ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
11752629_1581973268731513_9042994271001852541_n.jpg
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ගියපාර පලවෙනි ඡන්දේ :) මේ පාර දෙවැනි ඡන්දේ :) ලබන පාර තමයි තුන් වෙනි එක :yes:
:):):) එක තමයි කෙස් එක.. හොඳට හිතලා තව පාරක් හිතලා ජන්දේ පාවිච්චි කරපන්.. :)
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :):):) එක තමයි කෙස් එක.. හොඳට හිතලා තව පාරක් හිතලා ජන්දේ පාවිච්චි කරපන්.. :)

    හ්ම්ම්ම් .. පලවෙනි ඡන්දේ දෙන්න කලින් අවුරුදු 18ක් අනික් උන් ඡන්දේ දෙන දිහා බලන් හිටිය. ඔය කාලේ හොඳට හිතල තමයි දැන් දෙන්නේ .. කෝකටත් උබ කියන හින්ද තව ටිකක් හොඳට හිතල ජවිපෙටම ඡන්දේ දාන්න තමයි හිතන් ඉන්නේ :) :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හ්ම්ම්ම් .. පලවෙනි ඡන්දේ දෙන්න කලින් අවුරුදු 18ක් අනික් උන් ඡන්දේ දෙන දිහා බලන් හිටිය. ඔය කාලේ හොඳට හිතල තමයි දැන් දෙන්නේ .. කෝකටත් උබ කියන හින්ද තව ටිකක් හොඳට හිතල ජවිපෙටම ඡන්දේ දාන්න තමයි හිතන් ඉන්නේ :) :yes:
    උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි :rofl: මම ජෙප්පෙක් නෙවෙයි .:no::)
    :oo::oo::oo::oo:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).

    විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.

    මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්‍රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.


    ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.

    කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.

    ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.




    sema peran kagahana aka nawaththanna mokada aththatama hithala baluwoth ratata monawada me awurudu ganan kare ... walata kohomath massa thamaii gahanna ona ath uba oya kiyana paksha ratata ne massa gahuwee .... lankawe jathika adayama awilla widesha naya ne ... gowiya gana hithuwada naaa ??? .... JVP hamadama kare prashneta harii uththare hoyapuu aka ....ath uba oya kiyana pakshe kare walata massa ggahapu aka neweiii lokuu lokuu awa gahala salliii sakkuwata ana widihak hadagaththa aka
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජෙප්පෝ එකෙකුටවත් මේවට උත්තර නෑ. වෙන විකාර කියෝනවා. තව එකෙක් "ප්‍රශ්නයක් අහල නෑ" කියල හිතාගෙන සැනසෙනවා. මොකද ජෙප්පන්ට කට ඇරලා තමන්ගේ ප්‍රතිපත්ති කියන්න බැරි? මුන් මාක්ස්වාදී පක්ෂයක්ලු. මාක්ස්වාදයේ කියන "ආගම කියන්නේ අබිං", "ජාතිය කියන්නේ බොරුවක්" වගේ අදහස් ගැන එතකොට මුන් කියන්නේ මොනවද? ජවිපෙට තියෙන්නේ ඒ අදහස්මයි. එත් ඒක කෙළින් කියන්නේ නැතුව ජනතාව ගොනාට අන්දනවා.

    මේ යක්කු කියනවා ඔක්කොටම හේතුව සිංහල ජාතිවාදයලු. දෙමල බෙදුම්වාදීන් මෙච්චර කල් කිව්වෙත් ඔය කතාවම තමයි. සිංහල ජාතිවාදයක් ගැන කියමින් ජවිපෙ අද ඇත්ත ප්‍රශ්නය යටපත් කරනවා.

    ඔය සිහල ජාතිවාදයක් තියෙන බව සහ සිංහලයන් විසින් තමන්ට අසාධාරනකම් කරන බවක් දෙමල දේශපාලකයන් බොරුවට කිව්වත් ඔවුන්ට ඇත්තටම තියෙන්නේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි, බලලෝභය විතරයි. සුද්දෝ මොවුන්ට යටත්විජිත කාලේදී ඉතා අසාධාරණ විදියට සිංහලයන්ට වඩා වැඩි වරප්‍රසාද දුන්නා. (දෙමල ජනතාව කම්කරු වැඩ වලට දකුණු ඉන්දියාවෙන් ගෙනත් පදිංචි කෙරෙව්වෙත් ඉංග්‍රීසින් සහ ලන්දේසීන්). මෙහෙම කරන්න හේතුව ඉංග්‍රීසින්ට මේ දෙමල දෙශපාලාකයන් සිංහලයන්ට වඩා විශ්වාසවන්ත වීම. ඒ උඩරට රජවරුන්ගේ කාලේ පටන් වීර පුරන් අප්පු දක්වා කරපු නිදහස් සටන් එකකදීවත් දෙමල ජනතාව සුද්දන්ට විරුද්ධව සිංහලයන්ගේ පැත්ත නොගැනීම නිසා. සුද්දෝ 1833 ව්‍යවස්ථාදායක සභාවක් පිහිටෙව්වේ සිංහල සහ දෙමල මන්ත්‍රී සංඛ්‍යාව සමාන වෙන විදියට. සුද්දන්ට ඕනේ වුනේ ඔවුන්ට කීකරු දෙමල දේශපාලකයෝ රටේම බලයට පත් කරලා ඔවුන් හරහා සිංහල ජාතිකත්වය (ජාතිවාදය නෙවෙයි, සිංහල සංස්කෘතිය ගැනයි මේ කියන්නේ) දුර්වල කරන්න. 1940 දශකයේදී සර්වජන ඡන්ද බලය ලැබුනම තමන්ට තවදුරටත් මුළු රටේම නායකත්වයට පත් වෙන්න බැරි බව මේ දෙමල දේශපාලකයෝ තේරුම් ගත්ත. මේක නිසා වෙනම රටක් හදාගන්න තමයි ඔවුන් 1949දී බෙදුම්වාදය පටන්ගේත්තේ. ඔය බෙදුම්වාදය තමයි 70 දශකයේදී ආයුධ අරන් ත්‍රස්තවාදයක් බවට පත් වුනේ. මේක පිටිපස්සේ තියෙන්නේ සිංහල ජාතිවාදයක්වත් සිංහලයාගෙන් වෙච්ච වෙන අසාධාරනයක්වත් නෙවෙයි. මේක පිටිපස්සේ ඉන්නේ බලලෝභී දෙමල දේශපාලකයෝ සහ සිංහලයන් දුර්වල කිරීමේ අරමුණින් ඔවුන්ට එදා සිට අද වෙනකල් සහය වුන සුද්දෝ (සහ මෑතක සිට ඉන්දියාව). අද මේ ඇත්ත ප්‍රශ්නය යටපත් කරලා සිංහල ජාතිවාදයක් ගැන කියවන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් බෙදුම්වාදීන්ගේ පැත්තේ තමයි.

    තව විස්තර මේ ත්‍රෙඩ් එකේ තියෙනවා. පුලුවන්නම් මේවා බොරු කියල ඔප්පු කරලා පෙන්නන්න:
    http://www.elakiri.com/forum/showthread.php?t=1691779
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නිදහස දිනාගනිමුද ජයග්‍රහණය පාවාදෙමුද?


    ලංකාවේ සිංහලයන් අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවට අවුරුදු ගානක් තිස්සේ ලෝකයේ ලොකු බොරුවක් ගෙනයනවා. මේ කතාව හැදුවේ ලංකාවේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. මේ බොරුව හදන්න මුල් වුනෙත් අද ඒක ලෝකයට වැඩිපුරම ගෙනියන්නෙත් සුද්දෝ, විශේෂෙයෙන්ම බටහිර රටවල් වල දේශපාලකයෝ සහ සමහර බටහිර විශ්වවිද්‍යාල වල ඇදුරෝ. (එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, නොර්වේ සහ ස්වීඩනය මේ බටහිර රටවල් අතර ප්‍රධානයි). මේ කතාව ඒගොල්ලො ජනමාධ්‍ය, අධ්‍යාපනය වගේ විවිධ ක්‍රම වලින් අපට උගන්වනවා. එමගින් ඔවුන් පිටරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාව (හෙවත් ලන්ඩනයේ කැමරන් බක්කරේගේ ඩයස්පෝරණුව) සහ ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව අවුළුවනවා. ඒ අතරේ බෙදුම්වාදීන්ගේ සියළු ඉල්ලීම් සාධාරණ බවත් වැරදිකාරයා තමන් බවත් සිතීමට සිංහලයාට උගන්වනවා. මේ බොරුව ඉස් මුදුනින් පිළිගත්ත අය තමයි එදා යුද්ධය එපා කියල තවලම් ගියේ, අද රණවිරුවන් සැමරීමට විරුද්ධ වෙන්නේ, “උතුරට බලය බෙදන්න ඕනේ”, “ජනවාර්ගික ප්‍රශ්නය” කියල එකකට “විසඳුමක් දෙන්න ඕනේ” කියල කියන්නේ.

    ලංකාවේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිද්ධ වෙලා තියෙන අසාධාරණය මොකද්ද? මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කියලා ආචාර්ය නලින් ද සිල්වා මහත්තය ඔය සුද්දන්ගේ බොරු කතාව පිළිගත්ත පඬියන්ට අභියෝග කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම කවුරුවත් හරි උත්තරයක් දීල නෑ. මේ අහන්නේ දුප්පත්කම වගේ සිංහල දෙමළ හැමෝටම පොදු වෙච්ච ප්‍රශ්නයක් ගැන නෙවෙයි. දෙමළ විම නිසාම මුහුණ දෙන්න වෙන විශේෂ අසාධාරණයක් ගැන. ඉඩම් මිළදී ගැනීමටවත් ව්‍යාපාර කිරීමටවත් අධ්‍යාපනය ලබාගැනිමටවත් දෙමළ වීම කිසිම බාධාවක් නෙවෙයි. අද ලංකාවේ දෙමළ ජනයාගෙන් 60% ක්ම ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහලයන් සමග. මේ අයටත් තමන්ගේ වැඩකටයුතු කරගන්න කිසිම බාධාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේවත් නැති විදියට බාලාංශයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වා දෙමළ මාධ්‍යයෙන්ම ඉගෙනගැනීමේ අවස්ථාවත් ඒ අයට ලබාදීල තියෙනවා.

    එහෙමනම් සුද්දෝ මොකටද ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනව කියල බොරුවක් ගෙනයමින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ? ලංකාවේ දෙමළ බෙදුම්වාදය පිටිපස්සේ සුද්දෝ ඉන්නෙ අද ඊයේ ඉඳල නෙවෙයි, යටත්විජිත කාලයේ ඉඳන්මයි. දොළොස්වන සියවසට කලින් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබුණ බව දෙමළ ඉතිහාසඥයෙක් වෙච්ච මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහත්තය පෙන්වා දීල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් වලින් ලැබෙන ඔක්කොම පුරාවස්තු සිංහල සහ බෞද්ධ ඒවා වීමෙනුත් මේක සනාථ වෙනවා. මුලින්ම ලන්දේසිනුත් පසුව ඉංග්‍රීසීනුත් තමයි ලංකාවට විශාල වශයෙන් දෙමළ ජනතාව ගෙනත් පදිංචි කෙරෙව්වේ. දකුණු ඉන්දියාවෙන් ඒ අයව ගෙනාවෙ දුම්කොළ වගාවට සහ කම්කරු වැඩ වලට. සිංහලයා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව බොහෝ සටන් කළා, මුලින් උඩරට රජවරුන්ගේ නායකත්වයෙන්, පස්සේ 1818දී කැප්පෙටිපොල නිළමෙගේ නායකත්වයෙන් සහ 1848දී විර පුරන් අප්පු ඇතුළු අයගේ නායකත්වයෙන්. මේ කිසිම සටනකදී දෙමළ ජනතාව සිංහලයන් සමග එකතු වුනේ නෑ. මේ නිසා සුද්දෝ තීරණය කළා දෙමළ ජනතාව යොදාගෙන සිංහලයාත් සිංහල ජාතිකත්වයත් දුර්වල කරන්න. ඔවුන් ඒකට මුලින්ම කළේ දෙමළ දේශපාලකයන් මුළු රටේම නායකත්වයට ගෙන ඒම. රටේ සිංහල ජනගහනය දෙමළ ජනගහනයට වඩා ගොඩක් වැඩි වුණත් ඉතාම අසාධාරණ විදියට සුද්දෝ මේ වැඩේ කළා. ඒක පටන්ගත්තේ 1833දී දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන වෙන විදියට ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකිරීමෙන්. ඒ අතර දෙමළ ජනතාවගෙන් තෝරාගත් පිරිසකට සිංහලයන්ට වඩා බොහෝ වරප්‍රසාද සහ පහසුකම් දුන්නා. මේ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි කතාකරන “ඉහළ” සමාජය තුළ දෙමළ පිරිස සිංහලයන්ට වඩා වැඩි වුණේ.

    1931දී ලංකාවට සර්වජන ඡන්දය ලැබුණම දෙමළ දේශපාලකයො තේරුම් ගත්තා ඔවුන්ට ඉන් ඉදිරියට මුළු රටේම නායකයෝ වෙන්න බැරි බව. එදා ඉඳල තමයි ඒගොල්ලෝ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ. චෙල්වනායගම් මේ ඉල්ලීම පදනම් කරගත්ත “ඉලංකෛ තමිල් අරසු කච්චි” (මේකෙ තේරුම “ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය”) හදාගත්තේ 1949දී (ඔය 1956දී වුණා කියන අසාධාරණකම් වලට ගොඩක් කලින්). චෙල්වනායගම්ලා වෙනම රාජ්‍යයක් ඉල්ලන්න එකම හේතුව ඔවුන්ට ලංකාවේ නායකත්වය ගැනීමට බැරිවීම සහ එතෙක් ලැබුණ විශේෂ වරප්‍රසාද නැතිවීම මිස දෙමළ ජනයාට වෙච්ච අසාධාරණයක් නෙවෙයි. මේ විදියට පටන්ගත්ත දෙමළ බෙදුම්වාදය 1970 දශකයේදී ආයුධ ගත්ත ත්‍රස්තවාදයක් බවට පත් වුනා.

    1948දී අපට නිදහසක් ලැබුණට අධිරාජ්‍යවාදය අද වෙන තුරුත් ඉවර වෙලා නෑ. සුද්දෝ එදා අපේ රටෙන් පිට වුණේ ඔවුන්ට වක්‍රාකාරයෙන් අපේ රට පාලනය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා. සුද්දෝ විතරක් නෙවෙයි ඉන්දියාවත් අපේ රට මත ඔවුන්ගේ බලය පතුරුවන්න, සිංහලයව දුර්වල කරලා ඔවුන්ට යටත් කරලා තියාගන්න යොදාගත්ත ප්‍රධානම ක්‍රම දෙකක් තමයි දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ත්‍රස්තවාදය. ඉන්දිරා ගාන්ධිගේ කාලෙ පටන් ඉන්දියාව ත්‍රස්තවාදයට සල්ලි, ආයුධ සහ පුහුණුව එළිපිටම දුන්නා. සුද්දොත් මේ දේවල් අපට නොදැනෙන්න කරන අතරේ බෙදුම්වාදය වෙනුවෙන් බොරු මතවාද නිර්මාණය කරලා අපට ඉගැන්වුවා. “ප්‍රභාකරන් යුද්ධයෙන් පරද්දන්න බෑ”, “දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා, ඒ නිසා ත්‍රස්තවාදය සාධාරණයි”, “එකම විසඳුම බලය බෙදීමයි” කියල අපට කිව්වා. ඒ අතර හමුදා ක්‍රියාමාර්ග නවත්තල කොටි සමග සාකච්ඡා කරන්න අපේ පාලකයන්ට බල කළා. සුද්දෝ බොරු සටන් විරාම ඇතිකරවලා විවිධ සංවිධාන හරහා කොටින්ට අවශ්‍ය අධිවේගී බෝට්ටු ආදිය ලබාදුන්න හැටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්තය “අධිෂ්ඨානය” පොතේ විස්තර කරලා තියෙනවා. එදා කොටින්ට අධිබල සන්නිවේදන උපකරණ යවන්න නොර්වේ තානාපති කාර්යාලය කෙළින්ම මැදිහත් වුනා.

    අධිරාජ්‍යවාදින්ට අදටත් ඕනෙ ලංකාව වගේ රටවල් ඔවුන්ගේ බලපෑම යටතේ තියාගන්න. මේ බලපෑමෙන් අපි පොඩ්ඩක් හරි මිදෙන්න යන බව දැනුණොත් ඒ අය කෙළින්ම මැදිහත් වෙනවා. ඔවුන් අපව යටකරන්න යොදාගත්ත ප්‍රධාන ක්‍රමයක් වෙච්ච ත්‍රස්තවාදය 2009දී පරාජය වෙන්න යන බව දැනගත්ත වෙලාවේ මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ලා ඇවිත් තර්ජනය කළේ ඒ නිසයි. බටහිරයන් අන්තිම මොහොත දක්වාම අපේ ජයග්‍රහණය වලක්වන්න උත්සාහ කළා. ප්‍රංශයේ මැදිහත් වීමෙන් ත්‍රස්තවාදී නායකයන් බේරාගැනීම සඳහා යුද නැවක් පවා එවන්න ඔවුන් සුදානම් වෙලා හිටියා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු බලපෑම් වලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ වගේම සුද්දන්ගේ බෙදුම්වාදී මතවාද වලට යට නොවී, හමුදා ක්‍රියාමාර්ග වලින් ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන තීරණය ගන්න එතුමාට පුළුවන් වුණා. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකකුට මේ ශක්තිය තිබුණෙ නෑ. 1987දී කොබ්බැකඩුව මහත්තයගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ජයග්‍රහණය අබියසටම ඇවිත් තියෙද්දිත් ඉන්දියාව මේ විදියටම බලපෑම් කරා. JR ජයවර්ධන මහත්තය ඒ බලපෑම් වලට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම පිළිඅරන් ත්‍රස්තවාදයට තව අවුරුදු 20ක් ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒත් 2009දී මොන බලපෑම් ආවත් අපට ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ඒ වෙද්දී ශක්තිමත් රාජ්‍ය නායකයෙක් සිටි නිසාමයි.

    ත්‍රස්තවාදයේ පරාජයත් සමහම මේ බටහිරයෝ පරළ වුණා. ඔවුන්ගේ අණට අකීකරු වුණ මහින්ද මහත්තයගෙනුත් යුද සෙනෙවියන්ගේනුත් පළිගන්න ඔවුන්ට ඕනෙ වුනා. විශාල ප්‍රචාරයක් සමග ඩයස්පෝරණුව අවුළුවමින් යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒ නිසයි (ඇමරිකාව හොරෝෂිමාවේ, වියට්නාමයේ, ඉරාකයේ කළ යුද අපරාධ මොවුන් අමතක කළා). ඒ සමගම ලංකාවේ මානව හිමිකම් කඩ වන බවටත් යහපාලනයක් නැති බවටත් සුදු වෑන් යන බවටත් ලොකු ප්‍රචාරයක් දුන්නා. ඕනෙ තරම් පාට වල වෑන් ලංකාවේ තියෙද්දී මේ අය සුදු වෑන් ගැන කිව්වේ ඇයි? සුද්දෝ “white van” කියන්නේ පිටුපස ජනෙල් නැති, බඩු ගෙනියන වෑන් වලට. මේ වෑන් බටහිර රටවල සමහර නීති විරෝධී වැඩ වලට යොදාගන්නවා. බටහිරයෝ ලංකාවට කොහෙත්ම අදාළ නැති මේ වචනය යොදාගෙන අපේ රටේ අපරාධයක් වෙන බව ලෝකයට ඒත්තු ගැන්වුවා. මුලින් බටහිර රටවලම ගෙන ගිය මේ වගේ ප්‍රචාර පස්සේ ඔවුන්ට ගැති සිංහල දේශපාලකයන් ලවා ලංකාවටත් ගෙනාවා. මේ සියල්ලේ එකම අරමුණ වුනේ සුද්දන්ගේ අණට කීකරු වන දුර්වල පාලකයෙක් පත්කරගෙන අපේ රට අස්ථාවර කරල නැවතත් ත්‍රස්තවාදයට පණ දීම. එහෙම නැතුව අපට යහපාලනයක් දෙන්න ඔවුන්ට ඕනෙ වුණානම් ඔය කියන මානව හිමිකම් ඇත්තටම කඩ වෙච්ච කාල ලංකාවේ මිට කලින් තිබුණා. 1987දී ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑ අය පිටකොටුවේ බෝ ගහ යට වෙඩි තබා මරා දැමුණ වෙලාවේ, “බිල්ලන්” යොදාගෙනකිසිම නඩු විභාගයකින් තොරව තරුණයන් දහස් ගණන් පැහැරගෙන ගොස් වද දුන් කාලයේ මැදිහත් නොවුණ බලවේග 2010න් පස්සේ සිදු වෙච්ච සිදුවීම් කිහිපයක් ඉතා අතිශයෝක්තයෙන් මුළු ලෝකය පුරාම හුවා දැක්වුවා. ලොකුම විහිළුව වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් භීෂණය වපුරපු අයත්, රජය සහ “ප්‍රා” වැනි සංවිධාන හරහා ප්‍රති-භීෂණයක් ගෙනාපු අයත් බැද්දගානේ සංජිව වැනි පාතාල නායකයන් ළඟ තියාගෙන හිටපු අයත් දුෂණ චෝදනා වලට ඇත්තටම උසාවියෙන් වරදකරුවො වෙච්ච අයත් මේ යහපාලන කතාවට නායකත්වය දීම. ජනවාරි 9න් පස්සේ බටහිර දේශපාලකයෝ කරපු කියපු දේවල් වලින් ඔවුන් මේ සියල්ල පසුපස සිටි ආකාරය හොඳින් පෙනුණා.

    ත්‍රස්තවාදය 2009දී පරාජය කෙරුණත් දෙමළ බෙදුම්වාදය තවමත් පවතිනවා. ඒක බොහෝ විට එළියට එන්නේ දෙමළ දේශපාලකයන් සහ ඩයස්පෝරණුව හරහා වුණත් ඔවුන් වෙනුවෙන් පෙනී සිට අපට බලපෑම් කරන්නේ සුද්දෝ. ඔවුන්ගේ අරමුණ සිංහල ජාතිකත්වය නැති කිරීම සහ ඉතාම දුර්වල බටහිර ගැති රටක් විදියට ඊළමක් හදාගෙන එමගින් ලෝකය තුළ බටහිරයන්ගේ බලය තහවුරු කරගැනීම. ඒ නිසා බෙදුම්වාදය පරදවන්න පුළුවන් වෙන්නේ සුද්දන්වත් බෙදුම්වාදින්වත් සතුටු කිරීමෙන් නෙවෙයි, සුද්දන් සහ දෙමළ දේශපාලකයන් විසින් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පමණයි. මේක කරන්න හැකිවෙන්නේ අපි කරපු අනෙක් නිදහස් සටන් වලදි වගේම සිංහල ජාතිකත්වයේ ශක්තිය යොදාගෙන බටහිර බලපෑම් හමුවේ නොසැලී හිඳීමෙන්. (සිංහල ජාතිකත්වය කියන්නේ අවුරුදු 2500කට වඩා කල් නොනැසී ඉන්න අපට උදවු වුන අපේ සංස්කෘතිය මත කටයුතු කිරීම මිස ජාතිවාදයක්වත් සිංහල නොවන අය පාගා දැමිමක්වත් නෙවෙයි). ඒ අතර බෙදුම්වාදය පිටිපස්සේ තියෙන බොරු කතන්දර හෙළිදරව් කර සාමාන්‍ය දෙමළ ජනතාවත් අපේ නිදහස් සටනට එකතු කරගතයුතු වෙනවා.

    මේ වැඩේට එඩිතරව නායකත්වයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. ඒ හැකියාව එතුමා 2009දී ඔප්පු කළා. කොටින්ට ආයුධ දීල ශක්තිමත් කරපු, යුද මෙහෙයුම් නවත්තල රට ප්‍රභාකරන්ට පාවාදීපු එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ බටහිරයන්ගේත් දෙමළ බෙදුම්වාදින්ගේත් දාසයන් විදියට. සිංහලකම ගැන කතාකිරීමත් ජාතිවාදයක් විදියට හුවාදක්වන මොවුන් අද රටේ ඇත්තටම පවතින දෙමළ ජාතිවාදයට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. අද රටේ ප්‍රධානම ප්‍රශ්නය වන බෙදුම්වාදය ගැන කට ඇරලා කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ඔවුන්ගෙ ඔඩොක්කුවවේමයි. මේගොල්ලෝ බලයට ආවොත් කරන්නේ රණවිරුවන්ගේ සියලු ජයග්‍රහණ පාවාදී නැවතත් රට බෙදෙන තැනකට ගෙනයාම. ඒ වගේම 1987දී කරපු විදියටම එයට විරුද්ධ වන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්වල මර්දනය කිරීම. මේ විනාශය වලක්වගන්න අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි 17 වෙනිදා තියෙන මැතිවරණය. අපට බෙදුම්වාදය පරද්දන්න පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය සමග නොසැලී ඉන්න බවට විශ්වාස කරන්න පුළුවන් මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරයි. අද නිවැරදි තීරණයක් ගත්තොත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සියළු උපක්‍රම පරාජය කරලා සැබෑ නිදහස දිනාගන්න අපිට පුළුවන්.

    2015 අගෝස්තු 6*
    [/COLOR]
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.
    හා
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.

    මුන් වෙලාවකට කියනවා කොමියුනිස්ට්වාදය පිලිගන්නවලු. තව වෙලාවකට ධනවාදී ආර්ථිකයක් හදන හැටි ගැන පොරොන්දු දෙනවා. ජාතිකත්වයට "ඉල්ලුමක්" තියෙනවා කියල දැනෙන කාලෙට බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නලා ඡන්ද ගන්නවා. තව කාලෙකට මාක්ස්වාදය අනුව "ජාතිය බොරුවක්", "ඔක්කොම ප්‍රශ්න වලට මුල සිංහලයාගේ ජාතිවාදය කියනවා". ඊට පස්සේ ටික කාලෙකින් ආයේ කම්කරු පන්තිය මතක් වෙනවා.

    මාක්ස්වාදය කියන්නේ කිසිම වලංගුතාවයක් නැති පට්ටපල් බොරුවක්. ඒත් මේ යක්කුනම් කරන්නේ ඒ කසිකබල් මාක්ස්වාදයටත් අපහාසයක්.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන් වෙලාවකට කියනවා කොමියුනිස්ට්වාදය පිලිගන්නවලු. තව වෙලාවකට ධනවාදී ආර්ථිකයක් හදන හැටි ගැන පොරොන්දු දෙනවා. ජාතිකත්වයට "ඉල්ලුමක්" තියෙනවා කියල දැනෙන කාලෙට බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නලා ඡන්ද ගන්නවා. තව කාලෙකට මාක්ස්වාදය අනුව "ජාතිය බොරුවක්", "ඔක්කොම ප්‍රශ්න වලට මුල සිංහලයාගේ ජාතිවාදය කියනවා". ඊට පස්සේ ටික කාලෙකින් ආයේ කම්කරු පන්තිය මතක් වෙනවා.

    මාක්ස්වාදය කියන්නේ කිසිම වලංගුතාවයක් නැති පට්ටපල් බොරුවක්. ඒත් මේ යක්කුනම් කරන්නේ ඒ කසිකබල් මාක්ස්වාදයටත් අපහාසයක්.

    :lol::lol::lol::lol::lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම ජවිපෙ පතන අරමුණු කරන "සමාජවාදය" කියන්නේ මොකද්ද කියල අහල නුලක් දැම්ම. කට්ටිය දාපු අදහස්වලින් ඒගොල්ලොන්ගේ සිහින ලෝකය ගැන අවබෝදයක් ගත්ත. කාටත් නොතේරෙන අරමුණක් කරා, අන්දයන් රැලක් එක පස්සේ එක යනවා වගේ ගමනක් මේක.

    මම දැක්ක ඔය ත්‍රෙඩ් එක. හයියෝ, මේකේ මහා ලොකුවට ජෙප්පොන්ට කඩේ යන එකෙක්වත් ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය වෙච්ච මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. ජෙප්පොන්ගේ කටවල් වලටයි රැවුල් වලටයි රැවටිලා තමයි මුන් ඡන්දේ දෙන්නේ.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මම දැක්ක ඔය ත්‍රෙඩ් එක. හයියෝ, මේකේ මහා ලොකුවට ජෙප්පොන්ට කඩේ යන එකෙක්වත් ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය වෙච්ච මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. ජෙප්පොන්ගේ කටවල් වලටයි රැවුල් වලටයි රැවටිලා තමයි මුන් ඡන්දේ දෙන්නේ.

    Ithin umba danna eke, uuta kiyala deepanko ban, uu danne nethi nisa ahanne.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Ithin umba danna eke, uuta kiyala deepanko ban, uu danne nethi nisa ahanne.

    දැන් මම නෙවෙයිනේ ජෙප්පන්ට කඩේ යන්නේ, මෙතන මාක්ස්වාදය උගන්නන්න. මාක්ස්වාදයේ තියෙන සමහර මූලිකම දේවල් තමයි මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ රතු පාටින් දාල තියෙන්නේ. ඕනෙනම් ආයේ කියන්නම:

    *ජාතිය කියන්නේ බොරුවක්; ආගම කියන්නේ වැඩකට නැති දෙයක්. ඔය දෙකම ඉතිහාසයේදී ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පාගා දැමීමට සාදාගන්නා ලද දේවල් මිස ඔය "ආගම", "ජාතිය" කියන දේවල් වලින් කිසිම යහපත් ප්‍රයෝජනයක් නැත. :lol:

    *"ආගම" සහ "ජාතිය" මහින් කෙරෙන්නේ පන්ති අරගලය යටපත් කොට පන්ති සහයෝගීතාවයක් ඇති කර කම්කරු පන්ති අරගලය පාවාදීමය :lol::lol:


    දැන් ජෙප්පෝ කවදාවත් කියල තියෙනවද උන් දැන් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරලා ඉන්නේ කියල? උන් ඔය කියපු මතවාද පිළිගන්න නිසා තමයි දැන් කියවන්නේ හැම ප්‍රශ්නෙටම හේතුව "සිංහල ජාතිවාදය" කියල. දැන් මුන් ඉන්නෙත් අර "මේක සිංහල රට කියල කොහෙද කියල තියෙන්නේ?" කියල අහපු UNP එකේ මතයේම තමයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ ජෙප්පන්ගෙ ප්‍රතිපත්ති අහන්නෙ මහින්දගෙ ප්‍රතිපත්ති මොනවද කියල දැනගෙනද?:)
    ahh ehema ekak thiyanawada?:lol: sirawata mahindata prathipaththiyak thiyanawada?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ කියල කියන්නේ ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදල නෑ වගේ සරල දෙයක් නෙවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඕනේ කෙනෙකුට හදන්න පුළුවන්.

    ඒගොල්ලෝ මේ ඡන්දෙට ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි ඔය සහනාධාර ලබා ටිකක් දෙන බටහිර ධනවාදී රටක ප්‍රතිපත්ති වලයි පැහැදිලි වෙනසක් නෑ. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි UNP ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි තියෙන්නේ එකම ධනවාදී දර්ශනය. එහෙම තියෙද්දී මේ අය මාක්ස්වාදී පක්ෂයක් විදියට පෙනී ඉන්නවා. කාවද මේ රවට්ටන්නේ?


    මේ පක්ෂය කාලෙන් කාලෙට මාක්ස්වාදයටයි, ජාතිකාත්වයටයි, ධනවාදයටයි ආයේ මාක්ස්වාදයටයි මාරු වෙනවා. පක්ෂයක් පරිණාමය වෙන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෑ. එත් ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ හැම මතවාදයක් උඩම කකුලක් තියාගෙන ඉඳල කාලේ හැටියට වාසි මතවාදයට පනින එක.

    මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්

    ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්

    ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා

    :yes::yes::yes::yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්

    ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා

    Ahh me thiyenne peratugaamiyonge weda..

    අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (14) නියෝග කළාය.
    මෙම පෝස්ටර් වලින් 3688 ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
    මෙලෙස ඇප මත මුදාහැරුනේ පන්නිපිටියේ පදිංචි උදුල් ප්‍රේමරත්න හා හබරාදූවේ සහන් ශ්‍රී කීර්ති නැමැති දෙදෙනාය.
    වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා මෝටර් රථයෙන් මෙම පෝස්ටර් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම්දීමක් මත මරදාන නගරය ආසන්නයේදී මරදාන පොලිසිය මොවුන් දෙදෙනා පෝස්ටර් සමග අත්අඩංගුවට ගෙන ඇත.


    Source: lankadeepa
    den oya umba kiyana honda set ekada me?