ජවිපෙ සමගින් හීන ලෝකයක රස බැලීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ජවිපෙ සමගින් හීන ලෝකයක රස බැලීම

    “ජනතා හඬ දිනවමු” යැයි ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සත් වන පක්ෂ සංවත්සරයෙන් පසු පැවැත් වූ පළමු මහජන රැළිය පසුගිය සෙනසුරාදා මහරගම දී පැවැත් වීය. අනුර කුමාර දිසානායක නව නායක ලෙස පත් කෙරුණු පසු ජ.වි.පෙ. පැවැත්වූ පළමු මහජන රැළියද එයයි. ඔවුන්ගේ වබේ පුවත් අඩවියට අනුව එයට විශාල සෙනගක් රැස්ව ඇත.

    මේ සෙනග වෙනුවෙන් ජ.වි.පෙ. ඉදිරිපත් කරන දේශපාලනය කුමක්ද? රාජපක්ෂ ආණ්ඩුව වේදිකා මත විවේචනය කිරීමේ හැකියාව හැරුණු විට, මේ රටේ සියලු ප්‍රශ්න විසඳීමේ ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ‍පොතකට නැගීමේ හැකියාව ද ඔවුන්ට ඇත. ඒ වැඩපිළිවෙළ විස්තර කර ඇත්තේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ මස ජ.වි.පෙ. නිකුත් කළ “අපේ දැක්ම” නම් ප්‍රතිපත්ති මාලාව අඩංගු පිටු 38ක ‍පොත් පිංචෙහිය.
    එහි ඉතා ආකර්ෂණීය කොටස් වෙන් කිරීමක් කර ඇත. “නිවහල් මිනිසෙක්, ජනතාවාදී පාලනයක්. සාධාරණ සමාජයක්, උසස් මානව සම්පතක්. නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යැයි ඒවා නම් කර ඇත. ඒ සියල්ලට පදනම ලෙස ජ.වි.පෙ. යෝජනා කරන්නේ “නවීන සමාජවාදය” නම් නිර්වචනය නොකරනු ලබන, අතිශය අපැහැදිලි සමාජ-ආර්ථික හා දේශපාලන ක්‍රමයක් පිළිබඳ සංකල්පීය අදහසකි. එය ඔවුන්ගේ වචන වලින් කිවහොත් “අප රට අනාගතයට ගෙන යා හැකි, මිනිසකු විසින් මිනිසකු සූරා නොකන, ජාතියක් විසින් තවත් ජාතියක් පීඩාවට පත් නොකරන, ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිස් සමාජයක්,” එනම් නවීන සමාජවාදී සමාජයකි.
    ජ.වි.පෙ. යෝජනා කරන මේ නවීන සමාජවාදී සමාජයේ ඔවුන් දකින “උසස් මිනිසා” ජීවත් වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය හිමි ව්‍යාපාරිකයෙකු ලෙස ද නැති නම්, වැටුප් ලබන ශ්‍රමිකයෙකු ලෙස ද? මේ කියන නවීන සමාජවාදී සමාජයේ ආර්ථික ක්‍රියාවලියෙහි ඔවුන් ආඩම්බර වන උසස් මිනිසාගේ පැවැත්ම ඇත්තේ කෙසේදැයි නොකියවේ. නමුත් ප්‍රාග්ධන හිමියාත් වැටුප්ලාභියාත් දෙදෙනාම එකට ජීවත් වන සමාජයක, “මිනිසකු විසින් මිනිසකු සූරා නොකන” සමාජයක් තිබිය නොහැකි බව, මාක්ස්ගේ මූලික සිද්ධාන්තයකි. එනිසා එලෙසින් බෙදුණු සූරාකෑම් සහිත සමාජයක ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය හැක්කේ ප්‍රාග්ධනය හිමිකරුවකුට පමණය. බහුතර ශ්‍රමිකයාට එවැනි ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය නොහැක. ඔවුන්ගේ “නවීන සමාජවාදය” පැහැදිලි කිරීමේ එකම වාක්‍යයෙහි ඇති මේ මූලික පරස්පර විසින්ම, ඒ කියන නවීන සමාජවාදය ක්‍රියාත්මක කළ නොහැකි සමාජවාදයක් බව ඔප්පු කරන්නකි.
    එවැනි යෝධ, න්‍යායික පරස්පර සහිතව ඉදිරිපත් කරන සමාජය ගැන විස්තරයෙන් පසු, ප්‍රතිපත්ති මාලාවෙහි එක් එක් කොටස වෙනුවෙන් උප මාතෘකා ඇත. “01. රාජ්‍ය ව්‍යුහය 02. මූලික අයිතීන් 03. ජාතික ආරක්ෂාව 04. ජාතික සමගිය 05. විදේශ ප්‍රතිපත්තිය” එවැනි එක කොටසක උප මාතෘකා කිහිපයකි.
    ජ.වි.පෙ. ප්‍රතිපත්ති මාලාව ඔවුන් ඉදිරිපත් කරන්නේ තිස් අවුරුදු යුද්ධයක් හමුදාමය ක්‍රියාන්විතයකින් අවසන් කර, අවුරුදු 04 කුත් මාස 08ක් ගෙවුනු කලය. එනිසා එය යුද්ධයේ සියලු විපාක හා බිඳ වැටීම් සමගින් වේදනා විඳින සමාජයක ඉදිරි ගමන පිළිබඳව කතා කෙරෙන ප්‍රතිපත්ති මාලාවක් විය යුතුය. මේ ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට එවැනි රටක්. සමාජයක් මතක් වන්නේ නැත. මෙය ධනේශ්වර වර්ධනයේ විකෘතීන් සමග ගෝලීය වෙළෙඳ පළෙහි කොටු වී ඉන්නා රටක් ගැන කතාවකට සීමා කෙරුණකි. නායකයින්ගේ වංක කම් නිසා දූෂණය, වංචාව ඉහ වහා ගිය, ණය බරින් මිරිකෙන රටක කතාවකට සීමා කෙරුණකි. ඒ රටේ මිනිසුන් යුද්ධයක පැටලී සිටි බවක් කියැවෙන්නේ නැත. එනිසා අනාථයින් දහස් ගණනකගේ පුනරුත්ථාපනයක් ගැන කතාවක් නැත. යුද්ධයෙන් පසු ඇති විය යුතු ප්‍රතිසංස්කරණ, ප්‍රතිසන්ධාන ක්‍රියාකාරකම් ගැන කතා ඇත්තේ ද නැත. එහි ඇත්තේ දුප්පත් කමත් දූෂණය හා වංචාවත් ඒ සමග නීතිය ක්‍රියාත්මක කිරීමේ අවනඩු හා එවැනිම අධිකරණයකුත් ගැන ‍පොදු කතාවක් පමණි. ඒ අතර එහි ජන වර්ග කිහිපයක් වාසය කරන බව සරලව කියැවේ. එනිසා ඔවුන්ට ඇත්තේ නිදහසේ ජීවත්වන්නට හැකිඅයුරු අධ්‍යාපනය, සංස්කෘතික සාධක දියුණු කර ගැනීමේ ප්‍රශ්නයක් යැයි අදහස් කෙරේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අප ජීවත් වන රට මෙතරම් සරල ද? අප ජීවත් වන රටේ ඇත්ත සංකීර්ණ ප්‍රශ්නය, නිදහස ලැබූ අවුරුදු 66 පුරාම පැසව පැසවා ඔඩු දිවූ දෙමළ ජනතාවගේ දේශපාලන අපේක්ෂාවන් හා ගැටුනු අර්බුදය ය. ඒ සඳහා විසඳුම් අවශ්‍ය නොවන්නේ ද? ජ.වි.පෙ.ට ඒ සඳහා වන විසඳුම් කතා කළ නොහැක. ඊට හේතු ඇත. එය ද ඔවුන්ගේ දේශපාලනයේ මූලික ප්‍රතිවිරෝධයකි. මතෛක් ඉතිහාසයේ ජ.වි.පෙ. ඉදිරිපත් කළ දේශපාලන විග්‍රහයටය අනුව මෙවරද ඔවුන් නිදහසින් පසු අපේ සියලු ආණ්ඩු එක ගොන්නට ගෙන කියන්නේ. “ගෙවුනු වසර 66 ක කාලය තුළ රට සංවර්ධනය කරන බවට, ජනතාවගේ ප්‍රශ්න විසඳා “සුභ අනාගයක්” නිර්මාණය කරන බවට විවිධ ‍පොරොන්දු දී මාරුවෙන් මාරුවට බලයට පැමිණි ධනේශ්වර පාලක කණ්ඩායම් රටත් ජනතාවත් රැගෙන විත් තිබෙන්නේ විශාල අගාධයක් වෙතටය.” (වචනයක් - පිටු ම - මඪ) කියාය.
    ඒ කතාව ගැන මට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ජ.වි.පෙ. නායකත්වයට ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ මේ තිබෙන්නේ ජ.වි.පෙ. කියන එවැනි ආණ්ඩුවකි. මේ ආණ්ඩුව ආඩම්බරයෙන් කතා කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ යැයි කියන “මහින්ද චින්තනය” හැදුවේද ජ.වි.පෙ. හවුල් වීමෙනි. ඒ හැදූ “මහින්ද චින්තනය” සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන්නට, “විවිධ ‍පොරොන්දු දී මාරුවෙන් මාරුවට බලයට පැමිණි ධනේශ්වර පාලක කණ්ඩායම්” අතුරින් එකක් වන ශ්‍රී.ල.නි.ප. නායකත්වයෙන්, ජ.වි.පෙ. ඒ ආණ්ඩුවට හවුල් විය. එසේ හවුල් වන්නේ පළමු වරටත් නොවේ. ඒ වන විට ජ.වි.පෙ. චන්ද්‍රිකා ජනාධිපති යටතේ2000 වසරේ පරිවාස යැයි එවැනිම ආණ්ඩුවකට හවුල් විය. ඊළඟට 2004 අප්‍රේල් වලදී ඔවුන් නැවත චන්ද්‍රිකාගේ ජනාධිපතිකම යටතේ එවැනිම ඊළඟ ආණ්ඩුව හැදුවේය. එහි ඇමතිකම් ද දැරුවේය. එවැනි ආණ්ඩු වලට තමන් හවුල් වීම ගැන කිසිදු සඳහනක්, වරද පිළිගැනීමක් නැතිව කරන පාරිශුද්ධ දේශපාලන ප්‍රකාශවල අවංකත්වයක් නැත. ඇත්තේ හොරෙන් කුඩු විකුණා ප්‍රසිද්ධියේ සිල් ගැනීම වැනි අවස්ථාවාදී පෙනුමක් පමණි.
    එය බරපතළ දේශපාලන ප්‍රතිවිරෝධයක් වන්නේ. ජ.වි.පෙ.2005 දී ජනාධිපති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කරවා, ඔහුට මහින්ද චින්තනයක්ද ලියා දී ඔහුගේ ආණ්ඩුවට හවුල් වී, කොන්දේසි විරහිතව යුද්ධය වෙනුවෙන් දේශපාලන තර්ක, න්‍යාය ඉදිරිපත් කිරීම ගැන අද කිසිදු පැහැදිලි කිරීමක් නොකිරීමෙහිය. එදා අතුරුදන්වීම්, පැහැර ගැනීම්, ඝාතන කිසිවක් ජ.වි.පෙ.ට මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න නොවුණි. ඔවුන්ට ඒවා, යුද්ධයක අනිවාර්ය ලක්ෂණ විය. එදා මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව දියත් කළ මර්දනය, යුද්ධය වෙනුවෙන් කළ යුතු වූවකැයි ඔවුන්ගේ එදා දේශපාලනය විය. අද මාධ්‍ය නිදහස ගැන කතා කරන විට, එදා තමන්ගේ කල්කිරියාව හරිද? වැරදිද යැයි කෙටියෙන් කිව යුතුව ඇත.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    යුද්ධයෙන් පසු අප ඉන්නේ ඒ සියලු බරපතළ ව්‍යසන සමග ගොඩ ගැසුනු අර්බුද ගහන කන්දක් උඩ ය. එනිසා “සියලු ජන කොටස් වලට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානතා පදනම මත අයිතීන් තහවුරු කිරීම අරමුණු කොට සම්පාදනය කරන ලද “ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශය” මගින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.” (04. ජාතික සමගිය - පිට 06) යැයි පැරණි කතාවම යළි කීවාට, උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ගැටුම එසේ අවසන් කළ නොහැක. එයට දෙමළ ජනතාවගේ හවුලක් අනිවාර්ය වන්නකි. ජාතික සමගිය වෙනුවෙන් මේ කියන ජ.වි.පෙ. සතු වැඩපිළිවෙළට, උතුරු නැගෙනහිර ජනතාවගේ සම්බන්ධය කුමක්ද? ජ.වි.පෙ. කියන ඔවුන්ගේ එම ජාතික ගැටලුව විසඳීමේ වැඩපිළිවෙලට, මේ වන විට දෙමළ ජනතාවගේ තනි දේශපාලන නියෝජනයක් ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගැනීමට සමත් වූ දෙමළ ජාතික සන්ධානය හා ඇත්තේ කවර ගනුදෙනුවක්ද? දෙමළ දේශපාලනය හා එවැනි කිසිදු ගනුදෙනුවක් නැති තමන්ගේ පක්ෂයේ න්‍යායික අර්ථකතනයක් ඊට සම්බන්ධයක් නැති දෙමළ ජනතාව පිළිගත යුත්තේ ඇයි.?
    එයම ජ.වි.පෙ. කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය කෙළසීමකි. ඔවුන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය, සමානතා පදනම, දූෂණය කිරීමකි. සියලු ජන කොටස් වලට ප්‍රජාතන්ත්‍රවාදයක් සමානතා පදනමක් මත විසඳුම් ඉදිරිපත් කිරීමට නම්, අද, මේ මොහොතේ බාර ගත යුතු වගකීමක් ඇත. උතුරු පළාත් සභා මහ ඇමති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු විග්නේෂ්වරන් මහතා පසුගිය පෙබරවාරි 13 වන දින විශ්ව විද්‍යාල සනාථන සභාවෙහි ආරාධනාව මත ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති ජාතික සමුළුව අමතා එහි ආරාධිත දේශක ලෙස කියූ මේ කාරණාව, ඒ වෙනුවෙන් වහා අවධානයට ගත යුතුව ඇත” මෙහි තේරුම නම්, සන්නද්ධ හමුදා අවම කරමින්, අතුරු සන්නද්ධ කණ්ඩායම් විසුරුවා හරිමින් සිවිල් ආයතන වලින් හමුදාව ඉවත් කරමින් සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික ජීවිතයෙන් හමුදාව ඉවත් කරමින් සමස්තයක් ලෙස සමාජය වහා නිර්හමුදාකරණය කිරීම ආරම්භ කළ යුතු බවය.” (පශ්චාත් යුද සමාජ ආර්ථික සංවර්ධනය සහ ශ්‍රී ලාංකීය පිටමං සමාජය සමග වන සාධනීය ගනුදෙනුව සම්බන්ධ ජාතික සමුළුව) ඊළඟට ඔහු අසන මේ ප්‍රශ්න සඳහා පැහැදිලි උත්තර තිබිය යුතුය.” උතුරු පළාත් වැසියන් සහභාගි නොකර, පශ්චාත් යුද අවශ්‍යතා පිළිබඳව ඇගයුමක් නොකර, හමුදාකරණය හේතුවෙන් පශ්චාත් යුද සන්දර්භයෙහි මතුව ඇති බිම් මට්ටමේ යථාර්ථය නොසලකා, සකස් කෙරුණු සංවර්ධන සැලැස්මක් කඩිනම් සංවර්ධනයට නොව, සාමාන්‍ය සංවර්ධනයකට හෝ හේතු විය හැක්කේ කෙසේද?”
    විග්නේෂ්වරන් මතු කරන්නේ මේ ආණ්ඩුවේ කොළඹ කේන්ද්‍රීය සැලසුම් උතුරු නැගෙනහිර ජනතාවට අදාළ නොවීම පිළිබඳ කතාවය. එය ඒ ආකාරයෙන්ම ජ.වි.පෙ. බත්තරමුල්‍ලේ සිට ලියූ “ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශය” ලියැවිල්ලට ද අදාළය. අද දෙමළ ජනතාව මුල් වූ ජාතික ගැටලුව විසඳිය හැක්කේ දෙමළ ජනතාව හවුල් කර ගැනීමෙන් පමණි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයේදීත් පසුව උතුරු පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයේදීත් දෙමළ ජනතාව එක රොත්තට ඡන්දය දෙමින් දෙමළ ජාතික සන්ධානයට ලබාදුන් දේශපාලන අවසරය එය ය. ප්‍රජාතන්ත්‍රවාදය හා සමානතා පදනම ඇත්ත ලෙස බලාත්මක කළ හැක්කේ දෙමළ ජාතික සන්ධානය අද දෙමළ ජනතාවගේ දේශපාලන නියෝජනය ලෙස පිළිගන්නා හවුලකින් මිස වාක්‍ය කණ්ඩ මගින් නොවේ.
    ජ.වි.පෙ. ඉදිරිපත් කරන්නා වූ ඔවුන්ගෙ දැක්ම, මේ රටේ ප්‍රධාන හා මූලික කාරණා දෙක වන ආර්ථීකය හා ජාතික ගැටලුව සම්බන්ධයෙන් මේ මහ ‍පොළොවේ ඇති දේශපාලන යථාර්ථයට අදාළව ඉදිරිපත් කරන්නක් නොවන බැව් එබැවින් පැහැදිලිය. ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික ව්‍යුහයේ පදනම ගෝලීය ආර්ථික ක්‍රියාවලිය හා බැඳෙන වෙළඳ පළ ආර්ථීකයක් නොවන්නේ නම්, එය කුමක්ද? එය අන්ත දූෂිත, නිලධර තන්ත්‍රයක් ලෙස කොමියුනිස්ට් පක්ෂය නමින්, ප්‍රජාතන්ත්‍රවාදයක් නොදන්නා මහජන චීනයේ ක්‍රියාත්මක කරන මහා පරිමාණ විදේශ ආයෝජන මත දුවන වෙළඳපළ ආර්ථිකයක්ද? නැතිනම් දුප්පත්කම වෙනුවෙන් හරියාකාර උත්තර නැති, අමාරුවෙන් ලෝක වෙළඳ පළ හා ගැට ගැසී ඉන්නා අතර සංවෘත වෙළෙඳ පළක් පවත්වා ගන්නා නිලධර තන්ත්‍රයකින් පාලනය කරන, සමාජවාදී කියුබාවක්ද? එසේත් නැතිනම්, කිම් ඉල් සුංගේ “ජුවේ” සමාජවාදය අනුව පුතාගෙන් මුණුබුරාට බාර දෙන හමුදාව යටතේ ඇති උතුරු කොරියාවක්ද? ජ.වි.පෙ. කතා කරන “නවීන සමාජවාදය” ගැන අවුල, ඒ කිසිවක් ගැන කිසිත් නොකීමය.
    ඔවුන්ගේ සමානතා පදනම මත විසඳන ජාතික ගැටලුව ගැන කතාව ද එවැනිම නිලධරවාදී කතාවකි. “ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශය” ලෙස ජ.වි.පෙ. ඉදිරිපත් කරන සැලසුම ක්‍රියාවට දැමීමට ජ.වි.පෙ. කවදා හෝ බලයට පැමිණ, නවීන සමාජවාදී සමාජයක් පිහිටු වන තෙක් දෙමළ ජනතාව මේ තුවාල සියල්ල සමගින් සිටිය යුතුය. එනමුත් එය දෙමළ ජනතාවට හවුලක් ඇති විසඳුමක් නොවේ. ජ.වි.පෙ. කතා කරන නවීන සමාජවාදී සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය මේ අප දන්නා ප්‍රජාතන්තවාදයටත් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් නම් ඔවුන්ගේ විසඳුම ප්‍රතික්‍ෂේප කිරීමට දෙමළ ජනතාවට අයිතියක් තිබිය යුතුය. එවැනි විටෙක ජාතික ගැටලුවට විසඳුම් සොයන්නේ නැවත හමුදා බලයෙන් දැයි මම අසමි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මනඃකල්පිත ලෝක වල ජීවත් වීමේ අවුල එයයි. අද ජ.වි.පෙ.ට පමණක් නොව, රටටම ඇති අවුලත් එයමය. විකල්ප සොයා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා විවෘත මෙන්ම බුද්ධිමය සංවාදයකට ජ.වි.පෙ. එකඟ විය යුතුය. එවැනි සංවාදයකට යෝජනාව එන්නේ උතුරෙන් වීමත්, වැදගත්ය. ටාජ් සමුද්‍රා හෝටලයේ විග්නේෂ්වරන් පසුගිය දින කළ කතාව ඔහු අවසන් කෙරුවේ සංවාදයක් සඳහා යෝජනා කිහිපයක් සමගින්ය. ඉන් වැදගත්ම යෝජනාව වන්නේ, “වාර්ගික බෙදීම් පරයා, ජාතික වැදගත්කමක ඇති ගැටලු වෙනුවෙන් විසඳුම් සෙවීම සඳහා දියුණු මහජන කතිකාවක් ඇති කිරීමට, නායකයින් ලෙස කටයුතු කරන්න.” යැයි කෙරුණු ඉල්ලීමය. “අපේ දැක්ම” හදා ගැනීමේ කතාව ආරම්භ විය යුත්තේ එතැනින්ය.



    කුසල් පෙරේ
    lakbima
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොටින්ට පුk දීපු කුසල් පෙරේරාගේ ජවිපේ දැක්ම.:rofl:අපි නොදන්න කුසල් පෙරේරා :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දිග වැඩී බන් කෙටියෙන් කියපන් මොකද්ද සීන් එක කියල

    මේකේ ප්‍රශ්න කරලා තියෙන්නේ

    (1) JVP එක පිළිගන්න ආර්ථික ක්‍රමය

    (2) ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම