ආණ්ඩුව වහාම විද්‍යාත්මක රට වසා දැමීමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ආණ්ඩුව එම තීරණය නොගන්නේ නම් එළඹෙන සදුදා දින සිට මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ඉටු කරමින් රට ලොක් ඩවුන් කිරීමක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මේ අදහස් පළ කළේය.
රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන හමුවේ රජය හදිසි රැස්වීමක් කැඳවා රට වැසීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණට රජය බයවුණු සිවුවෙනි වතාව මෙය බව පැවසේ.
මේ කලබල හමුවේ කඩ, සහ පොළවල් ජනතාවගෙන් පිරිඉතිරී ගොස් ඇති බව ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකුද වාර්තා කොට තිබේ.
අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික රතු තරුව නිවස්වලට පැමිණ අවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමසේවා මට්ටමින් සැලසුම් කර ඇතිබව අවධාරණය කොට ඇත.
තවද උද්ගෝෂණ වලට නොයා නිවස් තුලම කාලය ගත කරන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහජනයාගෙන් ඉල්ලා සිටී.