මාතෘදාස ලියනගේ මහතා විසින් සම්පාදනය කල "වන්දනා ගාථා, සෙත් පිරිත්, හා සිංහල තේරුම" පොතේ ජ්වර පිරිත අඩංගු වෙනවා. පොත මට ලැබුණා දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන පොත් අලෙවිසලෙන්.
මුලින්ම කියන්න ඕනි මේ මන්තරයක් නම් නෙවෙයි හොඳේ. ජ්වර පිරිත කියන්නෙ අටවිසි බුදුරජාණන්වහන්සේලාගෙ ගුණ සිහිකොට උන්වහන්සේලා පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආනුභාවයෙන්, රෝගීන්ගේ උණ රෝගය සුව කල හැකි පිරිත් සූත්‍රයක්.
හැබැයි ඔබ නව අරහාදී බුදුගුණ වත් නොදන්නා, පන්සිල් වත් නොරකින, අකුසල් කරන්නෙකු නම්, ජ්වර පිරිත කෙතෙක් කිව්වත් ඔබට ඒ හුදෙක් වචන වැලක් පමණක් වේවි.
ඉතින් ඔබ තෙරුවන් සරණ ගිය, සත්පුරුෂ, පින්වතෙකු නම් මේ පිරිතේ බලයෙන් ඔබේ රෝග පීඩා දුරු වී ඔබ සුවපත් වේවා.
තෙරුවන් සරණයි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙම පිරිතෙන් සත් සැරයක් හෝ, ඊට වැඩි වාර ගණනක් තෙල් මතුරා ගෑමෙන්, නූල් බැඳීමන්, කෂාය මතුරා බොන්නට දීමෙන් උණ රෝග සුවපත් වේ. දිනකට 3 වරක් වත් උණ අඩුවන තුරු මෙම පිරිත කීම ගුණදායකය.
තණ්හංකරො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - බුද්ධත්තං සමූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
තණ්හංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
මේධංකරො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
මේධංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සරණංකරො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සරණංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
දීපංකරො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
දීපංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
කොණ්ඩඤ්ඤො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
මංගලො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
මංගල නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සුමනො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සුමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
රෙවතො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
රේවත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සොභිතො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සෝභිත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
අනෝමදස්සී නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
පදුමො නාම සම්බුද්ධො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
පදුම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
නාරදො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
නාරද නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
පදුමුත්තරො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සුමේධො නාම ජිනො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සුමේධ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සුජාතො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සුජාත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
පියදස්සී නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
පියදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
අත්ථදස්සී නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
අත්ථදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
ධම්මදස්සී නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
ධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
තිස්සො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
තිස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
ඵුස්සො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
විපස්සී නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
විපස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
සිඛී නාම ජිනො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
සිඛී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
වෙස්සභු නාම ජිනො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
කුකුසන්දො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
කුකුසඳ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
කෝනාගමනො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
කෝනාගමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
කස්සපො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
කස්සප නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
ගොතමො නාම සම්බුද්ධො - පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං - සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන - පජ්ජරො තෙ විනස්සතු
ගෞතම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.
ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී
ඔබ ධර්මයෙහි පිහිටන්න, එවිට ඔබව ධර්මය විසින් රකිනු ලබන්නේය
තෙරුවන් සරණයි