ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 01

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 01


    පහු ගිය දවස් වල හඳහන් දන්සල එක්ක ටිකක් කාර්යබහුල වුන නිසාත් ඒකෙදි ලැබුන ගොඩක් හොඳ ප්‍රතිචාරත් ඒ වගේම විෂය ඉගෙනගන්න උනන්දුවක් දක්වන පිරිසේ වැඩි වීමක් දැක්ක නිසාත් ජ්‍යොතිෂයේ අලුත්පැත්තක් ගැන කියලා දෙන්න හිතුවා.(අලුත් කියලා කිව්වේ මේ පිලිඹඳව මම මීට පෙර කිසිම ලිපියක් පල කලේ නැති නිසා නැතුව මේක බොහෝ පැරනි හා සාර්ථක ක්‍රමයක්)

    මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ ජෛමිනි කියන සෘශි වරයා මෙතෙක් කල් මා ලිපි පල කලේ පරාෂර හා වරහාමිහිර ආචාරින්ගේ ඉගැන්වීම් උපයෝගී කරගෙනයි. ඉතින් මේක පාඩම් මාලාවක් ලෙස අනෙක් ලිපි අතරේම විටින් විට දාන්න බලාපොරොත්තු වෙනවා..

    මේ ක්‍රමය ඉගෙන ගැනීමේදී මුලින්ම ඔබට රාශි 12 හා ඒවා චර රාශිද ස්තීර රාශිද නැතිනම් උභය (ද්වීගුන.) රාශිද යන වග හඳුනා ගත යුතු වෙනවා.

    චර රාශී
    මේෂ, කටක තුලා හා මකර යන රාශි තමයි චර රාශි වෙන්නේ. රාශි 12න් වඩා බලවත් රාශි ලෙසත් ඇතමෙක් මේ රාශි හඳුන්වනවා. වෙනස් වෙන ගතිය, ඉදිරියට යන ගතිය, අලුත් දේ කරන සිතන ගතිය මේ රාශි වල දකින්නට ලැබෙනවා.

    තිර රාශි
    වෘෂභ, සිංහ, වෘෂ්චික හා කුම්භ කියන රාශි මේ කොටසට අයත්. යමක් අල්ලා ගත් විට එහිම එල්ලි සිටින ගතිය, අදහස් වෙනස් නොකරන ගතිය ආදී දේ මෙහි ප්‍රධාන ලක්ෂන වෙනවා

    උභය රාශි
    ඉතිරි රාශි ටික වෙන මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි උභය රාශි හෙවත් මේ හුන දෙකම තිබෙන රාශි ලෙස සලකනවා.

    පරාෂර ක්‍රමයට අපි ග්‍රහ දෘෂ්ඨි සැලකුවත් ජෛමිනි ක්‍රමයේදී සලකන්නේ රාශි දෘෂ්ඨියි. ග්‍රහ දෘෂ්ඨි ගැන මම කලින් ලිපියක් පල කලා ඔබට මතක ඇති. මතක නැත්තන් හරි මගෑරුනානම් හරි මෙතනින් ගිහින් බලන්න.

    දැන් අපි බලමු ජෛමිනි ක්‍රමයේ රාශි දෘශ්ඨි ගැන.
    මෙය ඉතා සරලයි.

    01.චර රාශි විසින් තිර රාශි දකින අතර තමාගේ එහාපැත්තේ නැත්තන් අල්ලපු තිර රාශිය නොදකී.

    අපි උදා හරනයක් ගමු
    YXCP2Lh.jpg


    මේශ රාශිය චර රාශියක්. වෘෂභය තමයි එයට අල්ලපු තිර රාශිය එතකොට මෙ හඳහන් සටහනේ ඉන්න රවිට ජෛමිනි ක්‍රමයට අනුව පෙනෙන්නේ සිංහ වෘෂ්චික හා කුම්භ යන රාශි.

    එතකොට පරාශර ක්‍රමයට අනුව රවිට තමන් ඉන්න තැන ඉඳලා 03, 07, 10 කියන රාශි පේනවා
    D7Clk9M.jpg


    මේ ක්‍රම දෙකම එකතු කරාම
    OXcS086.jpg

    ඔයාලට පේනවා ඇති තැන් 6කට රවිගේ දෘශ්ඨිය වැටෙනවා මේ නිසා ඔයාලා බලන හඳහන ගැන ගන්න තීරනය නිරවද්‍ය තාවයෙන් වැඩි වෙන්න හේතුවක් වෙනවා.

    02. තිර රාෂි විසින් තමාට අල්ලපු වැටේ තියන චර රාශිය ඇරෙන්න අනික් චර රාශි දකිනවා
    උදාහරනයක් බලමු.
    M6Q7bh9.jpg

    මේකේ කුම්භ රාශියට අල්ලපු වැටේ ඉන්න මකර රාශිය ඇර අනෙක් චර රාශි (මේෂ, කටක, තුලා) පේනවා.

    03. උභය රාශි වලට පේන්නේ උභය රාශිමයි.
    po1WSP2.jpg

    උදාහරනයේ මිථුන රාශියට පෙනෙන්නේ කන්‍යා ධනු හා මීන කියන රාශි.

    ඔන්න පලවෙනි කොටස ඉවරයි. ඔයාලට පුලුවන් තමන්ගේ පවුලේ අයගේ හඳහන් අරන් ජෛමිනි ක්‍රමයට හා පරාශර ක්‍රමයට ග්‍රහ දෘෂ්ඨි වැටෙන විදිහ අධ්‍යයනය කරන්න. ඊලඟ ට කාරක ග්‍රහයන් ගැන ලිපියකින් ඉක්මනින් හමුවෙමු.


    http://tharaka-eli.blogspot.com/2014/05/01.html
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉගනගන්න නම් ආසයි මේවා ගැන. ඒත් ඉතින් මේ හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න බැරි එකනෙ ප්‍රශ්නෙ :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉගනගන්න නම් ආසයි මේවා ගැන. ඒත් ඉතින් මේ හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න බැරි එකනෙ ප්‍රශ්නෙ :)

    ඔයාටනම් එච්චර අමාරු වෙන එකක් නෑ සහෝ. ආසාව තියනවනම් අනිවා මතක හිටිනවා.. අනික කටපාඩමය වඩා තියරිය තේරුම් ගත්තම වැඩේ ලේසියි..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16707602 said:


    චර රාශී
    මේෂ, කටක තුලා හා මකර යන රාශි තමයි චර රාශි වෙන්නේ. රාශි 12න් වඩා බලවත් රාශි ලෙසත් ඇතමෙක් මේ රාශි හඳුන්වනවා. වෙනස් වෙන ගතිය, ඉදිරියට යන ගතිය, අලුත් දේ කරන සිතන ගතිය මේ රාශි වල දකින්නට ලැබෙනවා.
    http://tharaka-eli.blogspot.com/2014/05/01.html

    ඕයේ බේබි...

    10253894_10201701087800517_6621376468786134878_n.jpg
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    එළ එළ වටින ත්‍රෙඩ් එකක් රාළේ. මටත් ආසාවක් තියනව පොඩ්ඩක් මෙව්ව ටිකක් ඉගෙන ගන්න. හොඳ පොතක් එහෙම නැතෑ? :confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උත්සහය අගය කරනවා :)ඒත් මට මෙවා මෙලො දෙයක් තෙරෙන්නෙ නැ:(
    ජයවේවා
    11.gif

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ජ්‍යොතිෂය කියන්නේ ගැබුරු විශයයක්. ලේසිම නෑ මේව ඉගෙන ගන්න. එක කොටුවක් වැරදුනොත් Sorry.com. මෙලො දෙයක් තේරුනේ නැතත් මමත් ආසයි බන් මේවා ගැන ඉගෙන ගන්න. ඒත් ඒකට වෙලාවක් හොයා ගන්න තමයි බැරි. මම උබේ හැම පොස්ට් එකක්ම බුක් මාර්ක් දාගෙන ඉන්නේ. පුලු පුලුවන් වෙලාවට කියවනවා. තෑන්ක්ස් මචන්... රේප් දෙන්න බැරිලුනේ

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.