ජාතක රත්නයෙන් පලාඵල බිඳක්.....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජාතක රත්නයෙන් පලාඵල බිඳක්.....

    ලග්නභාවයෙන් (කේන්දරයේ පළමු කොටුවෙන්) විසඳානු ලබන කරුණු......


    1.
    දේහය රූපයද වරුණේ ද ඤාණය ද
    ජාතිය බලා බලයද හැටි සුබ ව ද
    වාසය දුක සැපය හා වෙරවීරිය ද
    මේසිය ලම ලග්නෙන් දත යුතුය සො ද


    පුද්ගලයාගේ දේහය හා එහි ලක්ෂන අවලක්ෂන ස්වභාවය එමෙන්ම ඤාණයත් , උපන් පවුල් බලය පසුබිම සහ වටපිටාවේ සුභ අසුභ තත්වය ද , ජීවිතයේ ලබන දුක සතුට ජය පරාජයන් සහ ඒ සඳහා ගන්නාවූ ලබන වෙර වීර්ය තත්වයන් යන මේ සියල්ල ලග්න භාවය හෙවත් කේන්ද්‍රයේ පලමු කොටුවෙන් ගත යුතුය.



    2
    පවිටකු සමඟ තනුපති සය අට දොලස
    වැස සිටි කලට අඩුවෙයි ගත සුව පහස
    කෙඳුරෙහි හෝ තෙකොණෙහි සිටියොත් නොලස
    අත්වෙයි උපනුන්ට නිරෝගී සැප වෙසෙස


    පවිටු ග්‍රහයකු සමඟ ලග්නාධිපති සය , අට ,දොලස යන කිනම් හෝ ස්ථානයක සිටි කලට ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙන අතර , කේන්ද්‍රස්ථානයෝ වන 1,4,7,10 හෝ ත්‍රිකෝණස්ථානයක 3,5,9,11 යන තැනක පිහිටියොත් ශරීර සෞඛ‍ය යහපත් වේ.



    3.
    නීච සතුරු අස්තෙට ගියෙද තනුපතී
    රෝග සහිත සිරුරක් උපනුන්ට වෙතී
    කෝණ කෙඳුරේ සුබයන් වැස උනොත් ඉතී
    දේහ සැපය සහ පියකරු බවද ඉතී


    ලග්නාදිපති ග්‍රහයා නීච , සතුරු , අස්තවීම් යන මේ කිනම් ආකාරයෙන් පිහිටියේද ඔහුට පිහිටන්නේ රෝග සහිත සිරුරෙකි.
    කේන්ද්‍රස්ථානයන් වන 1,4,7,10 යන්හි සුබයන් සිටියහොත් දේහ සැපය සහ පියකරු බවද හිමිවන්නේය.


    .
    .
    .
    .
    .
    පසුවට.................
    .
    .