා
    මැවිලා පෙනේ නිරුවත වනචර හින්දා
    උරලා දෙතොල් රසකර පහසින් බන්දා
    කාල් මාක්ස් තදකර ඇදටම බැන්දා
    තුන්වේලට කන්නෙ පුන්නක්කුද?:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පශ්චාත් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව, පසුගිය මාස තුනකට ආසන්න කාලය තුළ තීව්‍ර වූ ලාංකීය දේශපාලන අර්බුදයට එකතු වූ අලුත්ම මාතෘකාව ජවිපෙ හිටපු නායකයාගේ ඉල්ලා අස්වීමයි. මෙය හුදු සිදුවීමක් හෝ වත්මන් දේශපාලන පසුබිම මත පමණක් පදනම්ව විග්‍රහ කළ හැකි හෝ විග්‍රහ කළ යුතු මාතෘකාවක් හෝ උඩින් පහළින් අතගෑ බැලිය යුතු මාතෘකාවක්ද නොවේ.
    එසේ නම් එවැනි මාතෘකාවකට මුල මැද අග හා බැඳුණු විග්‍රහයක් අවශ්‍යව ඇත.
    අද භද්‍ර යෞවනයේ පසුවන තරුණයාට තරුණියට බෙදුම්වාදී යුද්ධය ගැනවත් හරියාකාර වැටහීමක් හෝ මතකයක් නැත. අද මැදි වයසේ වසර 30-40 අතර උදවියට 83 ජවිපෙ තහනම හෝ 89 සිදුවීම් ගැන ඇත්තේ අසා දැනගත් දැනුමක් පමණකි. අද වයස 50 ක කෙනෙකුට වුවද 71පිළිබඳ ඇත්තේ කියවා අසා ගත් දැනුමක් පමණකි. ජවිපෙ බිහිකළේ බිහිවුණේ ඇයි දැයි විජේවීරයන් ඒ සඳහා කළ අතිමහත් කැපකිරීම කුමක්දැයි වතාවල් දෙකකදී යකඩින් ලෙයින් මර්දනය කළ පක්ෂයක් මේ ලාංකීය ‍පොළෝ තලයෙන් අතුගෑ දැමීමට නොහැකි වූයේ මන්දැයි තේරුම් ගැනීමට ජීවමාන අත්දැකීම් හෝ මතකයන් ඔවුන්ට නැත. ඒ ඔවුන්ගේ වරද නොවේ. ඒ නිසා බොහෝ විට ජවිපෙ මෑත දේශපාලන ක්‍රියාකාරිත්වය පදනම් වූයේ ගිරා ‍පෝතකයන් ලෙස අසා දැනගත් දේ වැමෑරීම තුළ මිසක ගැඹුරින් විග්‍රහ කිරීම තුළ නොවේ.
    ජවිපෙ අඩුපාඩු වැරදි දකින සෑම දෙනා ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පවතින යථාර්ථය බැහැර කිරීම වත්මන් ජවිපෙ භාවිතාව වී තිබේ.
    ඒ නිසාම පක්ෂයේ වතාවකදී ඉහළින් සැලකූ ප්‍රචාරක ‍ලේකම්වරයා ඉවත් වූ විට ඔහු ද්‍රෝහියෙකු විය. සීගිරි ගලෙන් ගැලවූ පතුරක් පමණක් විය. ජවිපෙ සම්බන්ධයෙන් යළි ගැඹුරු හැදෑරුමකට යා යුතුය.
    එහෙත් ඒ සඳහා මට ඇති පසුබිම කුමක්ද? අයිතිය යුතුකම කුමක්ද? වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන මට ජවිපෙ දේශපාලන ය ගැන කතා කිරීමට ඇති දැනුම හා අයිතිය කුමක්දැයි ප්‍රශ්න කර මා මතුකරන සාකච්ඡාව නිශේධ කිරීම වැළකීම සඳහා මා මුලින්ම ඉතා කෙටියෙන් මගේ පසුබිම මෙහි සටහන් කරමි.
    ජවිපෙ හා මා අතර ඇති සම්බන්ධය වසර 45 කට ආසන්න තරම් ඉතිහාසයකි. කටේ කිරි සුවඳ යන වකවානුවේ මා ජවිපෙ හා බැඳුණේ මගේ මිය ගිය පියා හරහාය. 1971 මර්දනයට පසුව ජවිපෙ නැවත ගොඩ නැගීමේ භූමිකාවේ ප්‍රධාන මූලස්ථානය බවට පත්වුණේ අනුරාධපුරයේ අප ජීවත් වූ නිවසයි. මෙලෙස 1971 සිට 73 දක්වාද, මගේ පියා සිරගත වූ 1973 සිට 75 වසර 2 තුළද නැවත 1975 සිට 1980 දක්වා වෛද්‍ය ශිෂ්‍යයෙකු හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයකු ලෙසද, 1980 සිට 1983 දක්වා වෛද්‍යවරයෙකු ලෙස හා ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ලෙසද මා රෝහණ විජේවීරයන් මෙන්ම සෝමවංශ අමරසිංහ සමගද ඉතාම සමීප ලෙස කටයුතු කර ඇත. ජනාධිපතිවරණය හා ජනමත විචාරණ කාලය තුළ මා විජේවීරයන් සමග මාස ගණනාවක් විසි හතර පැය ජීවත්ව ඇත.
    1983 කළු ජූලිය දඩමීමා කරගෙන සදාචාර විරෝධී ලෙස ජවිපෙ තහනම කළ වකවානුවේ අත්අඩංගුවට පත්ව මාස 6 ක් අපකීර්තිමත් 4 වන තට්ටුවේද රැඳි පුද්ගලයකු මෙන්ම එහි රඳවා සිටි ප්‍රධාන ‍ලේකම් ලයනල් බෝපගේ, භාණ්ඩාගාරික සෝමරත්න කලුආරච්චි ආදීන් වෙනුවෙන් එළියේ සිට සෝමවංශ සමග ගනුදෙනු කළ පුද්ගලයෙකු වූ මම 83 දෙසැම්බර් නිදහස් වී පැමිණ ජවිපෙ ගොඩනැගීම සඳහා සෝමවංශ සමග ඉතාම ළඟින් කටයුතු කළ අයෙක්මි. 1983 සිට 1988 දක්වා තහනම් පක්ෂය නීත්‍යනුකූල කටයුතු, උදහාරණ වශයෙන් ජවිපෙ වෙනුවෙන් නඩු කටයුතුවල ද මැදිහත් වූවෙක් මෙන්ම 1983 දී ජවිපෙ මධ්‍යම කමිටුවට රෝහණ සහෝදරයා විසින්ම යෝජනා කළ පුද්ගලයෙකු ද වේ.
    1988 ජූලියේ මහ දවා‍ලේ පැහැර ගැනීමට ලක්ව ගම්පහ වධකාගාරයක් තුළ දසවධ විඳි කිසිදු සදාචාරවත් වැහැරීමකට ලක් නොවී පක්ෂය රැකි පුද්ගලයකු ද වෙමි. 1989 අධි මර්දනය තුළද නොසැලී සිට ජිනදාස කිතුලෙගොඩ හිටපු මන්ත්‍රීතුමා සමග සෘජුවද ඉන්දියාවට පලාගිය සෝමවංශ සමග වක්‍රාකාරවද එකට ජවිපෙ නැවත ගොඩනැගීමට මැදිහත් වූ, ඒ නිසාම සෝමවංශ විසින්ම පෞද්ගලිකව දේශපාලන මණ්ඩලයට යෝජනා කළ පුද්ගලයකු ලෙස ඉන්දියාවේ සිට තායිලන්තය හරහා ඉතාලියට ගොස් ප්‍රංශයටද එතැනින් ලන්ඩනයටද පැමිණ සෝමවංශ පදිංචි වූයේද අප සිටි නිවස ළඟමය. ඉන්දියාවට පලා ගිය සෝමවංශ ලංකාවට ඒමේ මුල් පණිවුඩ කරුවා වූ සෞදි අරාබියේ රියාද් හි සේවය කළ 1990 දී අත් අඩංගුවට පත්ව මරා දැමූ ජයසිංහ සහෝදරයා මුලින්ම පැමිණියේද මා හමුවීමටය. ඉන්පසු ඉතිහාසය මෙහි සටහන් නොකරන්නේ ඔබ වෙහෙසට පත්කිරීමට අකමැති නිසාත් ඊට පසු කරුණු කාරණා දිග හැරුණු ආකාරය වත්මන් අර්බුදයට සම්බන්ධ නිසාත් ඒවා පසුව සාකච්ඡා කිරීමට ඉඩ තබා ගැනීම සඳහාය.
    ඉහත පසුබිම තුළ විජේවීරයන් බිහි කළ ජවිපෙ හොඳ නරක ඉතාම හොඳින් දන්නා, විජේවීරයන් සමග කළ ගනුදෙනු ගැන ජීවමානව දන්නා පුද්ගලයන් අතලොස්සක් අතරින් මමද කෙනෙකු වන නිසා සෝමවංශ මහතා අදත් ප්‍රකාශ කළ ජවිපෙ ජීවගුණය පිළිබඳවද මහා භක්තියකින් යුතු පුද්ගලයකු ද වෙමි. 1971 හා 1989 නැගිටීම් තුළ මොන තරම් නොගැළපීම් තිබුණද ජවිපෙ අභ්‍යන්තර තුළ තිබූ දේශප්‍රේමය, කැපකිරීම අවංක භාවය ආදි ගුණාංග ගැන හොඳින් දන්නා කෙනෙකු මෙන්ම අමරසිංහ මහතා පිළිබඳවද අතිශය පෞද්ගලික අත්දැකීම මහා පරිමාණයක් ඇති කෙනෙකු ලෙස ජවිපෙ තුළ මේ සිදුවන්නේ කුමක්දැයි හොඳින් තේරුම් ගැනීමට මට විශාල ඉඩක් ඉතිරි වී ඇත. තවද මිනිසාගේ මනස පිළිබඳ විශේෂඥයකු වන මට මේ දේශපාලන චරිත කියන කරන දේ පිළිබඳවද, දේශපාලන මෙන්ම මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම්ව යම් විග්‍රහයක් කිරීමට අවකාශයක් ලැබේ.
    එසේ නම් අද දවසේ අමරසිංහ මහතා කළ මාධ්‍ය සාකච්ඡාවට අදාළවකරුණු කීපයක් තේරුම් ගැනීමට උත්සාහ කරමු.
    ඔහුගේ ප්‍රකාශයට නැවත නැවත සවන් දුන් මට දැනුන ප්‍රධාන කාරණය ඔහු කියන දේ තුළ තිබූ පරස්පරයයි.
    ඔහු මුලින්ම පටන් ගත්තේ මෙසේය. මම මේ මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක්වත්, සාමාජිකයෙක්වත් නොවෙයි කියනවා. ඒ සමගම ඔහු කියනවා කිසි සැකයක් නැතුවම ජවිපෙ කියන්නේ සමාජවාදී පක්ෂයක්.
    ඒ වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියල. ඊළඟට කියනවා පක්ෂයතුළ කිසිදු සහෝදරයකු පිළිබඳව සහෝදරාත්මක නොවන හැඟීමක් නැහැ කියල එහෙනම් ඔහු ජවිපෙන් ඉවත් වන්නේ ඇයි?. එය සමාජවාදී පක්ෂයක්. ඒ ගැන සැකයක් නැහැ කියන අතර ඔහු කියනවා වෙනත් පක්ෂයක් හදන බව.
    ජවිපෙ හැර සමාජවාදය ගොඩනැගිය හැකි වෙනත් පක්ෂයක් නැහැ. ඒක මම අදහන දේ කියල එසේ නම් නව පක්ෂයක අවශ්‍යතාව කුමක්ද?
    එසේ නම් ඔහු අලුත් පක්ෂයක්,ඔහුගේ වචනවලින්ම ජවිපෙට හතුරු නොවූ පක්ෂයක් හැදීමට බලා‍පොරොත්තු වන වගකීම කුමක්ද?
    එසේ නම් ඔහු මේ මැදිහත් වන්නේ, ජවිපෙට මෑත කාලයේ විශේෂයෙන්ම එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකට එරෙහිව මතුවූ විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ලක්ෂ 25 ගනුදෙනුව මෙන්ම විකිලිස් වබේ අඩවිය හෙළිදරව් කළ ඇමෙරිකානු මුදල් ගනුදෙනුව තුළ මතුවූ, පක්ෂය තුළද නැගී ආ චෝදනා, අපවාද, විරෝධය ඔබ හමුවේ පක්ෂය හැර යන අය සහ ජවිපෙන් ඈත් වන ‍පොදු ජනතාවට යම් බලා‍පොරොත්තුවක්දී රඳවා තබා ගැනීමේ ව්‍යායාමයක්දැයි සාධාරණ සැක මතුවේ.
    ජවිපෙ කටයුතු කරන්නේ ‍පොදු ජනතාව පිළිබඳව නිසි අවබෝධයකින් නොවන බව ඔහු අද කියන කතාව සමාජ කතිකාවට ලක්වන්නේ 2005 ඉඳලා. 2010දී ඒක ඉහළින්ම දකින්න ලැබුණා. ඔහු කියනවා පක්ෂයක් ලෙස ලෙහෙසියෙන් ජයග්‍රහණය කරා යන්න තියන පහසු කිසිදු කටයුත්තකට දෙගිඩියාවක් නැතුව ජයග්‍රහණ ගේන්න පුළුවන් කාරණ, උපක්‍රම අත හරිනව ජවිපෙ කියල.
    මෙම චෝදනාව ජවිපෙට එරෙහිව කාලයක් තිබුණ එකක්. අද ඊයේ ඇති වූවක් නමෛයි. එහෙත් දැන් ඒක වඩා ඉස්මතු වෙනවා. ඔහු ආකර්ෂණය කර ගැනීමට හදන්නේ මේ සමාජ ස්ථරයද. සැබෑ ජනතා බලවේග සමග පෙළ ගැහීමට වළකාලීමට කරන තාවකාලික උප්පරවැටියක්ද වේ.
    ඔහු අද පවසන එහෙත්, අප මීට පෙරද පුන පුනා කියූ ඒ ගැඹුරු සත්‍යය, යථාර්ථය සෝමවංශට හදිසියේ තේරුම් ගියේ මේ ඊයේ පෙරේදාද?
    2014 දෙසැම්බර් 28 ඉරිදා ලක්බිම විජේවීරයන්ගේ සමීපතයෙකුගෙන් ජවිපෙ සාමාජිකයන්ට තීරණාත්මක ආයාචනයක් නමින් මා ලියූ ලිපියේ මෙම පැහැර හැරි අවස්ථා පිළිබඳව දීර්ඝ විස්තරයක් කළෙමි. එහෙත් කෙටියෙන් හෝ ඒ ගැන යළි සටහන් කළ යුතුව ඇත්තේ අප දුටු ඒ සත්‍යය වටහා ගැනීමට අමරසිංහ මහතාට මෙතරම් කලක් ගතවූයේ මන්ද යන ප්‍රශ්නයද නඟමිනි. එපමණක් නොව 2010 ජනවාරි මස 10 ඉරිදා දිවයින පුවත්පතට විජේවීර බිහිකළ ජවිපෙට යන කලක හැටි නමින් මා ලියූ ලිපියෙන්ද ඉස්මතු කළේ අමරසිංහ මහතා අද සඳහන් කළ පහසුවෙන් ලබාගත හැකි ජයග්‍රහණ අතහැරීම පිළිබඳවය 2008 දී පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විමල් වීරවංශ මහතාද මතු කළේ මේ ආකාරයේම ප්‍රශ්නයකි. ඔහුගේ නැත්ත වෙනුවට ඇත්ත ‍පොතින් මතු කළේද එවැනිම ප්‍රශ්නයකි.
    2004 මැතිවරණයේදී ඉදිරිපත් කළ අපේක්ෂකයෝ 43 දෙනාගෙන් 41 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කර යවා ජනතාව ලබාදුන් ජයග්‍රහණය පහසුවෙන් අතහැර දමද්දී අවසානයේදී ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හරහා 3-4 දෙනෙකු පාර්ලිමේන්තුවට යැවීමට තරම් ජවිපෙ පහළට ඇද වැටෙද්දී - තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව අහිමි වෙද්දී අමරසිංහ මහතා සිටියේ කොතැනද?
    විජේවීරයන් බිහිකළ ජනතා විමුක්ති පෙරමුණේ තිබූ සුවිශේෂී ගුණාංගයන් වූයේ ඒකීය ලංකාවක් පිළිබඳව තිබූ කැප කිරීම හා මාතෘ භූමියට තිබූපක්ෂපාතිත්වය, ජීව ගුණය හා අවංකකමට පිටුපා ඊළම් බෙදුම්වාදී යුද්ධයට එය ජයග්‍රහණය කරා යමින් තිබූ මොහොතක, අමරසිංහ මහතා ජවිපෙ නායකයා වශයෙන් සිටි මොහොතක ලාංකීය ජනතාවගේ අති බහුතරය සියලු ආර්ථික අපහසුකම්,දුෂ්කරතා විඳදරා ගනිමින් යුද්ධයටපක්ෂව කැප කිරීම් කරද්දී මහා වැඩ වර්ජන කැඳවන විට ජවිපෙ නායකයාව සිටි අමරසිංහ මහතාට ඔය අද කිවූ කිසි ආකාරයක මේ සංස්කෘතිය සමග බද්ධ වෙලා නැහැ. මහ ජනතාව සමග බද්ධ විය නොහැකි බවක් ජවිපෙට තිබෙන බව තේරුනේ නැද්ද.
    එදා Ltte ත්‍රස්තවාදය පැරදීමට එක හෙලාම කැප විය යුතුව තිබූපක්ෂය, එම වගකීමෙන් පලාගොස්, පීලි පැන 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට නිවැරදි ලෙස කළ යුග මෙහෙවරට පිටුපා කරගත් වින්නැහිය තේරුම් ගැනීමට මෙපමණ කලක් ගතවීමට තරම් එතුමා දේශපාලන අත්දැකීම් නොතිබුණු කෙනෙක්ද? නැත එසේ විය නොහැක. එම තීන්දු මෙන්ම මෙම තීන්දුද අහම්බයක් විය නොහැක.
    අද අමරසිංහ මහතා කියන ටික එදා විමල් වීරවංශ විසින් කියන විට වීරවංශට එරෙහිව අවලාද, අපවාද පදනම් විරහිත චෝදනා කිරීමට මුල් වූයේ අමරසිංහ මහතා නොවේද? එදා පියසිරි විජේනායකට, වෛද්‍ය සුමිත් වන්නිආරච්චිට පහර දෙනවිට ජවිපෙ නායකයා වූයේ අමරසිංහ මහතාම නොවේද. එතුමාගේ වාසනාවකට අද විජිත හෙරත් මන්ත්‍රීවරයා ප්‍රතික්‍රියා දැක්වූ ආකාරය ගැන සිතීමේදී අඩුතරමින් ඔවුහු ඒ දුෂ්ට හැසිරීමෙන් වත් පාඩමක් ඉගෙන ගෙන ඇති බව සිතේ. එසේත් නැතිනම් මේ ඇල් මැරුණ ප්‍රතිචාරයේ පදනම කුමක්ද?
    ඔහුගේ පරස්පර විරෝධී ප්‍රකාශයේ අවධානය ඔහු කියන්නෙ අලුත් පක්ෂයක් හදන බවයි. ඔහු විමල් වීරවංශයන් ජවිපෙ තුළ මේ ආකාරයේම සංවාදයක් මතුකර, ජවිපෙ ජනතාවගේ අපේක්ෂාවන් තුළ රැඳෙමින්, අපේ රටේ අමරසිංහ මහතා අද කියන සංස්කෘතිය හා බද්ධව ජවිපෙ පැරද වීමට වාද කරද්දී අමරසිංහ මහතා පැවසූවේ වයස තිබුණා නම් එළියට ගොස් වෙනත් පක්ෂයක් හදන බවයි. එහෙත් විමල් ඇතුළු, එදා ජවිපෙන් ඉවත් වූ අය මෙන්ම ජාතික බලවේගවලට හතුරු වෙමින් ලාංකික ජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගත් කණ්ඩායමට හතුරු වෙමින් ඔහු ඒ තුළ රැඳුණේය.
    විජේවීරයන් පැවසූ පරිදි එකම සිදුවීම දෙවතාවක් වන්නේ නම් මුලින්ම එය ඛිෙදවාචකයක් මෙන්ම දෙවැනි විගඩමක් බවට පත්වේ. මේ සිදුවෙමින් පවතින්නේ විගඩමක් බව මාගේ පෞද්ගලික අදහසයි.
    අද ජවිපෙ දේශපාලන වශයෙන් වැටී ඇති ඛිෙදවාචකය එනම් එදා විජේවීරගේ ජවිපෙ 13 ට එරෙහිව සටන් කොට ජීවිත 60,000 කට ආසන්න පූජා කොට, ඉන්දීය ව්‍යාප්තවාදයට දිගින් දිගටම එරෙහි වී, අධිරාජ්‍ය විරෝධී අරගලය හා ඉන්දීය ජාතික විමුක්ති අරගල 2ක් නොව එකක්. ලංකාව ඉන්දීය අධිරාජ්‍යවාදයේ පස්වන සේනාංකය වන ඊළම් කොටි හමුදාව බවට ප්‍රකාශ කොට, විජේවීර ඇතුළු ජවිපෙ දැවැන්ත අරගලයක නිරත විය.
    එහෙත් ඒ සියල්ලට පිටුපා එම ස්ථාවරයන්ගෙන් මිදී, ජවිපෙ විනාශ කළ රනිල් සමග එකට පෙළගැසී, මෙවර ඉන් එහාටත් ගොස් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ සංකල්ප හැර දමා උතුරු නැගෙනහිර වෙත ඉන්දියාව කරන සෘජු මැදිහත් වීමේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්, ඉන්දියානු ගැති හා ඇමෙරිකානු ගැති තත්ත්වයකට පත්වීම අහම්බයක් හෝ අනුර කුමාර දිසානායක මහතාගේ හුදු ව්‍යායාමක් බවට මා කිසිසේත් පිළිනොගනිමි. එම ක්‍රියාදාමයේදී අමරසිංහ මහතාගේ භූමිකාව කුමක්දැයි සොයා නොබලා අද මතුවන අනුර කුමාර විරෝධී එහෙත් ජවිපෙ හිතවාදී ස්ථාවරය තමන් වෙත රඳවා ගැනීමේ සෝමවංශ අමරසිංහගේ උප්පරවැට්ටියක් නොවේ යැයි කිසිවකුට තර්ක කළ නොහැක.
    ජවිපෙ වැනි පක්ෂයක් විනාශ කළ හැක්කේ ඇතුළතින් පමණක්මය. එසේ නම් එතැනදී මට ඇත්තේ එම ක්‍රියාදාමයේදී එකිනෙකා කළ වැඩ ප්‍රමාණය කොපමණක්ද මිසක එය කළේ කව්ද යන ප්‍රශ්නය නොවේ. දැවැන්ත මැ‍ලේසියානු කොමියුනිස්ට් පක්ෂය විනාශ කළේ ඇතුළිනි. එහි ප්‍රධාන ‍ලේකම් ලියා ටෙක් ජපන් හා බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු බව පසුව තහවුරු විය.
    මේ සිදුවෙමින් පවතින්නේ 1989 දී කළ විවෘත අවි මර්දනයේ ආවර්ත දිගුවක් වන නිරවි මර්දනයක්දැයි හොඳින් සිතා බැලිය යුතු වන්නේ එම ජාත්‍යන්තර අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින්ය.
    ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය තුළ ජවිපෙ සී සීකඩ කිරීමේ කුමන්ත්‍රණයක්ද දියත් වී නොතිබුණේ යැයි සිතීමට තරම් හැකියාවක් මට නොමැත. ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සැබෑ අධිරාජ්‍ය විරෝධී පදනමක් හා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව භෞතිස්ම කළ පක්ෂයක් මේ තරම් දියාරු තත්ත්වයකට පත්වුණේ අහම්බෙන් යැයි මා කිසිසේත් විශ්වාස නොකරමි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදී බලවේග, රාජ්‍ය නොවන සංවිධාන හා ඔත්තු සේවා ඒ ආකාරයෙන්ම 1989 දී මෙන්ම ඊට පසුද ක්‍රියාත්මක වූයේ නැතැයි කිව හැක්කේ දේශපාලන අඳ බාලයන්ට පමණක්මය.
    මෙම දේශපාලන ප්‍රහේළිකාවේ ඉන්දියානු සාධකය කැපී පෙනෙන දෙයකි. ජයවර්ධන ආණ්ඩුව මට්ටු කිරීමට ගුවනින් ආහාර දැමූ ඉන්දියාව, 1989 ඉන්දීය විරෝධී, සටනේ උච්චතම අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු අවශ්‍යතාවය Indian Intereste වලට අත නොතබන ලෙස ජවිපෙ ලන්ඩන් ශාඛාව හරා ඉල්ලීමක් කිරීමටද පසුබට නොවීය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කරන ලද ඉල්ලීමද විජේවීරයන් විසින් ඉවත දමනු ලැබුවද, සෝමවංශ පලා ගියේ ඉන්දියාවටය. එසේ ගොස් ලංකාවට එවූ මුල්ම පණිවුඩකරුවා වූ රියාද්වල සේවය කළ 1990 අත්අඩංගුවට පත්ව මරා දැමූ ජයසිංහ සහෝදරයා අත සෝමවංශ ඔහුගේම අත් අකුරින් මට එවූ ලිපියේ ඔහු ලියා තිබුණේ, “අපි දැන් ඉන්දියානු ලයින් එක වහා වෙනස් කළ යුතු බවයි” එසේම 2001දී ලංකාවට පැමිණ කළුතර පැවැත් වූ මුල්ම රැස්වීමේදී ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට විශේෂ ස්තූතියක් කළේය.
    විජේවීරයන් බිහි කළ ජවිපෙ තවදුරටත් සමාජ බලවේගයක් ලෙස රැකගෙන, ගොඩනගා ගැනීමට කැමති සියලු දෙනා මෙම කරුණු ගැන ගැඹුරින් සිතා බැලිය යුතුව ඇතුවා මෙන්ම ප්‍රමාණවත් සංවාදයකට මෙම කරුණු ලක් කිරීමද අත්‍යවශ්‍යව ඇත. එසේ නොමැතිව අද අවශ්‍යව ඇත්තේ අමරසිංහ මහතා අද පැවසූ පරිදි “ජවිපෙ බලයට ආවොත් පන්සල් යන්න පුළුවන් වෙයිද, පල්ලියට යන්න ලැබෙයිද, කෝවිල් යන්න ලැබෙයිද, විසිහතර පැය වැඩ කරන්න වෙයිද, මේවා තමයි ගැඹුරින් තියන ප්‍රශ්න.” යන්න මුසාවකි. ජවිපෙ අවුරුදු 55 වැඩි අය මරණ බව, බයිසිකල් හැරුණු විට වෙන වාහන තහනම් කරන බව විශ්වාස කළේ 70 දශකයේය. අද ජවිපෙ පිළිබඳ ඇත්තේ මේ ප්‍රශ්නය නොවේ. ජවිපෙ වැනි ඉතිහාසයකට උරුම කම් කියන පක්ෂයක් බෙදුම්වාදය සමග අධිරාජ්‍යවාදය සමග එහි දේශීය ගැත්තන් සමග වක්‍රාකාරව හෝ හිටගන්නේ කෙසේද යන්න පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක්. එසේ නම් අමරසිංහ මහතා මේ උත්සාහ කරන්නේ එම ගැඹුරු ප්‍රශ්න මගහැර ලිහිල් ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමටද? යන ගැටලුව වැළැක්විය නොහැකිය.


    විශේෂඥ මනෝ වෛද්‍ය, මහාචාර්ය අතුල සුමතිපාල
    ලක්බිම පුවත්පත
    ලින්කුව
     
    Last edited:

    gurulugomi

    Well-known member
  • මැයි දිනය දවසෙ නිදහස් මන්දිරය ළඟ නටපු නාඩගමෙන් පස්සෙ ඒ මහත්මය ගැන තිබ්බ විශ්වාසෙත් බිඳුණ. මට හිතෙන හැටියට ඊළඟ ඡන්දෙදි මධ්‍යස්ථ ශ්‍රී ලාංකිකයන් අතරමං!