ජවිපෙ සමගින් හීන ලෝකයක රස බැලීම
“ජනතා හඬ දිනවමු” යැයි ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සත් වන පක්ෂ සංවත්සරයෙන් පසු පැවැත් වූ පළමු මහජන රැළිය පසුගිය සෙනසුරාදා මහරගම දී පැවැත් වීය. අනුර කුමාර දිසානායක නව නායක ලෙස පත් කෙරුණු පසු ජ.වි.පෙ. පැවැත්වූ පළමු මහජන රැළියද එයයි. ඔවුන්ගේ වබේ පුවත් අඩවියට අනුව එයට විශාල සෙනගක් රැස්ව ඇත.
මේ සෙනග වෙනුවෙන් ජ.වි.පෙ. ඉදිරිපත් කරන දේශපාලනය කුමක්ද? රාජපක්ෂ ආණ්ඩුව වේදිකා මත විවේචනය කිරීමේ හැකියාව හැරුණු විට, මේ රටේ සියලු ප්‍රශ්න විසඳීමේ ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පොතකට නැගීමේ හැකියාව ද ඔවුන්ට ඇත. ඒ වැඩපිළිවෙළ විස්තර කර ඇත්තේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ මස ජ.වි.පෙ. නිකුත් කළ “අපේ දැක්ම” නම් ප්‍රතිපත්ති මාලාව අඩංගු පිටු 38ක පොත් පිංචෙහිය.
එහි ඉතා ආකර්ෂණීය කොටස් වෙන් කිරීමක් කර ඇත. “නිවහල් මිනිසෙක්, ජනතාවාදී පාලනයක්. සාධාරණ සමාජයක්, උසස් මානව සම්පතක්. නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යැයි ඒවා නම් කර ඇත. ඒ සියල්ලට පදනම ලෙස ජ.වි.පෙ. යෝජනා කරන්නේ “නවීන සමාජවාදය” නම් නිර්වචනය නොකරනු ලබන, අතිශය අපැහැදිලි සමාජ-ආර්ථික හා දේශපාලන ක්‍රමයක් පිළිබඳ සංකල්පීය අදහසකි. එය ඔවුන්ගේ වචන වලින් කිවහොත් “අප රට අනාගතයට ගෙන යා හැකි, මිනිසකු විසින් මිනිසකු සූරා නොකන, ජාතියක් විසින් තවත් ජාතියක් පීඩාවට පත් නොකරන, ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිස් සමාජයක්,” එනම් නවීන සමාජවාදී සමාජයකි.
ජ.වි.පෙ. යෝජනා කරන මේ නවීන සමාජවාදී සමාජයේ ඔවුන් දකින “උසස් මිනිසා” ජීවත් වන්නේ පෞද්ගලික ප්රාග්ධනය හිමි ව්‍යාපාරිකයෙකු ලෙස ද නැති නම්, වැටුප් ලබන ශ්‍රමිකයෙකු ලෙස ද? මේ කියන නවීන සමාජවාදී සමාජයේ ආර්ථික ක්රියාවලියෙහි ඔවුන් ආඩම්බර වන උසස් මිනිසාගේ පැවැත්ම ඇත්තේ කෙසේදැයි නොකියවේ. නමුත් ප්‍රාග්ධන හිමියාත් වැටුප්ලාභියාත් දෙදෙනාම එකට ජීවත් වන සමාජයක, “මිනිසකු විසින් මිනිසකු සූරා නොකන” සමාජයක් තිබිය නොහැකි බව, මාක්ස්ගේ මූලික සිද්ධාන්තයකි. එනිසා එලෙසින් බෙදුණු සූරාකෑම් සහිත සමාජයක ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය හැක්කේ ප්රාග්ධනය හිමිකරුවකුට පමණය. බහුතර ශ්‍රමිකයාට එවැනි ආර්ථික සමෘද්ධියෙන් යුත් උසස් මිනිසකු විය නොහැක. ඔවුන්ගේ “නවීන සමාජවාදය” පැහැදිලි කිරීමේ එකම වාක්‍යයෙහි ඇති මේ මූලික පරස්පර විසින්ම, ඒ කියන නවීන සමාජවාදය ක්‍රියාත්මක කළ නොහැකි සමාජවාදයක් බව ඔප්පු කරන්නකි.
එවැනි යෝධ, න්‍යායික පරස්පර සහිතව ඉදිරිපත් කරන සමාජය ගැන විස්තරයෙන් පසු, ප්‍රතිපත්ති මාලාවෙහි එක් එක් කොටස වෙනුවෙන් උප මාතෘකා ඇත. “01. රාජ්‍ය ව්‍යුහය 02. මූලික අයිතීන් 03. ජාතික ආරක්ෂාව 04. ජාතික සමගිය 05. විදේශ ප්‍රතිපත්තිය” එවැනි එක කොටසක උප මාතෘකා කිහිපයකි.
ජ.වි.පෙ. ප්‍රතිපත්ති මාලාව ඔවුන් ඉදිරිපත් කරන්නේ තිස් අවුරුදු යුද්ධයක් හමුදාමය ක්‍රියාන්විතයකින් අවසන් කර, අවුරුදු 04 කුත් මාස 08ක් ගෙවුනු කලය. එනිසා එය යුද්ධයේ සියලු විපාක හා බිඳ වැටීම් සමගින් වේදනා විඳින සමාජයක ඉදිරි ගමන පිළිබඳව කතා කෙරෙන ප්‍රතිපත්ති මාලාවක් විය යුතුය. මේ ප්‍රතිපත්ති මාලාව කියවන්නෙකුට එවැනි රටක්. සමාජයක් මතක් වන්නේ නැත. මෙය ධනේශ්වර වර්ධනයේ විකෘතීන් සමග ගෝලීය වෙළෙඳ පළෙහි කොටු වී ඉන්නා රටක් ගැන කතාවකට සීමා කෙරුණකි. නායකයින්ගේ වංක කම් නිසා දූෂණය, වංචාව ඉහ වහා ගිය, ණය බරින් මිරිකෙන රටක කතාවකට සීමා කෙරුණකි. ඒ රටේ මිනිසුන් යුද්ධයක පැටලී සිටි බවක් කියැවෙන්නේ නැත. එනිසා අනාථයින් දහස් ගණනකගේ පුනරුත්ථාපනයක් ගැන කතාවක් නැත. යුද්ධයෙන් පසු ඇති විය යුතු ප්‍රතිසංස්කරණ, ප්රතිසන්ධාන ක්‍රියාකාරකම් ගැන කතා ඇත්තේ ද නැත. එහි ඇත්තේ දුප්පත් කමත් දූෂණය හා වංචාවත් ඒ සමග නීතිය ක්‍රියාත්මක කිරීමේ අවනඩු හා එවැනිම අධිකරණයකුත් ගැන පොදු කතාවක් පමණි. ඒ අතර එහි ජන වර්ග කිහිපයක් වාසය කරන බව සරලව කියැවේ. එනිසා ඔවුන්ට ඇත්තේ නිදහසේ ජීවත්වන්නට හැකිඅයුරු අධ්‍යාපනය, සංස්කෘතික සාධක දියුණු කර ගැනීමේ ප්‍රශ්නයක් යැයි අදහස් කෙරේ

අපි නොදන්න කුසල් පෙරේරා 