ජවිපෙ සහ භීෂණය
මිනිසෙක් ඉතා හොඳින්, පිරිසිදුව ඇඳ පැළඳ, ගමනක් යන්නට පිටත් වෙයි.මොහුට ගමනාන්තය පිළිබඳව දැඩි විශ්වාසයක්ද ඇති අතර, අරමුණ සියල්ලම වෙනුවෙන් සද්භාවයෙන් ඇතිකරගත් පරාර්ථකාමී එකක් වේ.මොහුගේ ගමන ගැන ඊර්ශියාවක්,ද්වේශයක් ඇතිකරගත් මිනිසෙක් මොහුව ලිඳකට ඇද දමනු ලැබේ.කුමක් සිදුවූවාදැයි ඔබ සිතනවාද ?
මොහු ලිඳට වැටෙනාවිටම ලිඳේ ජලය කැලතෙනු ඇත.ජලයේ ගිලෙන ඔහු අත්පා ගසනු ඇත.එයින් ළිඳේ ජලය බොරවන්නට පටන්ගනු ඇත.ලිඳේ වැටුණු මිනිහා ගොඩ ආ යුත්තේ ළිං කටින්මය.ඔහු ලිඳේ බිත්ති අල්ලාගනිමින් ලිඳෙන් ගොඩවන්නට උත්සාහ දරණු ඇත.එහිදී ලිඳේ බිත්තිවල තිබෙන පෙඳ පාසි ගැලවී යනු ඇත.ලිඳේ වැවී ඇති මීවන ආදී පැලවල ඔහු එල්ලෙනු ඇති අතර ඒවාද ගලවාගෙන ඔහු නැවත ලිඳටම වැටෙනු ඇත.එහිදී ලිඳේ වාසයකරන ගෙම්බන්, කුඩා මසුන් පවා මියයනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණට අතීතයේදී මුහුණ දෙන්නට සිදුවූ අභියෝගද මේ කතාවට අනුව විග්‍රහ කළ හැක.එදා යහපත් ගමන පිටත් වූ මිනිසා ජනතා විමුක්ති පෙරමුණය.පවතින ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණ ලිඳට ඇද දැමුවේය.රාජ්‍ය මර්ධන හස්තය විසින් ජනතා විමුක්ති පෙරමුණ සංහාරය කරන්නට පටන් ගත්තේය.එහිදී ආරක්ෂක අංශවල සාමජිකයන්ගේ පවුල්වල අය රජය විසින් ඝාතයනය කරන්නට යෙදුනු අතර ආරක්ෂක අංශත් ,ජවිපෙ සාමාජිකයන් අතර ෛවරය අවුළුවන ලදී.ඉන්පසුව ඇතිවුයේ අවිචාර සමයකි.යමෙක් එම තත්වය ගැන විග්‍රහ හෝ අර්ථදැක්වීම් කලයුත්තේ එම අවිචාර සමයට අනුකුලවය.නමුත් අද සමහරුන් කතාකරනුයේ ලිඳට වැටීමෙන් පසු ඇතිවූ තත්වය පිළිබඳව පමණකි.ජේවීපී එකෙන් බස්ගිනිතියපු හැටි ගැන කතා කරති.ජේවීපී එකට මිනීමරු සංවිධානයක් යයි චෝදනා කරති.එදා රජය, කහබලල්ලු,ප්‍රා සංවිධාන ඇතුළු සියල්ලම කල මිනි මැරුම් ජවිපෙ ගිණුමට බැර කරන්නට උත්සාහ කරති.එදා ඒ විනාස වූ පොදු දෙපළ වලට වඩා සිය දහස් ගුණයෙන් අද පවතින ආණ්ඩු රටේ සම්පත් විනාශ කරන හැටි ඇහැක්වත් අර බලන්නේ නැත.එදා විප්ලවයකදී මියගිය මිනිසුන් ගැන කතාකරනා අතර වනතේ සුනිල් වැනි නිරායුධ මිනිසුන් සුදු වැන් යවා නිහඬ කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව කෙළ බිඳක්වත් හෙලන්නේ නැත.
මදක් සිතා බලන්න.ඔබේ විචාර බුද්ධිය අවදි කලයුතු කාලයයි....
සංවාදයට විවෘතයි.........
(උපුටා ගැනීම FB)