ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?
පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර
ජවිපෙ නිර්මාතෘ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහන විජේවීරය. ඔහුගේ පියා මැතිවරණ සමයෙක එජාප මැර ප්‍රහාරයකින් ආබාදිත තත්වයට පත්වූ කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. මේ හේතුවෙන් සා.පෙල සමත් වූ පසුව විජේවීරට රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ශිෂත්වයක් ලැබින. මොස්කව් ගිය විජේවීර ෆැන්ටසි දේශපාලන මතවාද සමග අතරමං විය, අධ්‍යාපනය කඩා වැටිනි.ඔහුගේ අසාමාන්‍ය හැසිරීම නිසා මානසික ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරිනි. නොබෝ දිනකින් යලි ගෙදර පැමිනියේ මාක්ස්වාදී වියරුවේ රෝග කාරකද රැගෙනය.
ජනතා විමුක්ති පෙරමුණ
1965දී විජේවීර සිය සගයන් කිහිප දෙනෙකු සමග එක්ව ජවිපෙ මුල්ගල තැබීය.පක්ෂයේ අරමුන වූයේ ලංකාවේ රාජ්‍ය පාලනය සියතට ගැනීමය. මිල මුදල්, බලය යහමින් ඇති පාලකයන් පන්නා දමා මිල මුදල් නොමැති ජන කොටස බලයට පත්වන න්‍යාය ඔවුන් දේශනා කෙරීය. අනතුරුව ඔවුන් ගොඩනගනුයේ සමාජවාදී පාලන ක්රමයකි.ආරම්භයේදී මාක්ස් සහ මාඔ සෙතුං ඔවුන්ගේ ගෝඩ් ෆාදර්ලා විය.මේ අතර 1967 කියුබානු විප්ලවයේදී චේගුවේරා ලෝ පතල පොරක් විය.කල දුටු කල වල ඉසගත් විජේවීර, චේ ගුවේරා විකුනා සංනද්ධ අරගලයකට තරුනයන් රැස් කෙරීය.
71 අරගලය
පංති පහ නම් කියුබානු කොපිය යොදවා තරුනයන්ගේ මොල කෑවේය. විජේවීර නිර්දේශ කල පොත පත හැර අන් සියලු ප්‍රකාශන කියවීම තහනම් කලේය .ගමේ ගොඩේ තරුනයන් උඩු යටිකුරු වූ සෙයකි.දං ගෙඩියට සුදානම් කල තරුනයන්ගේ තීරනාත්මක දිනය එලඹින.1971 අප්‍රියෙල් කැරැල්ලක් මතින් රාජ්‍ය බලය පැහැර ගැනිමට තීන්දු විය.එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.දූ දරුවන් ගේ වියෝ දුක දරා ගත නොහැකි වූ මව් පියවරුන්ගේ එකම මළ ගෙයකි .දස දෙස ඇසෙන දුක් අදෝනා මිස විමුතියයේ සේයාවකදු නොවින .
ලක් ඉතිහාසයට එක් කල කලු පැල්ලම
ගැලූ ලේ, පිපාසිත ජවිපෙ වේලකටද මදි විය. තම සංවිධානය මර්ධනය කල සිරිමාවෝ පැන්නීමට එජාපය සමග ජවිපෙ අත්වැල් බැදගත්තෝය.ඒ අනුව 77 ජේආර් ගේ එජාපය බලයට පත් විය.ජේ ආර් බලයට පත් වූ සැනින් විජේවීර ඇතුලු සියලු ජවිපෙ කාඩරයන් නිදහස් කෙරීය.අනතුරුව වසර කිහිපයක්ම සිරිමාවොට බැන අඩගැසූ විජේවීර එජාපයට කඩේ ගියේය.1983 දී නැවත ක්‍රියාත්මක වූ ජවිපෙ ලක් ඉතිහාසයට කලු පැල්ලමක් එකතුකමින් කලු ජූලියට දායක විය.1983 ජූලි 30 වනදා ජේ.ආර්. ගේ රජය ජවිපෙ තහනම් කරයි. සිය දේශපාලන මුග්ධ බව මොනවට පෙන්නමින් සංනද්ධ අරගලයක් සදහා රහසේ නැවත සංවිධානය විය.
88-89 අරගලය
88-89 ජවිපෙ තුවක්කුව නැවත වරක් ජනයා වෙත එල්ල කෙරීය.89 කාලයේ ජවිපෙ අතින් දේශද්‍රොහී ලේබලය වැදුනු අහිංසක කම්කරුවාගේ සිට සරසවි ඇදුරා දක්වා මහ මහ ඝාතනය වූයේය. රජයේ ප්රතිමෙහෙයුම හමුවේ දස දහසක තරුනයින් ටයර් සෑ මතින් අවසන් ගමන් ගියෝය.විජේවීරගෙන් නඩු නො අසන එජාප රජය ඔහුව බාබකිව් කරනුයේ පන පිටිනි.ජෙප්පන්ගේ 89 කැරැල්ල්ද කෙලවර වනුයේ අතිවිශාල ජීවිත සහ දේපල හානියක් සමගිනි. එජාපයේ බාබකිව් මෙහෙයුමෙන් නංනත්තාරවන ජවිපෙ යලි නැගිටීමට ඩීල් එකක් දමනුයේ පැරෂුටයෙන් බසින් චන්ද්‍රිකා සමගිනි.අනුරලා,සෝමෙලා, විමල්ලා,විජිතලා කරලියට එන්නේ ඒ අනුවය.
පොලිට් බියුරෝව දෙකට බෙදීම
දුර්වල චන්ද්‍රිකා සමග ගතකල කාලයේ ජවිපෙ කරල පැහිනි.2004 පර්ලීමේන්තු මැතිවරණයේදී ජවිපෙ මන්ත්‍රි ධූර 39 කට හිමිකම් කීවේය.2005 චන්ද්‍රිකාගේ ධූර කාලය අවසන් වූ විටද ජවිපෙ කස කැවූයේ ඇය රැකගත හැකි ව්‍යවස්ථා මගඩියකටය. බල සම්පන්න දකුනේ මහින්ද කෙරේ ජවිපෙ පසුවූයේ අනියත බියකිනි.නමුත් එල්ටීටීය සමහ ගිවිසුමක් ගසා රට දෙකඩ කල රනිල් සමග ඩීල් එකක් දැමිය හැකි පසුබිමක් ජවිපෙට නොවීය.. විමල්ගේ පිල සහ , අනුරගේ පිල ලෙස පොලිට් බියුරොව දෙකට බෙදුනි. විමල්ගේ මතවාදයට ජය ලැබිනි. ඒ අනුව 2005 මැතිවරණයේ දී ජවිපෙ මහින්ද හා එක් විය.
මහින්දගේ ආගමනය
2005 ජනපතිවරනය ජයගත් මහින්ද ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙමින් ඉදිරියට ඇදුනි.යුද්ධයේ තීරත්මක ආරම්භයේදී ජවිපෙ සිටියේ ආන්ඩුවේ ගෙල සිරකිරීමේ තැතකය.වරෙක එන්ජී කුක්කන්ගේ සහ සුදු ඒජන්තයින්ගේ ජරාව කා රජයෙන් ඉවත් වීමට තීරනය කොට තිබින.කුමාර් රූපසිංහලා, බටහිර තානාපති ප්‍රජාව මහින්දගේ ආන්ඩුව වැටෙනු දැකීම්ට පසු වූයේ ඇගිලි ගනිමිනි.නමුත් විමල් ඇතුලු පර්ලීමේන්තු මන්ත්‍රීන් 11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක්වීමත් සමගම දුෂ්ට සැලසුම ව්‍යාර්ථ විය.එදා ජවිපෙ සැලසුම ක්‍රියාත්මක වී නම් අද අප මේ කියවන ඉතිහාසය මීට හාත්පසින් වෙනස් වනු ඇත.
ෆොන්සේකාට දුන් ලනුව
2010 ජනාධිපතිවරණය එලබෙත්ම පැන්ශන් යාමට ඔන්න මෙන්න සිටි ෆොන්සේකා සොයා ගිය ජවිපෙ ලනුවක් ගිල්ලවීය . දේශපාලනය පිලිබද මෙලෝ හසරක් නොදත් ආමි කාරයෙකු මහින්ද සමග සටනට ගෙන ආවේය.මහින්ද පැරදවීමට කොන්දේසි විරහිතවම ජවිපෙ රනිල් සමග එකට සිට ගත්තේය. ෆොන්සේකා පසු පසද ක්‍රියාත්මක වූයේ ද රෝ ඔත්තු සේවයයි. සිය සේනාධිනායකයාට කොකා පෙන්නු ෆොන්සේකා පිලිබදව ඉන්දියන්කාරයා පසු වූයේද දෙගිඩියාවෙනි . මැතිවරන සමයේ කල කී සියලු දෑ පටිගත කල අතර , ෆොන්සේකා සමග කරන ගනුදෙනු සියල්ල ලිඛිත ගිවිසුම් හරහා පමනක් කරන ලෙස ද්‍රවිඩ ජාතික සංධානයට දැනුම් දී තිබුනි. 2010 මැතිවරණයෙන් ෆොන්සේකාට වැලේ වැල් නැති විය.ෆොන්සේකා හා නිදි වැදුනු ජවිපෙ මාරු වූයේ පැදුරත් නොකියාය.
අයියෝ සිරිසේන
මහින්දගේ චීන මිත්‍රත්වය
දිනෙන් දින වර්ධනය විය. එය ඉන්දියාවෙ ඇසට කටු අනින්නාක් විය.ජගත් ප්‍රජාව ඉදිරියේ මහින්දෙගේ වූ සෘජු බව සුද්දන්දටද හිසරදයක් විය.ඇමෙරිකානු සහ එංගලන්ත සුද්දන්ට මහින්ද පෙනුනේ තමන්ගේ ගෙයි එලිපත්තට පැමින අභියෝග කරන චන්ඩියකු ලෙසිනි. මේ අතර ඉන්දියාව මහින්දගේ ගෙල සිදීමට අලුගෝසුවන් සොයමින් පසුවිය.චන්ද්‍රිකා මේ සදහා ඉදිරිපත් වනුයේ ස්වේඡාවෙනි.දේශපාලකයන් දමනයට , මාධ්‍ය කරුවන් මිලදී ගැනීමට , සමාජ ජාලා හැසිරවීමට අවශය මුදල් චන්ද්‍රිකා අතට ලැබින. ආරක්ෂක අංශ වල සංඛ්‍යාතයට හසු නොවන සැටලයිට් දුරකථන 20 ක්ද ඒ අතර විය. ජවිපෙ ටේස්ට් එක දන්නා චන්ද්‍රිකා ඔවුන්ගේ මුදල් ලංසුව සහ සැටලයිට් දුරකතන 2ක් ආරම්භයේදීම ලබා දුනි.මහින්දට එරෙහිව සිරිසේන රැගෙන එන මෙහෙයුමට ජවිපෙ දේශපාලන මන්ඩලයේ අනුමැතිය ලැබුනු පසු ඔවුන් වෙත කරන දෙවන ගෙවීම සිදු විය.තුන්වැනි ගෙවිම සිදුවනුයේ මැතිවරන විය හියදම් වෙනුවෙනි.
දිනෙන් දින වර්ධනය විය. එය ඉන්දියාවෙ ඇසට කටු අනින්නාක් විය.ජගත් ප්‍රජාව ඉදිරියේ මහින්දෙගේ වූ සෘජු බව සුද්දන්දටද හිසරදයක් විය.ඇමෙරිකානු සහ එංගලන්ත සුද්දන්ට මහින්ද පෙනුනේ තමන්ගේ ගෙයි එලිපත්තට පැමින අභියෝග කරන චන්ඩියකු ලෙසිනි. මේ අතර ඉන්දියාව මහින්දගේ ගෙල සිදීමට අලුගෝසුවන් සොයමින් පසුවිය.චන්ද්‍රිකා මේ සදහා ඉදිරිපත් වනුයේ ස්වේඡාවෙනි.දේශපාලකයන් දමනයට , මාධ්‍ය කරුවන් මිලදී ගැනීමට , සමාජ ජාලා හැසිරවීමට අවශය මුදල් චන්ද්‍රිකා අතට ලැබින. ආරක්ෂක අංශ වල සංඛ්‍යාතයට හසු නොවන සැටලයිට් දුරකථන 20 ක්ද ඒ අතර විය. ජවිපෙ ටේස්ට් එක දන්නා චන්ද්‍රිකා ඔවුන්ගේ මුදල් ලංසුව සහ සැටලයිට් දුරකතන 2ක් ආරම්භයේදීම ලබා දුනි.මහින්දට එරෙහිව සිරිසේන රැගෙන එන මෙහෙයුමට ජවිපෙ දේශපාලන මන්ඩලයේ අනුමැතිය ලැබුනු පසු ඔවුන් වෙත කරන දෙවන ගෙවීම සිදු විය.තුන්වැනි ගෙවිම සිදුවනුයේ මැතිවරන විය හියදම් වෙනුවෙනි.
තක්කඩි දේශපාලනය
2015 මැතිවරණයේදී මහිදගේ කඩේ වසා දමමු යයි කියු ජවිපෙ මාස තුනක් ගතවීමටත් මත්තෙන් කියන්නෙ කියන්නේ සිරිසේනගේ කඩයද වසා දැමිය යුතු බවය. ජවිපෙ කරනුයේ අරූට මූට බැන අඩගසමින් රට අරාජික කරන දේශපාලන කුමන්ත්රණයකි
.රටට කෙල වුනත් මොකදැයි සිතා පටු අරමුණින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. එපමනක් නොව තමන්ගේ කුට්ටිය ලැබෙනම් ඕනෑම කොන්ත්රාතුවක් ඉටුකිරීමට බසුබට නොවන පිරිසකි.ඩීල් දේශපාලනය නිසා අද ජවිපෙ ජාවාරම්කාරයින්ගෙ ,විදේශ ඒජන්තයින්ගේ, කුඩ්ඩන්ගේ,රාත්‍රී සමාජශාලා හිමියන්ගේ ඔඩොක්කුවට වැටී ඇත.
.රටට කෙල වුනත් මොකදැයි සිතා පටු අරමුණින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. එපමනක් නොව තමන්ගේ කුට්ටිය ලැබෙනම් ඕනෑම කොන්ත්රාතුවක් ඉටුකිරීමට බසුබට නොවන පිරිසකි.ඩීල් දේශපාලනය නිසා අද ජවිපෙ ජාවාරම්කාරයින්ගෙ ,විදේශ ඒජන්තයින්ගේ, කුඩ්ඩන්ගේ,රාත්‍රී සමාජශාලා හිමියන්ගේ ඔඩොක්කුවට වැටී ඇත.
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්
1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධිත පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණක් නොව, සියලූ දේශපාලන පක්ෂවලද වත්කම් හා බැරකම් ප්රකාශනයට අදාලව නීති රීති පනවා ඇත. මේ අනුව ඉන් වැළකී සිටීම,තොරතුරු සැගවීම හෝ බොරු තොරතුරු ලබාදිම හත් අවුරුද්දක සිරදඬුවමක් නියම කළ හැකි වරදකි. සුදු නෙලුමක් සේ පෙනී සිටින ජවිපෙ ඕනෑම අලුගුත්තේරු වැඩක් කොට මුදල් සෙවීමට නොපැකිලෙයි. මාෆියා පන්නයේ ඩීල් මගින් ජවිපෙ වෙත ලැබෙන සල්ලි කුට්ටි බොහොමයක් ලැබෙනුයේ පක්ෂ නායකයා අතටය. නො එසේනම්, මුදල් සම්ප්‍රේශනය කරනුයේ ඔහු ලබා දෙන ගිනුමකටය. එදා කාඩරයන්ගේ කැට සල්ලි රුපියලේ සිට මෙදා ජාවාරම් ඩොලර් කුට්ටි දක්වා ජවිපෙ නායකයන්ගේ කම් සැප නිවීමට අවභාවිත වෙයි.ගමේ ගොඩේ මරණාධාර සමිතික් වුවද සිය සාමාජිකයන්ගේ දැන ගැනීම පිනිස අය වැය වාර්තාවක් ඉදිරිපත් කරයි.ජවිපෙ වැනි ලේ පිපාසිත පක්ෂයකට මුදල් ලැබෙන මාර්ග දැනගැනීමට සාමාජිකයන්ට පමනක් නොව පොදු ජනතාවටද අයිතියක් ඇත.
ජනතාව ඇන්දවීම
ජව්පෙ නායකයන් තම තමන්ගේ මුල් නිවෙස් එදා වූ පරිදිම රක්ෂා කර තබා ගනියි.ඉද ගැනිමට එහි ඇත්තේ ලී පුටු කිහිපයක් පමනි.සැතපීමට ඇත්තේ කොහු මෙට්ටය. නා නා ප්‍රකාර මැෂින්, කොම්පියුටර් එහි නැත.මේ සියල්ල සමග එහි දිවි ගෙවනුයේ කොටු පැනීම වැරදුනු තැන කරේ එල්ලා ගත් අඹුවය.වැඩ අධික රතු සහෝදරයා මෙහි එන්නේ කලාතුරකිනි. විටෙක ඔහු පැමිනෙන්නේ සිය අල්පේච්ච නිවස පිලිබද මාධ්‍ය සංදර්ශනයක් තැබීමටය. ගේ දොර සහ ඇදවුනු අඹුව පෙන්වා ජනතාව රවටන සහෝදරයන් හොර අඹුවන් සමග වසනුයේ සුපිරි නිවාස වලය.අඹු දරුවන්ටද මේ සියල්ල රහසක් නොවුවද නොදන්නා සේ සිටින්නේ ඔවුන්ටද යහමින් හම්බකර ගොඩ ගසා ඇති නිසාය.
ගස් යන වැරදි.
ජවිපෙ නායකයින් කියන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වැටුප් පක්ෂ අරමුදලට පරිත්‍යාග කොට නොමිලේ ජනතාවට සේවය කරන බවය. මොවුන්ගෙන් බහුතරය මීට පෙර සිකියුරිටි රක්ෂාවක් හෝ කර නැත. ඔවුන්ගේ පළමු රස්සාව ජනතාව අන්දවා ලබා ගත් මන්ත්රිකමය . වැටුප් නොලබන නමුත් මොවුන් සම්බන්ද විදේශ මුදල් ගනුදෙනු, සම්ප්‍රේෂණ වාර්තා ලියවී ඇත්තේ මිලියන ගනනිනි. අඹු දරුවන් නමින් තැනු රහස් බැංකු තැන්පතු, කොටස් ආයෝජන පිලිබද සාක්ෂි සහිතය. හොර අඹුවන් නමින් මිලදී ගත් සුපිරි නිවාස, රථ ගායට දුන්නා වූ වාහන,හාන්සි වීමට ගිය විදේශ සංචාර සැගවිය නොහැක. මංත්‍රී වැටුපත් දන්දෙනවා කියන ජවිපෙ මහ උන්ට මේ කෙලි කිරීමට මුදල් ලැබුනේ කෙසේද. වත්කම් බැරකම් නීතිය අනුව මේවා ගස් යන වැරදිය.
මාෆියා ගේම්
මෑතදී ඇන්කර් සමාගමේ කිරි විෂ සහිත බවත් ඒවා වර්ජනය කල යුතු බවට දේශපාලකයන්ගේ ගෝරනාඩුවක් විය. මෙහි ප්‍රධාන කසකරුවකු වූයේ ජවිපෙය. ඇන්කර් මව් ආයතනය වන ෆොන්ටෙරාහි එවනක් වාර්තා වූයේ අවුරුදු ගනනාවකට පෙරය. එය වාර්තා වූ සැනින් ෆොන්ටෙරා ආයතනය අදාල ඛාන්ඩය නැවත කැදවා විනාෂ කර තිබුනි. කරුනු කෙසේ වුවද් කිරි වල විෂ අන්තර් ගතවීනම් ඒ පිලිබද හඩ නැගිය යුත්තේ වෛද්‍යවරු, රසායන විද්‍යාඥයන් වැනි දැනුම් තේරුම් ඇති අයය. නමුත් මෙහි සැබවින්ම සිදුවූයේ අත යට ගනුදෙනුවකි. ජවිපෙ සිදුකලේ ලකී යෝගට් සමාගමින් සහ තවත් ආයොජකයෙකු ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.
මහරාජාගේ පක්ක්කාලි සේවය
ජවිපෙ යනු සිරසේ මහරාජාට ඕනෑම පක්කාලි වැඩක් කිරීමට සැදී පැහැදී සිටින පිරිසකි. චීන රජය සහ ශ්‍රි ලංකා රජය අතර අත්සන් තැබු ගිවිසුම අනුව ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය දිගටම සිදු කරන සිරිසේනගේ ආණ්ඩුව ප්‍රකාශ කළ විට ජවිපෙ නායකයා පාර්ලීමෙන්තුවෙදී සහ ඉන් පිටත විරොධය පල කෙරීය.මෙම විරෝධය පසුපස වූයේ මහරාජාගෙන් ලද කොන්ත්‍රාත්තුවකි.මහරාජාට අවශ්‍ය වූයේ තම මාධය ජාලය හා ජෙප්පන් වැනි කුලියට කහින බත් බැලයන් යොදවා චීන සමාගම භය කොට ගාන කපා ගැනීමය.තම තමන්ගේ ජරාව ලැබුනු පසු විරෝධය අත්හැරියා පමනක් නොව” රටම රොද බදින රන් භූමි” වැඩසටහන හරහා චීන සමාගමට සුදුහුනු ද ගෑවේය.

